ආසියානු පළමු කොටසේ රග්බි තරගාවලියේ සත්කාරක ශ්‍රී ලංකා පිල සහ කසකස්තානය අතර අවසන් මහ තරගය හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදී අද (06) පස්වරු 4.00 සිට පැවැත්වේ. මෙය ලීග් තරගාවලියක් වීම නිසා ප‍්‍රසාද ලකුණු සටහනේ පළමු ස්ථානය හිමිකර ගන්නා කණ්ඩායමට ආසියානු ප‍්‍රමුඛතම තරගාවලියට උසස්වීමේ අවස්ථාව උදාවේ.
ශ්‍රී ලංකාව මේ වන විට සහභාගි වූ තරග දෙකම ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා සිටියි. කසකස්තානය තරගයක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 7 ක් හිමිකරගෙන තිබේ.
ශ්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු 12 ක් ලබා සිටීම නිසා මෙම තරගයෙන් පරාජයට පත්වුවද ප‍්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ආරක්‍ෂා කරගැනීමේ අවස්ථාව තිබේ. ඒ සඳහා ශ්‍රී ලංකා පිල ලකුණු පරතරය ලකුණු 7 කට අඩුවෙන් තබාගත යුතුය. නැතහොත් උත්සාහක දිනුම් 4 ක් සිය ලකුණු සංඛ්‍යාවට එක්කරගත යුතුය. එසේ වුවහොත් ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 13 ක් බවට පත්ව පළමු ස්ථානය රැකගත හැකිය.
තායිලන්තය තරගයක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 6 ක් ද, චීන තායිපේ තරග දෙකම පරාජයට පත්ව ප‍්‍රසාද ලකුණු 2 ක් ද ලබා සිටියි. තායිලන්තය සහ චීන තායිපේ අතර තරගය අද පස්වරු 2.00 සිට හැව්ලොක්ස් ක‍්‍රීඩාංගණයේදීම පැවැත්වේ.
ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.
දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ
ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සහ වර්ධනය සඳහා ණය ප්‍රතිව්‍යුහගතකරණ ක්‍රියාවලිය වෙනුවෙන් පූර්ණ සහාය ලබා දෙන බව මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කී. සෙන්හොංග් (Qi
කැනඩා රටේ රැකියා ලබා දෙන බවට පවසමින් තරුණ තරුණියන්ගෙන් මුදල් ලබාගෙන රුපියල් කෝටි පහකට අධික ප්‍රමාණයක් වංචා කළේ ඇයි කියන මිනුවන්ගොඩ ආනන්ද වෛද්‍යරත්න
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්‍රික් මහතා (Andrew Patrick) අද (02) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු විය.
ඉදිරි මහ මැතිවරණයට ගෑස් සිලින්ඩරය හෝ අලියා ලකුණු දෙකෙන් එකක් තෝරා ගෙන තරඟ කිරීම සඳහා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී එකඟතාවයකට පැමිණි බව එ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශී‍්‍ර ලංකා - කසක්ස්තාන් අවසන් තරගය අද