IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ශී‍්‍ර ලංකා පිලට කඩුලූ 2 ක තියුණු ජයක්

සිය 12 වැනි එක්දින අන්තර්ජාතික ශතකය ලබාගත් කුමාර් සංගක්කාර (102) සහ ළහිරු තිරිමාන්න (69) එක්ව ජොහැන්නස්බර්ග් නුවරදී ඊයේ (22 වැනිදා) දකුණු අපි‍්‍රකාවට එරෙහිව පැවැති පස්වැනි සහ අවසන් එක්දින තරගාවලියේදී කඩුලූ දෙකක තියුණු ජයක් කරා යාමට ශී‍්‍ර ලංකා පිලට පාර කපා දුන්හ. ශී‍්‍ර ලංකා පිල පිටම දෙවැනි තරගයත් ජයගත් නමුත් එක්දින තරගාවලිය 3-2 ක් ලෙසින් ජයගැනීමට දකුණු අපි‍්‍රකානුවෝ සමත් වූහ. ලකුණු 313 අසීරු ඉලක්කයක් පසුපස හඹා ගිය ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවක් ඉතිරිව තිබියදී ජයටැඹ පසුකර ගියේය. ජයග‍්‍රහණයට ලකුණු 38 ක් මෑතින් සිටියදී සංගක්කාර දැවී යාම නිසා කළබල වූ ශී‍්‍ර ලංකා පිලේ කඩුලූ හතරක් ලකුණු 30 කදී දැවී ගිය අතර සචිත‍්‍ර සේනානායකගේ හයේ පහරින් ශී‍්‍ර ලංකා පිල ජයගත්තේය. පන්දු 97 කදී ලකුණු 102 ක් ලබාගත් කුමාර් සංගක්කාර සිය ඉනිම හතරේ පහර 10 කින් අලංකාර කරද්දී සංගක්කාර සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 100 ක් එක්කළ ළහිරු තිරිමාන්න, පන්දු 63 කදී ලකුණු 69 ක් ලබාගනිමින් ශී‍්‍ර ලංකා ඉනිම සවිමත් කළේය. පිටියට පිවිසි සැණෙකින් දුටු වැසි වළාකුළු සමූහයේ තර්ජනයෙන් බියපත් ඩිල්ෂාන් සහ උපුල් තරංග දෙදෙනා දකුණු අපි‍්‍රකානු පන්දු යවන්නන්ට හැරුණු හැරුණු අතේ පහර දෙමින්  ඕවර 7 කදී ලකුණු 57 ක් උදුරාගත්හ. ශී‍්‍ර ලංකා පිතිකරුවන්ගේ ලකුණු දඩයමට බාධා කළ වර්ෂාව හේතුවෙන් තරගය පැයක පමණ කාලයක් දීර්ඝ කරන ලද නමුත්  ඕවර අඩු නොකෙරිණ. එබැවින් තරගය නිමා වන විට රාත‍්‍රී 7 පසුවී තිබිණ. මෙම තරගාවලියේ තුන්වැනි අර්ධ ශතකය පෙනි පෙනී තිබියදී, උපුල් තරංග දැවී ගියේ දකුණු අපි‍්‍රකානුවන්ගේ තවත් අති විශිෂ්ට පන්දු රැකීමකිනි. එක්ස්ට‍්‍රා කවර්ස් කලාපයට ඉහළින් ගැසූ හයේ පහරක් සහ හතරේ පහර 7 ක්ද සමගින්, පන්දු 39 කින් ලකුණු 46 ක් ලබාගත් තරංග ගැසූ පහරකින් පන්දුව ගුවනේ ඉගිළ ගියේය. ඒ පසුපස දිවගිය ඩූමිනි, අඩි දෙකක් පමණ ඉදිරියට පනිමින් උඩපන්දුව ඩැහැගත්තේය. ගේ‍්‍රඒම් ස්මිත් (125) සහ ඒ.