IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ශ්‍රී ලංකා පාපන්දු සංචිතය විසුරුවා හරී

සාක් තරග පරාජයෙන් පසු ජාතික පාපන්දු සංචිතය විසුරුවා හැරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය පියවර ගෙන තිබේ. එහි ප‍්‍රධාන උපදේශක ලෙස කටයුතු කළ කොරියානු ජාතික පාපන්දු පුහුණුකරු ජංග් ජුංග් මහතා පසුගිය සිකුරාදා (16) ශ්‍රී ලංකාවේ සේවයෙන් සමුගෙන දිවයිනෙන් පිටත්ව ගිය බව වාර්තා වේ. වසර 2006 දී ශ්‍රී ලංකාවේ සේවයට පැමිණි ජංග් ජුංග් මහතාගේ පුහුණු කිරීම් සමගින් ශ්‍රී ලංකා පාපන්දු කණ්ඩායම වසර 2006 කොළඹ දී පැවැති 10 වැනි සාක් ක‍්‍රීඩා උළෙලේ පාපන්දු රිදී පදක්කම හිමි කර ගත්තේය. විසුරුවා හරින ලද ජාතික පාපන්දු සංචිතය ක‍්‍රීඩකයන් 20 දෙනකුගෙන් සමන්විත වූ අතර ජංග් ජුංග් මහතාට අමතරව එහි සහය පුහුණුකරුවෝ දෙදෙනෙක් ද කටයුතු කළහ. නවදිල්ලි නුවර දී නිමාවට පත්වූ සාක් පාපන්දු තරගාවලියේ දී මූලික වටයෙන්ම පරාජයට පත්වූ ශ්‍රී ලංකාවට එහිදී ජයගත හැකිවූයේ භූතානයට එරෙහිව තරගය පමණි. මෙම තරග පරාජය ගැන නවදිල්ලි නුවර දී ශ්‍රී ලංකා මාධ්‍ය වෙත අදහස් දැක්වූ ජංග් ජුංග් මහතා පැවසුවේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පසුපෙළ ක‍්‍රීඩකයන්ගේ දුර්වලතා සාක් තරග පරාජයට හේතු වූ බවයි. අන්තර්ජාතික තරග අත්දැකීම් නොතිබූ නවක ක‍්‍රීඩකයන් බහුතරයක් කණ්ඩායමට ඇතුළත්වීම ද මෙවර තරගාවලියේදී ශ්‍රී ලංකාව ලද පසුබෑමට හේතු වූ බව ඔහුගේ අදහස විය. නවදිල්ලි පරජයත් සමග කොරියානු පුහුණුකරුගේ සේවය අවසන් කිරීමට ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය තීරණය කළේය. ඔහුගේ ගිවිසුම් කාලය මෙම දෙසැම්බර් මාසයේ දී අවසන් වීමට ද නියමිතව තිබුණි. මේ අතර ලබන වසරේ දී ශ්‍රී ලංකාවට ප‍්‍රධාන පෙලේ අන්තර්ජාතික තරග කිසිවක් නොමැති බැවින් ද ජාතික පාපන්දු සංචිතයේ නව තේරීම් ප‍්‍රමාද වනු ඇතැයි ද වාර්තා වේ. ජංග් ජුංග්ගෙන් හිස් වූ පුහුණුකරු ධුරයට සුදුස්සෙක් තවමත් යෝජනා වී නොමැති අතර ඒ සඳහා පත්කර ගන්නේ විදේශීය පුහුණුකරුවකු ද දේශීය පුහුණුකරුවෙකු ද යන්න පිළිබඳවත් පාපන්දු සම්මේලනය අවසන් තීරණයක් ගෙන නොමැති බව පාපන්දු සම්මේලන කළමනාකාර මණ්ඩලයේ සභාපති මනිලාල් ප‍්‍රනාන්දු මහතා ”ලංකාදීප”ය කළ විමසුමක දී පැවසීය. සාක් පාපන්දු තරගාවලියට සහභාගි වන විට ශ්‍රී ලංකාව ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව 177 වැනි ස්ථානයේ පසු විය. එහෙත් දිල්ලි තරගාවලියේ පරාජයත් සමග එය තවත් පසුපසට යනු ඇතැයි ද වාර්තා වේ. දකුණු ආසියානු පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව කලාපයේ රටවල් අට අතරේ ශ්‍රී ලංකාව පසුවන්නේ හත් වැනි ස්ථානයේය. වසර 2011 ට ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතයේ සංවර්ධන කටයුතු සඳහා රුපියල් මිලියන 10 කට අධික මුදලක් වැය කළ බව ද පාපන්දු සම්මේලනය අනාවරණය කරයි. සාක් තරගාවලියට පෙර ජාතික පාපන්දු කණ්ඩායම ඩුබායි නුවර පැවැති පුහුණු තරග සංචාරයකට ද සහභාගි විය. මේ අතර පාපන්දු සම්මේලනයේ ඉහළ පෙළේ නිලධාරියෙකුට එල්ලවී තිබෙන චෝදනාවක් වන්නේ පුහුණු සංචිතයේ ඇතැම් දීමනා කපා දැමීමට පියවර ගැනීමෙන් ක‍්‍රීඩකයන් අධෛර්යට පත් වූ බවයි. සාක් තරගාවලිය දිනාගතහොත් පමණක් ඒ ගැන කතා කරමු යයි ඔහු ඒ ගැන විමසූ ක‍්‍රීඩකයන්ට ප‍්‍රකාශ කළ බවත් වාර්තා වේ.



අදහස් (0)

ශ්‍රී ලංකා පාපන්දු සංචිතය විසුරුවා හරී

හිල්මි Monday, 19 December 2011 10:12 AM

පාපන්දු සම්මේලන කළමනාකාර මණ්ඩලයේ සභාපතිත් යනවද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අර්චුනාට අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග
2025 අප්‍රේල් මස 22 36 0

රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්


පුංචි ඡන්ද අපෙක්ෂකයෝ පැරේ වැඩ නවතති
2025 අප්‍රේල් මස 22 152 0

හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා


’’ඉන්සියුලින් හිඟයක් නැහැ’’
2025 අප්‍රේල් මස 22 144 1

ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය


චීන මහජන කොංග්‍රස් ලොක්කෝ කතානායක හමුවෙති
2025 අප්‍රේල් මස 22 107 0

චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්


දළදා වන්දනාවට අද දිනයේ බැතිමතුන් ලක්ෂ තුන පනී
2025 අප්‍රේල් මස 22 168 0

සිරි දළඳා වන්දනාවේ පස් වැනි දිනය වූ අද දින ද මහනුවර නගරයට අති විශාල ජන ගඟක් ගලා මුළු නගරය පමණක් නොව අවට මාර්ගය නගරයෙන් පිට ප්‍රදේශ සැදැහැවතුන්ගෙන් පිරී


කටුනායක වෙඩිල්ලේ තොරතුරු එළියට
2025 අප්‍රේල් මස 22 2594 5

කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යය‍ේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 573 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 304 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 457 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site