මැලේසියාවේ ක්වාලාලාම්පුර් නුවරදී දැන් පැවැත්වෙන පළමු මලයාසියානු විවෘත ආබාධිතවුවන්ගේ (පැරා) මලල ක‍්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රන් පදක්කම් 10 ක්, රිදී පදක්කම් 10 ක් සහ ලෝකඩ පදක්කම් 8 ක් දිනා ගැනීමට සමත්ව සිටිති. එළැඹෙන අගෝස්තු මස එංගලන්තයේ ලන්ඩන් නුවරදී පැවැත්වෙන පැරා ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබීමේ අවසන් තරගාවලියද මෙයවේ. මෙම දස්කම් හමුවේ ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් කීපදෙනකුම ලන්ඩන් ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ පරිසාධක මට්ටමට ළගාවී ඇතැයි ද වාර්තාවේ. ප‍්‍රියන්ත කරුණාරත්න, උපාලි රත්නායක, ලාල් පුෂ්පකුමාර, ක‍්‍රිෂ්මන් ප‍්‍රියංකර සහ උදය පුෂ්පකුමාර එම පරිසාධක මට්ටම ඉක්මවා ඇති බවද දැන ගන්නට ඇත. සත්කාරක මැලේසියාව, ශ්‍රී ලංකාව, ඉන්දියාව, වියට්නාමය, මොංගෝලියාව, තායිලන්තය, මියන්මාරය, ජපානය, පිලිපීනය, සිංගප්පුරුව, ඇෆ්ගනිස්තානය සහ බෲනායි යන රටවල් මෙම තරගාවලියට සහභාගිවී සිටියි. තරගාවලියේදී පී. පී. සංජය (අතක් අහිමි මීටර 200, තත්පර 22.9), ඞී. ඩබ්ලිව්. දයානන්ද (දණහිස පහළ අහිමි මීටර 800, වි. 2. තත්. 21. 33), දුමීර මධුරංග (දණහිස පහළ අහිමි දුර පැනීම, මීටර 5.75), අමරා ඉන්දුමතී (අතක් අහිමි මීටර 200 කාන්තා, තත්. 29.54), උදය කුමාර (දණහිස පහළ අහිමි මීටර 100, තත්.12.71, සහ මීටර 200 තත්. 25.09), එස්. එන්. සෙනෙවිරත්න (අතක් අහිමි උස පැනීම, මීටර 1.80), ඒ. එල්. පුෂ්පකුමාර (දණහිස පහළ අහිමි උස පැනීම, මීටර 1.80) එම්.ඩබ්ලිව්. බුද්ධිතිස්ස (දණ හිස පහළ අහිමි, මීටර 100, තත්. 14.67*, ලෙස්ලි කුමාර (දණ හිස ඉහළ අහිමි යගුලිය විසි කිරීම, මීටර 7.73) යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රන් පදක්කම් දිනා ගත්හ. ඞී. එම්. කුමුදු ප‍්‍රියංකා (අතක් අහිමි මීටර 200, කාන්තා තත්.30.84), දුමීර මධුරංග (දණහිස පහළ අහිමි මීටර 200, තත්.25.52), එන්. එස්. රාජකරුණා (දණ හිස ඉහළ අහිමි දුර පැනීම, මීටර 5.72), පී. එල්. එදිරිසිංහ (අතක් අහිමි උස පැනීම, මීටර 1.65), ජී. පී. කරුණාරත්න (දණහිස ඉහළ අහිමි මීටර 200, තත්.30.50), ඒ. යු. පුෂ්පකුමාර (දණහිස පහළ අහිමි යගුලිය විසි කිරීම, මීටර 10.91), එම්. යු. රත්නායක (දණහිස පහළ අහිමි මීටර 800, වි. 2. තත්. 24.59), එස්. හෙට්ටිආරච්චි (දණහිස ඉහළ අහිමි මීටර 100, තත්. 12.43), එම්. හේරත් (රෝද පුටු යගුලිය විසි කිරීම, මීටර 10.24), ඩබ්. උපාලි (දණහිස ඉහළ අහිමි උස පැනීම, මීටර 1.70) යන ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රිදී පදක්කම් දිනා ගත්හ. තරගාවලියේදී එස්. බී. මධුරව (රෝදපුටු කවපෙත්ත විසි කිරීම මීටර 33.31 සහ රෝද පුටු හෙල්ල විසි කිරීම මීටර 32.92), එන්. එස්. රාජකරුණා (දණහිස ඉහළ අහිමි මීටර 100 තත්. 12.71 සහ දණහිස ඉහළ අහිමි මීටර 200 තත්.26.98), පී. පුෂ්පකුමාර (අතක් අහිමි මීටර 100 තත්.12.01 සහ අතක් අහිමි මීටර 200 තත්.24.74), ලෙස්ලි කුමාර (දණහිස පහළ අහිමි උස පැනීම, මීටර 1.50) ඩබ්. බුද්ධිතිස්ස (දණහිස ඉහළ අහිමි මීටර 100, තත්. 14.67) යන ක‍්‍රීඩකයෝ ලෝකඩ පදක්කම් හිමිකර ගත්හ. ඩබ්ලිව්. දයානන්ද, පී. පී. සංජය, උදය කුමාර සහ එම්. යු. රත්නායක යන ක‍්‍රීඩකයෝ ආසියානු තරග වාර්තා පිහිටුවීමට ද සමත්වුහ. තරගාවලිය මේ මස 28 වැනිදා දක්වා පැවැත්වේ.
එප්පාවල ලංකා පොස්පේට් සමාගමට අයත් රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000 ක් අපනයනය කිරීමෙන් රජයට රුපියල් මිලියන 2700 ක් පමණ පාඩු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්
ශ්‍රී ලංකාවේ කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය සහ වියට්නාමයේ කර්මාන්ත හා වෙළෙඳ අමාත්‍යාංශය අතර යන්ත්‍රෝපකරණ නිෂ්පාදන සහයෝගීතාව පිළිබඳ
කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ආයතනයන්හි විෂය පථයන් යටතට ගැනෙන පනත් සංශෝධනය කිරීම සංශෝධනය කිරීමට කැබිනට් අනුමැති
රාජ්‍ය වාණිජ ව්‍යාපාර කළමනාකරණ පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
රුපියල් කෝටි ගණනක වාහන වංචා සම්බන්ධයෙන් අවශ්‍ය කරන සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහාය පතන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය කියයි
රුපියල් කෝටි හතකට අධික රාජ්‍ය මුදලක් වංචා කිරීමේ සිද්ධියක් සම්බන්‍ධයෙන් සබරගමු පළාත් සභාවේ හිටපු ලේකම්වරයකු සහ සබරගමු පළාත් මාර්ග අමාත්‍යාංශයේ හිට
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශ්‍රී ලංකා ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවෝ රන් පදක්කම් 10 ක් දිනති