අසාර්ථක ඉනිම තුනක් අමතක කර දැමූ ශී‍්‍ර ලංකා පිතිකරුවෝ තමන්ගේ ගෞරවය රැකගැනීමේ අභියෝගය බාර ගනිමින් මහනුවර, පල්ලෙකැළේ කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් පරාජය නොවී සිටීමේ සටනට පිවිස සිටිති. තරගයේ සිවුවැනි දිනය වූ ඊයේ (11 වැනිදා) සවස පැවැති අයහපත් ආලෝකය නිසා කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ දෙකකට ලකුණු 223 ක් ලබා සිටියේය. ඕස්ටේ‍්‍රලියානු පිලට වඩා ලකුණු 237 ක් පසුපසින් සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ ශී‍්‍ර ලංකා කණ්ඩායම තවමත් ඕස්ටේ‍්‍රලියානුවන්ට වඩා ලකුණු 14 ක් පසුපසින් සිටී. පළමු කඩුල්ල වෙනුවෙන් අගනා ලකුණු 81 ක සම්බන්ධතාවක් ගොඩනැංවීමෙන් පසු තිලකරත්න ඩිල්ෂාන් දැවී ගියේ ඉතාමත් අපරීක්‍ෂාකාරී පහරකිනි. ඩිල්ෂාන්ගේ මෙම දැවීයාම ශී‍්‍ර ලංකා කඳවුර සසළ කරන්නක් වුවද අගනා අර්ධ ශතකයක් ලබාගත් තරංග පරණවිතානත්, තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක අඛණ්ඩ සම්බන්ධතාවක් ගොඩනැංවූ කුමාර් සංගක්කාර (නොදැවී 69) සහ මහේල ජයවර්ධන (38) දෙදෙනාත්, එක්ව ඕස්ටේ‍්‍රලියානු පන්දු යවන්නන්ගේ ඔද තෙද බිඳ දමමින් ශී‍්‍ර ලංකා පිතිකරුවන්ට කලකින් සොයාගත නොහැකිව තිබූ විශ්වාසනීයත්වය නැවතත් කී‍්‍රඩකයන්ගේ කාමරයටම ගෙනැවිත් දුන්හ. කෙසේ වෙතත් ඊයේ සවස කුමාර් සංගක්කාර පවසා සිටියේ අද පෙරවරුවේදී දෙවැනි නව පන්දුව ලබාගැනීමට ඕස්ටේ‍්‍රලියානු නායකයා සූදානමින් සිටින බවත් ‘දෙවැනි නව පන්දුවත් සමග ගනුදෙනුව’ වාසිදායක ආකාරයෙන් බේරා ගැනීමට ලැබුණහොත් පමණක් මෙම ඉනිම්දී පිතිකරුවන් වශයෙන් තමන් සාර්ථක යැයි හැඳින්විය හැකි බවත්ය. ඊයේ තම 35 වැනි ටෙස්ට් අර්ධ ශතකය ලබාගත් සංගක්කාර පන්දු 158 කට මුහුණ දෙමින් ලකුණු 69 ක් ලබාගත්තේ හතරේ පහර 8 කින් එය සරසමිනි. සෙනසුරාදා දිනයේදී ඕස්ටේ‍්‍රලියාව වෙනුවෙන් ඉතාමත් විශිෂ්ට පිතිහරඹයක නිරත වූ මයිකල් හසී (142) සහ ෂෝන් මාෂ් (141) ශී‍්‍ර ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර පැවැත්වෙන වෝන් - මුරලිදරන් තරගාවලියේ සිවුවැනි කඩුල්ලේ වාර්තාගත සම්බන්ධතාව තමන් සතුකරගත්තා පමණක් නොව, තරගයේ පාලනයද ඕස්ටේ‍්‍රලියානු පිලට හිමිකර දුන්හ. සිය මංගල ටෙස්ට් තරගයේදීම ශතකයක් ලබාගත් 19 වැනි ඕස්ටේ‍්‍රලියානුවා බවට පත්වූ ෂෝන් මාෂ් ස්වීප් පහරකින් ලකුණු දෙකක් කරා දිවයද්දී ඔහුට ටෙස්ට් හිස්වැස්ම පිරිනැමූ ඕස්ටේ‍්‍රලියානු පිලේ හිටපු ආරම්භක පිතිකරු ජෙෆ් මාෂ් (ෂෝන්ගේ පියා) පේ‍්‍රක්‍ෂකාගාරයේ සිට අත්පොළසන් දෙමින් නැගී සිටියේය. ෂෝන්ගේ පෙම්වතිය වන අමන්දා සහ ඔහුගේ හොඳම මිතුරා වන පෝල්ද ජෙෆ් මාෂ් මහතා සමග සිටියේය. කිසිදු පැකිළීමකින් තොරවම සිවුවැනි දිනය ආරම්භ වීමටත් පෙර තම ඉනිම අත්හිටවූ ඕස්ටේ‍්‍රලියානුවෝ පන්දුවට පහර දීමේ අවස්ථාව ශී‍්‍ර ලංකා පිලට බාර කළ අතර ඕස්ටේ‍්‍රලියානු බලාපොරොත්තු බිඳ දමමින් ශී‍්‍ර ලංකා පිල ඊයේ දිනය පුරාම පන්දුවට පහර දුන්නේය. අද තරගයේ අවසන් දිනය වන අතර අද දිනය පුරා ඕවර 98 ක් යැවිය යුතුය.
පස්සර බිබිල මාර්ගයේ 13 කනුව ප්‍රදේශයේ දී මාර්ගය ට විශාල ගල්පර්වත පස්කදු කඩා වැටීමෙන් දින හතක් පුරා වසා දමා තිබූ පස්සර බිබිල මාර්ගය රථ වාහන ධාවනය සදහා යල
රනිල් ලේසියෙන් කාගේවත් ප්‍රාණ ඇපකාරයෙක් කරගන්න පුළුවන් යැයි සිතීම විහිළුවක් බව හිටපු අමාත්‍ය වෛද්‍ය රාජ්‍ය සේනාරත්න මහතා මාධ්‍ය හමුවකදී අද (24)පැවසීය.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධකර ගැනීම සදහා නව දුරකතන අංකයක් හදුන්වාදී ඇත.
රුපියල් අසූ නව ලක්ෂ අනූ හත් දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට ගෙනැවිත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින
යාපනය නල්ලූර් ප්‍රදේශයේ පිහිටි නිවසකින් රුපියල් එක්කෝටි පනස්ලක්ෂයකට ආසන්න වටිනාකමින් යුතු මුදල් හා රණ් භාණ්ඩ තොගයක් කොල්ලකෑමේ සිද්ධියක් සමබන්ධයෙන
මහ කන්නයේ කුඹුරු වැඩ ආරම්භ වි මඩ වැඩ අවසන් වෙමින් පවතියද හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවල ගොවීන්ට තවමත් සහනාධාර පොහොර මුදල් නොලැබී ඇති බව ගො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශී‍්‍ර ලංකා පිතිකරුවෝ සටනට බසිති