බී. ඩිවිලියර්ස් (නොදැවී 125) දෙදෙනාම ශතක ලබාගැනීම නිසා නියමිත  ඕවර 50 නිමා වන විට දකුණු අපි‍්‍රකානු කණ්ඩායම කඩුලූ 4 ක් දැවී ලකුණු 312 ක් ලබාගත්තේය. මෙම පිතිකරුවන් දෙදෙනා එක්ව තුන්වැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැංවූ  ලකුණු 186 ක සම්බන්ධතාව ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර එක්දින තරග වල වාර්තාවක් ද වෙයි. දකුණු අපි‍්‍රකානු ඉනිමේ නැංගුරම බවට පත්වූ ස්මිත්, සචිත‍්‍ර සේරසිංහගේ පන්ද හමුවේ මිඩි විකට් කලාපයට ඉහළින් හයේ පහර හතරක්ම ගැසූ නමුත්,  අනවශ්‍ය පහර කරා නොයමින් ප‍්‍රවේසමෙන් ලකුණු ලබාගනිද්දී ඔහුගේ සහායක පිතිකරුවෝ කි‍්‍රකට් පොතේ නැති පහර පවා ගසමින් ලකුණු සොයා ගියහ. විනඩි 203 ක් පුරා පිටියේ රැුඳුනු හිටපු නායකයා පන්දු 143 කට මුහුණ දෙමින් හතරේ පහර 9 ක් ද සිය ඉනිමට ඇතුළත් කළේය. වොන්ඩරස් පිටියේදී සිය වැඩිම එක්දින ලකුණු සංඛ්‍යාව ලබාගත් ස්මිත් එය ශී‍්‍ර ලංකා පිලට එරෙහිව තමන් ලබාගත් වැඩිම එක්දින ලකුණු සංඛ්‍යව බවටද පරිවර්තනය කළේය. ස්මිත් එක්දින ශතකයක් ලබාගත්තේ තරග 35 කට පසුව වන අතර එක්දින පිටියේදී අසාර්ථක වීම නිසා දැඩි විවේචනයට ලක්ව සිටි අතර සිය විවේචකයන්ට පිත්තෙන් පිළිතුරු දුන්නේය. මේ අතර ඒ.බී. ඩිවිලියර්ස් හැකි සෑම අවස්ථාවකිදීම ලකුණු සොයා ගියේ තමාට සිතුණු සිතුණු ආකාරයේ පහර ගසමිනි. පන්දු 98 කට මුහුණ දුන් ඩිවිලියර්ස්, කිම්බර්ලි තරගයේදී (96) ලබාගත නොහැකි වූ ශතකය ඊයේ ලබාගත්තේය. ඔහුගේ ඉනිම හතරේ පහර 10 කින් සහ හයේ පහර 4 කින් සමන්විත විය. පිතිකරුවන් සිය ප‍්‍රහාරාත්මක පන්දු  ඕවර ඉල්ලා සිටීමට පොරතුව, හොඳ පන්දු යැවීමක යෙදුණු රංගන හේරත් සහ සචිත‍්‍ර සේනානායක දෙදෙනා එක්ව, ඒ වන විට යවන ලද  ඕවර 11 දී දකුණු අපි‍්‍රකානුවන්ට ලබාගැනීමට අවසර දුන්නේ ලකුණු 45 ක් පමණි. එහෙත් 32 වැනි  ඕවරයේදී ප‍්‍රහාරාත්මක  ඕවර ඉල්ලා සිටි දකුණු අපි‍්‍රකානුවෝ අවසන්  ඕවර 10 ලකුණු 109 ක් උදුරා ගනිමින් ලකුණු 300 කඩයිම පසකළහ. කාසියේ වාසිය දිනාගත් ශී‍්‍ර ලංකා නායකයා පළමුවෙන්ම පන්දු යැවීමට තෝරා ගත් අතර මෙම තරගය සඳහාත් ජයග‍්‍රාහී කිම්බර්ලි තරගයේ කණ්ඩායමම කැඳවා තිබිණ. කුමාර් සංගක්කාර සහ ළහිරු සිරිමාන්න ලකුණක් කරා දිවයමින්



