IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ශී‍්‍ර ලංකා පිලට ලකුණු 28 ක ජයක්

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය මෙහෙයවන දේශිය තුන්කොන් ක‍්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් ශ්‍රී ලංකා පිල සහ ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල අතර මහනුවර පල්ලෙකැළේ ක‍්‍රීඩාංගණයේදී අද (12 වැනිදා) පැවැති තරගයේදී දිනේෂ් චන්දිමාල්ගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා පිල ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 28 ක ජයක් ලැබීය.

ලකුණු 278 ක ජයග‍්‍රාහි ඉලක්කයක් හඹාගිය ශ්‍රී ලංකා ඉනිමේ 36 වැනි  ඕවරයේදී වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා තරගය අත්හිටුවීමට සිදුවිය. ඒ වන විට ශ්‍රී ලංකා පිල  ඕවර 35.1 කදී කඩුලූ 3 ක් දැවී ලකුණු 195 ක් ලබා සිටියේය. අපේක්‍ෂිත ඉලක්කය වූයේ ලකුණු 168 කි.

ශ්‍රී ලංකා පිල වෙනුවෙන් ළහිරු තිරිමාන්න පන්දු 94 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහරක් සමගින් නොදැවී ලකුණු 82 ක් රැස් කිරීමට සමත් විය. නායක දිනේෂ් චන්දිමාල් පන්දු 63 කදී ලකුණු 52 ක් රැස් කළේය.  

පළමුව පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ඒකාබද්ධ පිල වෙනුවෙන් ජෙහාන් මුබාරක් (79) සහ මහේල උඩවත්ත (63) අර්ධ ශතක රැස්කිරීමට සමත් වූහ.

සම්පූර්ණ ලකුණු පුවරුව

ශී‍්‍ර ලංකා ඒකාබද්ධ කණ්ඩායම

දිමුත් කරුණාරත්න - ක.මු. කළා ප. හේරත්    49    
මහේල උඩවත්ත - ක.මු. කළා ප. හේරත්    63
කෞෂාල් සිල්වා - ඇ. ජයසූරිය ප. හේරත්     7
ජෙහාන් මුබාරක් - ප. වෙළගෙදර    79    
සචිත‍්‍ර සේරසිංහ - ප. හේරත්    17    
චතුරංග ද සිල්වා - ඇ. වෙළගෙදර ප. කුලසේකර    42
දිල්හාර ලොකුහෙට්ටිගේ - ප. කුලසේකර     4
මාලිංග බණ්ඩාර - නොදැවී     0
අතිරේක    16
එකතුව  ඕවර 50 කදී කඩුලූ 7ක් දැවී                       277

කඩුලු වැටීම :
1-111, 2-123, 3-128, 4-175, 5-260, 6-277, 7-277
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ :
ලහිරු ගමගේ, මදුර ලක්මාල්, අකිල ධනංජය
පන්දු යැවීම :
නුවන් කුලසේකර : 10-0-65-2, චානක වෙළගෙදර : 8-0-41-1, ෆර්විස් මහරුෆ් : 5-0-28-0, ශෙහාන් ජයසූරිය : 8-0-36-0, ශමින්ද එරංග : 9-0-60-0, රංගන හේරත් : 10-0-34-4


ශී‍්‍ර ලංකා කණ්ඩායම් ඉනිම

ශෙහාන් ජයසූරිය - ඇ. සිල්වා ප. ලොකුහෙට්ටිගේ      6    
උපුල් තරංග - දුවද්දි දැවී ගියා                   3
ලහිරු තිරිමාන්න - නොදැවී                 82
දිනේෂ් චන්දිමාල් - ප. වෙළගෙදර             52
තිළිණ කණ්ඩම්බි - නොදැවී                 34
අතිරේක                             18
එකතුව  ඕවර 35.1 කදී කඩුලූ 3ක් දැවී            195
කඩුලු වැටීම :
1-7, 2-11, 3-135
පන්දුවට පහර නොදුන් ක‍්‍රීඩකයෝ :
චාමර කපුගෙදර, නුවන් කුලසේකර, ෆර්විස් මහරුෆ්, ශාමින්ද එරංග , චානක වෙළගෙදර, රංගන හේරත්
පන්දු යැවීම :
දිල්හාර ලොකුහෙට්ටිගේ : 7.1-0-27-1, මදුර ලක්මාල් : 7-0-36-1, ජෙහාන් මුබාරක් : 3-0-26-0,
සචිත‍්‍ර සේරසිංහ : 5-0-25-0, ලහිරු ගමගේ : 3-0-11-0, මාලිංග බණ්ඩාර : 4-0-32-0, අකිල ධනංජය : 6-0-28-0

 



අදහස් (0)

ශී‍්‍ර ලංකා පිලට ලකුණු 28 ක ජයක්

මධුරංග Monday, 13 May 2013 08:37 AM

ලහිරු තිරිමාන්න,දිනේෂ් චන්දිමාල්,කුලේ,රංගන ඔබලාගෙ දක්ෂතාවය ගැන අපිට ගොඩාක් ආඩම්බරයි. ඒ වගේම මුදලට යට නොවී මේ වෙලාවෙ රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම ගැන ලොකු සතුටක් ඇතිවෙනවා. චන්දි ඔයාට හොද අනාගතයක් තියෙනවා. අර්ජුනගේ අඩි පාරෙ යන ඔබට හොද නායකයෙක් වී දිගු ගමනක් යා හැකියි. (නි)

:       0       0

සරසි Monday, 13 May 2013 10:05 AM

අනේ මෙහෙම කෑදර ක්‍රීඩකයො ටිකක්. (නි)

:       0       0

සමීර සාලින්ද Monday, 13 May 2013 04:27 PM

අපිට හොද කණ්ඩායමක් තිබෙනවා. අපිට චැම්පියන් කුසලානය දිනන්න පුළුවන් (නි)

:       0       0

අරුණ Monday, 13 May 2013 11:45 AM

දිනේෂ් තරමක් තමන් ගැන ඉහල තක්සේරුවක් ඉන්න නිසා පිතිකරණය තමන් විසින්ම දුර්වල කරගන්නා ස්වබාවයක් තිබෙනවා යැයි මට හැගේ. ක්‍රිස් ගේල්ව ආදර්ශයට ගන්න (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 1581 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 266 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන හෙට (01) දින ජාත්‍ය


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 4478 1

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 476 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 629 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 2183 3

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38256 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25200 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 852 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site