IMG-LOGO

2024 ඔක්තෝබර් මස 11 වන සිකුරාදා


ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ පළමු වටයේදීම පසුබසිති

ලන්ඩනයේදී දැන් පැවැත්වෙන 14 වැනි පැරලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ සහ ක‍්‍රීඩිකාව තමන් සහභාගි වූ ඉසව්වල මූලික වටයෙන්ම පරාජයට පත්වූහ. එසේ වුවත් මලල ක‍්‍රීඩක ප‍්‍රදීප් සංජය පතිරණගේ කෙරෙහි බලාපොරොත්තුවක් තබා ගත හැකි බව ලන්ඩනයට පැමිණ සිටින ශ්‍රී ලංකා පැරලිම්පික් කමිටුවේ සභාපති බි‍්‍රගේඩියර් රජිව් වික‍්‍රමසිංහ මහතා ”ලංකාදීප”යට පැවසීය. ශ්‍රී ලංකා ක‍්‍රීඩක ප‍්‍රදීප් සංජය හෙට (4 වැනිදා) මීටර් 400 පිරිමි එක් අතක් අප‍්‍රාණික ඉසව්වේ මූලික වටයට තරග වදියි. ශ්‍රී ලංකාවේ රෝද පුටු ටෙනිස් ක‍්‍රීඩකයෝ දෙදෙනාත් ඊයේ මූලික වටයෙන්ම පරාජයට පත්වූහ. ගාමිණි දිසානායක ලකුණු 6-4, 6-0 ලෙස පරාජයට පත්වූයේ ප‍්‍රංශයේ ෆ්‍රෙඞ්රික් කැතනියෝටය. දෙවැනි වටයේදී කිසිදු ලකුණක් ලබා නොදී විනාඩි 20 ක් තුළදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයා පරාජය කිරීමට ප‍්‍රංශ ක‍්‍රීඩකයා සමත් විය. ස්පාඤ්ඤ කී‍්‍රඩක ඩැනියල් ආර්සෝලාට ශ්‍රී ලංකා ටෙනිස් ක‍්‍රීඩක උපාලි රාජකරුණා පරාජය වූයේ ලකුණු 6-1, 6-2 කටය. ටෙනිස් (පිරිමි යුගළ) ඉසව් සඳහාද ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ඊයේ තරග වැදීමට නියමිතව සිටියහ. මේ අතර මීටර 200 පිරිමි (අතක් අප‍්‍රාණික) ඉසව්වේ මූලික වටයේදී පරාජයට පත්වූ ප‍්‍රදීප් සංජය පතිරණගේ ක‍්‍රීඩකයන් 20 දෙනකු අතරින් 16 වැනි ස්ථානය ලබා ගත්තේ තත්පර 23.40 කටය. ශ්‍රී ලංකා දුර පැනීමේ ක‍්‍රීඩක දුමීර මධුරංග අල්විස් මීටර 5.56 ක් දුර පනිමින් 9 වැනි ස්ථානය ලබද්දී එම ඉසව්වේ රන් පදක්කම ජර්මනියේ මාර්කස් රියම් දිනා ගත්තේ මීටර 7.35 ක දුරක් පනිමිනි. දුමීර මධුරංග මීටර 200 පිරිමි (අතක් අප‍්‍රාණික) ඉසව්වටද තරග වැදුණු අතර එහිදී ඔහු 18 වැනි ස්ථානයට පත්ව සිටියේය. මීටර 200 මූලික වටයේ හොඳම දක්‍ෂතාවය ප‍්‍රදර්ශනය කළ දකුණු අප‍්‍රිකානු කී‍්‍රඩක ඔස්කා පිස්ටෝරිස් නව ලෝක වාර්තාවක්ද පිහිටුවමින් තරගය තත්පර 21.30 කට නිමා කළේය. ශ්‍රී ලංකා උස පැනීමේ ක‍්‍රීඩක ලෙස්ලි කුමාර ලියනගේ අද සිය ඉසව්වට තරගවැදීමට නියමිතය. වසර 2006 පැවැති පැරා ආසියානු ක‍්‍රීඩා උළෙලේදී ලෝඩක පදක්කමක් දිනා ගැනීම ඔහුගේ මෙතෙක් හොඳම දස්කමයි. ශ්‍රී ලාංකික කී‍්‍රඩිකා අමරා ඉන්දුමතී කරුණාතිලක මීටර 200 කාන්තා (වැලමිටෙන් පහළ අහිමි කාණ්ඩයෙන්) තරග වැදී ක‍්‍රීඩිකාවන් 12 දෙනකු අතරින් 10 වැනි ස්ථානයට පත්වූයේ තත්පර 29.36 කටය. ඒ අනුව මූලික වටයෙන්ම ඇයටත් තරගයෙන් ඉවත් වීමට සිදුවිය. මේ අතර ලන්ඩන් පැරලිම්පික් උළෙලේදී චීනය පෙරමුණ ගනිමින් රන් පදක්කම් 27 ක් දිනා ගනිමින් ඊයේ දිනය නිමාවන විට රටවල් 165 ක් අතරින් ඉහළම දස්කම් දක්වා තිබුණි.



