IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට මැලේසියාවේදී අන්ත පරාජයක්

ක්වාලාලාම්පූර් නුවරදී පැවැති සුහද පාපන්දු තරඟයකදී මලයාසියාව විසින් ගෝල 6-0 ක් වශයෙන් ශ්‍රී ලංකාව පරාජය කරන ලදී. ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ප‍්‍රතිසංවිධාන රැුසකින් පසුව සහභාගි වූ පළමු විදේශීය තරග සංචාරය මෙයයි. ශ්‍රී ලංකාව ලද මෙම පරාජය ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ දැඩි කණස්සල්ලට හේතු වී තිබේ. වසර ගණනාවක්ම ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු වශයෙන් කටයුතු කළ කොරියානු ජාතික පාපන්දු පුහුණුකරු ජංග් ජුංග් මහතා පසුගිය වසරේ දෙසැම්බර් මස නවදිල්ලියේදී පැවැති සාක් පරාජයෙන් පසු ශ්‍රී ලංකා දකුණු ආසියානු තරගාවලියේ සේවයෙන් සමු ගත්තේය. මෙතෙක් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ නායකයා ලෙස කටයුතු කළ රෝහණ රුවන්තිලක ද එම ධුරයෙන් ඉවත් කැරුණි. ඒ අනුව මාස හයකට පසු වෙනස්කම් කිහිපයකින් පසුව නව නායක ඊ.බී. චන්නගේ හා නව පුහුණුකරු සම්පත් පෙරේරා මහතා යටතේ ශ්‍රී ලංකා පිලේ මලයාසියානු තරග සංචාරය ආරම්භ විය. මලයාසියාව හමුවේ ලද මෙම පරාජයත් සමග ලෝක පාපන්දු ශ්‍රේණිගතකිරීම් අනුව 186 වැනි ස්ථානයේ සිටි ශ්‍රී ලංකාව තවත් පහළට වැටෙනු ඇතැයි වාර්තාවේ. මෙම තරගයේ පළමු අර්ධයේදී මලයාසියාව ගෝල 2-0 කට පෙරමුණ ගනිමින් දස්කම් දැක්විය. වත්මන් ක‍්‍රීඩා ඇමැති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගේ විවේචනයට ලක්ව තිබෙන ජාතික ක‍්‍රීඩා සංගමයක් බවට පත්ව ඇති පාපන්දු සම්මේලනයේ සභාපතිවරයා වන්නේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතාය. මීට පෙර ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉවත්කර සිටි දැල් රකින්නන් දෙදෙනකු යළිත් ශ්‍රී ලංකා පිලට කැඳවමින් මෙම තරග සංචාරයට සහභාගි කර ගත් බවද වාර්තාවේ. ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම මැයි 13 වැනිදා ආරම්භ වන පලස්තීන සහයෝගිතා පාපන්දු තරඟාවලියට හා, ‘ජෙඩා’ නගරයේදී ආරම්භ වන ඔලිම්පික් සුදුසුකම් ලබාගැනීමේ තරග වටයට සහභාගි වීමට ද සූදානමින් සිටියි.



අදහස් (0)

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමට මැලේසියාවේදී අන්ත පරාජයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 579 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site