අදහස් (0)

ශී‍්‍ර ලංකා පිලට කඩුලූ 2 ක තියුණු ජයක්

අසංක Wednesday, 25 January 2012 12:56 PM

උං තාම හිතන්නේ අපි තවමත් පොඩි උං කියලා

:       0       0

කුමාර් Monday, 23 January 2012 11:36 AM

ඊළග තරගාවලියට අපෙන් සුබ පැතුම්

:       0       0

හාසික් Monday, 23 January 2012 11:47 AM

තියුණු ජයක් නොවෙයි කඩුළු හයක විශිෂ්ට ජයක් වෙන්න තිබුන අපේ අන්තිමට ආපු අය ඉක්මණට තරඟය අවසන් කරන්න උත්සාහ නොගත්තා නම්. හැමෝම බැලුවේ 6 ක් ගහල තරගය අවසන් කරන්න. අවසානයේදී අවස්ථාව තිබුනේ තම පළමු පන්දුවට පහරදීමේ අවස්ථාව ලැබුණු සචිත්‍ර සේනානායකට..

:       0       0

මහේෂ් Wednesday, 25 January 2012 08:48 PM

ලංකා අවසන් තරගදෙක හොදටකරා ජය වේවා.

:       0       0

අතපත්තු Monday, 23 January 2012 01:29 PM

සචිත්‍රගේ පහර මිළ කළ හැකි ද? සිංහ පුතුන්ට, සුභ අනාගතයක්

:       0       0

ජයසේන Monday, 23 January 2012 02:24 PM

සුබ පැතුම් කොල්ලනි

:       0       0

නිෂාන් Monday, 23 January 2012 02:28 PM

අපිට ක්‍රීඩා කරන්න බැහැ කියන්නේ කවුරුද? අවසන් තරග දෙකේම 300 ලකුණු ඉලක්කය දින්නා. දැන් කවුරුත් නැද්ද අපේ කොල්ලන්ට බණින්න

:       0       0

මංජුල ප්‍රියාන් Monday, 23 January 2012 02:40 PM

අපේ කණ්ඩායම අනර්ඝයි. ඉතා හොද පිතිකරණයක්. මේ ආකාරයෙන්ම ඊළග තරගාවලියටත් ක්‍රීඩා කරන්න කියා සුබ පතනවා. මෙය ක්‍රිකට් දේශපාලඥයන්ට හොද පිළිතුරක්

:       0       0

ක්‍රිෂාන් විතාන Monday, 23 January 2012 04:27 PM

ශ්‍රී ලංකා ජයග්‍රහණය වෙනුවෙන් කැපවූ සියලුම ක්‍රීඩකයන්ට මාගේ සමාචාරය. ජයවේවා

:       0       0

දිනේෂ් Monday, 23 January 2012 08:22 PM

අපේ කණ්ඩායමේ පෙරගමනට සුබ පැතුම් වෙනත් රටක ජීවත් වන අපට හරිම ආඩම්බරයි. අපේ ක්‍රිකට් කණ්ඩායම ගැන ඉදිරියටම යන්න සුබ පතමු

:       0       0

ජයලත් තිරිකාවල Monday, 23 January 2012 09:11 PM

දැන් තමයි නියම කණ්ඩායමක් තෝරලා තියෙන්නේ මහේලගේ තැනට තිරිමාන්න ක්‍රීඩා කරපු එක හොදයි.

:       0       0

ගුනේ Monday, 23 January 2012 10:34 PM

කවුරු නායකයා වුවත් ශ්‍රී ලංකා නාමය රැකගත යුතුය

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්ද පත්‍රිකාවේ ෆොටෝ ගහන්න ගිහින් මාට්ටු
2024 සැප්තැම්බර් මස 21 226 0

මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත සුමනාරාම විහාරස්ථානයේ ඡන්ද මධ්‍යස්ථානයේදි තම ඡන්ද පත්‍රිකාව යාරූපගත ගතකල පුද්ගලයෙකු අද(21) උදැසන අත් අඩංගුවට ගත් බව ගා


ඡන්දෙන් පස්සේ ’’චණ්ඩි පාට්’’ දැම්මොත් වැඩ වරදී
2024 සැප්තැම්බර් මස 21 244 0

ජනාධිපතිවරණයෙන් පසු සති දෙකක් යනතුරු රට පුරා පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව දැඩි සීරුවෙන් තැබීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණ


බීමතින් ඡන්දපෙට්ටි අරන් ගිහින්
2024 සැප්තැම්බර් මස 21 354 0

කෑගල්ල දිස්ත්‍රික් ඡන්ද පත්‍රිකා බෙදා හැරි ස්ථානයේ සිට දැරණියගල ආසන්නව ඇහැලියගොඩ පොලිස් බල ප්‍රදේශයට අයත් ඡන්ද පෙට්ට් සහ කාර්ය මණ්ඩලය රැගෙන ගිය වෑන


ඡන්ද මධ්‍යස්ථානයක යකා නැටු කාර්යාල සහායක අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 21 847 0

මැතිවරණ රාජකාරිවලට සම්බන්ධ කාර්යාලීය කාර්ය සහායෙකයෙකු මැතිවරණ රාජකාරි කටයුතු වලට බාධා වන අන්දමින් හැසිරිම හේතුවෙන් අත්අඩංගුවට ගත් බව නාඋල පොලිසිය


’’මැකෝ’’ මහ ඡන්දෙටත් සූදානම්
2024 සැප්තැම්බර් මස 21 375 0

නව ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් මහ මැතිවරණය පැවැත්වීම සඳහා සූදානමින් සිටින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දිස්ත්‍රික් තේරීම්


තැනින් තැන අදත් වැසි
2024 සැප්තැම්බර් මස 21 10 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇති වන අතර ඇතැම් ප්‍රදේශවලට මි.මී. 50 ක පමණ තරමක තද වැසි ඇත


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14563 15

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 152 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 97 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 139 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site