අදහස් (0)

ශ්‍රී ලංකා කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ පළමු වටයේදීම පසුබසිති

හරීන් Tuesday, 04 September 2012 09:29 AM

අපෝ වැඩක් නෑ..(ස)

:       0       0

වරුණ Monday, 03 September 2012 11:19 AM

ක්‍රීඩාව පසු බහිද්දි ක්‍රීඩා නිලධාරීන් පෙරටම....(ස)

:       0       0

චන්ද්‍රසිරි Monday, 03 September 2012 12:54 PM

උසේන් බෝල්ට්ගේ මීටර් 100ට ගත වෙච්ච කාලයයි, පැරා ඔලිම්පික් වල ගත වුණු කාලයයි අතර එච්චර වෙනසක් නැහැ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1451 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


කොළඹට කණ්ඩායම් 50ක් පොරපිටිය
2024 ඔක්තෝබර් මස 11 20 0

මෙවර මහ මැතිවරණයට නාම යෝජනා භාර දුන් එක් පක්ෂයක සහ ස්වාධීන කණ්ඩායම් තුනක ද නාම යෝජනා ප්‍රතික්ෂේප වූ බව කොළඹ තේරීම් බාර නිලධාරී ප්‍රසන්න ගීගනගේ මහතා කො


දිගාමඩුල්ලට කණ්ඩායම් 64ක්
2024 ඔක්තෝබර් මස 11 38 0

2024 පාර්ලිමේන්තු මැතිවරණය සදහා දිගාමඩුල්ල දිස්ත්‍රික්කය වෙනුවෙන් පිලිගත් දේශපාලන පක්ෂ 22 ක් සහ ස්වාධීන කණ්ඩායම් 50 ක් නාම යෝජනා ඉදිරිපත් කළ බව දිගාමඩුල්


අම්මයි - පුතයි දුම්රියට බිලි
2024 ඔක්තෝබර් මස 11 230 0

චීනවරාය මිට්සුයි හන්දිය ආසන්න ප්‍රදේශයේදී මවක් සහ ඇගේ පුතා අද (11) පස්වරුවේ දුම්රියේ ගැටී එම ස්ථානයේදීම මියගිය බව පොලිසිය කියයි.


හිටපු මැති ඇමතිවරු තවත් 17ක් මැතිවරණයට නෑ
2024 ඔක්තෝබර් මස 11 409 0

හිටපු මැති ඇමතිවරුන් තවත් 17 ක් ඉදිරි මහ මැතිවරණයට තරඟ නොකිරීමට තීරණය කර ඇත.


ජාජබ ජාතික ලයිස්තුව
2024 ඔක්තෝබර් මස 11 404 0

2024 මහ මැතිවරණය ජාතික ජන බලවේගයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයන් අද දින ප්‍රසිද්ධියට පත් කර ඇත. එම පිරිස පහතින් දැක්වේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39959 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25929 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 214 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 402 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1293 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site