IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවන් ගෙදර යවයි

ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවන් හා කළමණාකරුවන්ගේ සේවය අවසන් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කර ඇතැයි වාර්තාවේ.
ප‍්‍රධාන පුහුණුකරු සම්පත් පෙරේරා, සහය පුහුණුකරු ඩඞ්ලි ස්ටෙන්වෝල්, දැල්රකින්නන්ගේ පුහුණුකරු ලලිත් වීරසිංහ සහ කළමණාකරු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත වික‍්‍රමසිංහ යන මහත්වරුන්ගේ සේවය ඒ අනුව අවසන් කර තිබේ.
නාවලපිටියේදී පැවැති ‘මහින්ද රාජපක්‍ෂ’ සිවුකොන් පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද පසුබෑම සැළකිල්ලට ගනිමින් මෙතැන් සිට පුහුණුකරුවන්ගේ සේවය අවසන් කර ඇතැයි ‘ලංකාදීප’ යට වාර්තා වේ.
ඒ වෙනුවෙන් ලබන ජනවාරි මාසයේ සිට ශ්‍රී ලංකා කණ්ඩායමේ ප‍්‍රධාන පුහුණුකරු ලෙස ෆකීර් අලි මහතාත්, සහය පුහුණුකරු ලෙස ඞී. චන්ද්‍රසිරි මහතාත්, තාවකාලිකව පත්කිරීමට යෝජනා වී ඇතැයි පාපන්දු සම්මේලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එහිදී දැල්රකින්නන් පුහුණුකරුගේ කාර්යයන් තාවකාලිකව චන්ද්‍රසිරි මහතාට පැවරෙනු ඇත. මහින්ද රාජපක්‍ෂ සිවුකොන් පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකාවෙන් වයස 23 න් පහළ කණ්ඩායමක් සහභාගි විය.
කෙසේවුවත් ලබන මාර්තු මාසයේදී පැවැත්වෙන ආසියානු ශූරතා පාපන්දු තරගාවලිය ඉලක්කය කරගනිමින් නව ජාතික පාපන්දු පුහුණු සංචිතයක් කැඳවන අතර ඒ සඳහා ක‍්‍රීඩා අමාත්‍යංශයේ සම්බන්ධීරණයෙන් කැඳවූ 30 දෙනකුගෙන් සමන්විත පාපන්දු සංචිතය ද කැඳවනු ලබයි.
‘මහින්ද රාජපක්‍ෂ’ සිවුකොන් පාපන්දු තරගාවලියේදී ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම ලද පසුබෑම ගැන සම්මේලනයේ තාක්‍ෂණික කමිටුව සකස් කළ වාර්තාවෙන් පුහුණුකරුගේ කාර්යභාරය විවේචනයට ලක්කර ඇතැයි කියති.
ශ්‍රී ලංකා පිලේ පුහුණුකරුවන්ගේ සහ කළමණාකරුවන්ගේ සේවය අවසන් කිරීමේ ලිපි නිකුත් කිරීමට මේ වන විටත් පාපන්දු සම්මේලනයේ විධායක නිලධාරී ක‍්‍රිෂාන්ත පෙරේරා මහතා කටයුතු කර ඇතැයි ද ආරංචි මාර්ග හෙළි කරයි.
මාර්තු ආසියානු තරග සංචාරයේදී ශ්‍රී ලංකා පිලට විදේශිය පුහුණුකරුවකුගේ සේවය අනිවාර්යෙන්ම ලබාගැනීමට තීරණයකර ඇති බවත් වාර්තාවේ.
මහින්ද රාජපක්‍ෂ සිවුකොන් තරගාවලියේදී ලද පසුබෑම හමුවේ පාපන්දු සම්මේලනයේ එළඹෙන විධායක සභා රැුස්වීම ඉතා උණුසුම් මුහුණුවරක් ගනු ඇතැයි වාර්තාවේ.



අදහස් (0)

ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායමේ පුහුණුකරුවන් ගෙදර යවයි

අවිනාශ් Friday, 28 December 2012 01:28 PM

දිගම 20/20 ගහන්න. ලංකාවේ ක්‍රිකට් දියුණු වෙන්නේ එතකොටනේ. (නි)

:       0       0

අහමඩ් Friday, 28 December 2012 01:38 PM

මුස්ලිම් ක්‍රීඩකයින්ටත් අවස්ථාවක් දී ජාතික කණ්ඩායමක් හදා බලන්න යැයි මම යෝජනා කරනවා. (නි)

:       0       0

හිෆාස් Saturday, 29 December 2012 02:01 PM

අහමඩ් , එහෙම කරන්නේ කොහොමද , වැරදි මත වලට එන්න එපා..... මම මෙහෙම යෝජනාවක් ගේනවා , සියළුම ජාතික තලයේ ක්‍රීඩකයන්ව වෘතිමය ක්‍රීඩකයන් කල යුතුයි. අද හුගක් දෙනාට රැකියා නැහැ. ඉතිං ක්‍රීඩකයෝ බයෙන් ගහන්නේ. 100% ගහන්නේ නැහැ. (ස)

:       0       0

රියාස් Friday, 28 December 2012 12:07 PM

කරුණාකරලා ක්‍රීඩාවට දේශපාලනය ගාවා ගන්න එපා. මෙම තරගයේ ජය පැරදුමට පුහුණුකරුවන් හේතු වන්නේ නැහැ. ජය පැරදුම සම සේ බෙදාගනිමු. දැනට ලංකාවේ ඉන්න හොදම පුහුණුකරුවන් මොවුන්ය. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 25 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 55 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 87 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 638 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 545 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 743 1

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site