ශ්‍රී ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර ඩර්බන්හිදී පැවැති දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ලකුණු 208 ක ජයක් ලැබූහ. තරගයේ සිවුවැනි දිනය වු ඊයේ (29) ජයග්‍රහණය සඳහා ලකුණු 450 ක ඉලක්කය හඹාගිය දකුණු අප්‍රිකානු දෙවැනි ඉනිම ලකුණු 241 කට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ. ශ්‍රී ලංකා ජයග්‍රහණයත් සමග තරග තුනකින් සමන්විත ටෙස්ට් තරගාවලිය 1-1 ක් ලෙස සම තත්ත්වයට පත්විය. දකුණු අප්‍රිකාවේ ටෙස්ට් සංචාර හතරකට සහභාගි වූ ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකාවේදී ලැබූ පළමු ටෙස්ට් ජය මෙය වේ. මෙම ජයග්‍රහණය ශ්‍රී ලංකා පිල මාස 17 කට පසුව ලැබූ ටෙස්ට් ජයග්‍රහණය වීම කැපී පෙනේ. ශ්‍රී ලංකාව අවසන් වරට 2010 වසරේ ජූලි මස 18 වැනිදා ඉන්දියාවට එරෙහිව ගාල්ලේදී ටෙස්ට් තරගය ජය ලැබීමෙන් අනතුරුව ටෙස්ට් තරග 15 කදී ජය ලැබීමට අපොහොසත් වූ අතර තරග පහක් පරාජයට පත්විය. මෙය ශ්‍රී ලංකා පිල මවුබිමෙන් පිටදී වසර තුනකට අසන්න කාලයකට පසුව ලැබූ ටෙස්ට් ජය ද වේ. ශ්‍රී ලංකාව 2009 වසරේ ජනවාරි මස බංග්ලාදේශයට එරෙහිව චිතගොන්හිදී අවසන් වරට විදේශයකදී ජය ලබා සිටියේය. මෙම වසරේ අපේ‍්‍රල් මස අවසන් වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසුව තිලකරත්න ඩිල්ෂාන් නායකත්වයට පත්ව ටෙස්ට් තරගාවලි තුනක පරාජයෙන් පසුව ලැබූ පළමු ජය මෙය වේ. රංගන හේරත් විශිෂ්ට පන්දු යැවීමක නිරත වෙමින් දෙවැනි ඉනිමේදී ලකුණු 79 කට කඩුලූ පහක් සමගින් ඉනිම දෙකේදී 128 කට කඩුලූ නවයක් දවා ගනිමින් තරගයේ වීරයා සම්මාන හිමිකර ගත්තේය. දකුණු අප්‍රිකානු පිලේ ප්රබලතම පිතිකරුවන් හය දෙනාම ලකුණු 133 කට දැවී යෑමෙන් පසු ඒ. බී. ඩිවිලියර්ස් සහ ඬේල් ස්ටේන් එකතුව හත්වැනි කඩුල්ල සඳහා ලකුණු 99 සම්බන්ධතාවක් පවත්වමින් තරගය පස්වැනි දිනය දක්වා රැගෙන යෑමට අව්‍යශ පසුබිම සකස් කිරීමට සමත් වූහ. ඩිවිලියර්ස්ගේ සහ ස්ටේන්ගේ උත්සාහය සුණුවිසුණු කළ රංගන හේරත් සිවුවැනි දිනයේ අවසන් ඕවරයේ පළමු සහ තෙවැනි පන්දුවලදී අවසන් කඩුලූ දෙකම දවා ගනිමින් දිනක විවේකයක් ගෙන දෙමින් ජයග්‍රහණයේ නියමුවා බවට පත්විය. තෙවැනි දිනය අවසන් වන විට කඩුලූ හතක් දැවී ලකුණු 256 ක් ලබා සිටි ශ්‍රී ලංකා පිල ලකුණු 279 ක සීමා විය. දකුණු අප්‍රිකාව ලකුණු 450 ක ඉලක්කය සම්පූර්ණ කළේ නම් සිවුවැනි ඉනිමේදී වැඩිම ලකුණු සංඛ්‍යාවක් හඹාගොස් ජය ලැබූ කණ්ඩායම ලෙස ලෝක වාර්තාවක් පිහිටුවීමේ අවස්ථාව තිබුණි. බටහිර ඉන්දීය කොදෙව් පිල 2003 වසරේ මැයි මස 13 වැනිදා ඇන්ටිගුවාහිදී ඕස්ටේ්රලියාවට එරෙහිව සිවුවැනි ඉනිමේදී ලකුණු 418 ක් රැස්කරමින් කඩුලූ තුනක ජයක් ලබමින් සිවුවැනි ඉනිමේදී වැඩිම ජයග්රාහි ලෝක වාර්තාවට හිමිකම් කියයි. දෙරට අතර තෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය ජනවාරි මස 3 වැනිදා කේප් ටවුන්හිදී ආරම්භ වේ.
උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලංකා පිල ලකුණු 208 කින් දකුණු අප්‍රිකාව පරාජය කරයි
ලෙස්ලි Friday, 30 December 2011 02:09 PM
දකුණු අප්‍රිකාවේ නායකයාට හොද පිළිතුරක්
ලහිරු පද්මපෙරුම Friday, 30 December 2011 02:17 PM
අපිට ඕනා ගොඩාක් දිනන්න. ඒක නිසා කණ්ඩායමට ලොකු වගකීමක් තිබෙනවා. ඔවුන් අනිවාර්යෙන්ම ඊළග තරගයත් ජයග්‍රහණය කරයි
සේනක Friday, 30 December 2011 04:26 PM
අත අරින්න එපා...
a.d.p priyadarshana Friday, 30 December 2011 09:14 PM
රංගනගේ පන්දු රංගනය මරු
lakshitha Saturday, 31 December 2011 06:50 AM
කලකට පස්සේ දිනුවා.. ඉදිරියටත් දිනන්න ලැබේවා......
ජයශාන්ත Saturday, 31 December 2011 10:03 AM
හරිම හොඳයි
අස්ලම් Saturday, 31 December 2011 10:22 AM
අපේ සුභපැතුම් කණ්ඩායමේ සියලුම දෙනාට. ඊළඟ එකටත් එසේමයි.
චාමර Saturday, 31 December 2011 05:34 PM
හොඳයි