IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ශී‍්‍ර ලංකා පිලේ සුබවාදී වෙනස්කම් තිබෙනවා

පුහුණුකරුවා සහ නායකයා හදිසියේම ඉවත්ව ගිය නමුත් කණ්ඩායමේ සුබවාදී වෙනස්කම් දැකිය හැකි බව ශී‍්‍ර ලංකා කණ්ඩායමේ නායක මහේල ජයවර්ධන පවසයි. සිය නායකත්වයේ දෙවැනි ඉනිම ඇරඹූ මහේල ජයවර්ධන විසින් මෙහෙයවන ලද ශී‍්‍ර ලංකා කණ්ඩායම පෙරේදා (8 වැනිදා) පර්ත් නුවරදී ඉන්දියාවට එරෙහිව සහභාගි වූ තුන්කොන් එක්දින තරගයේදී ඉන්දියාව හමුවේ කඩුලූ 4 ක පරාජයක් ලැබීය. මේ වන විට 34 හැවිරිදි වියේ සිටින මහේල ජයවර්ධන පවසන්නේ නව පුහුණුකරුවා වන ග‍්‍රැහැම් ෆෝඞ් යටතේ, ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමට වඩාත් සාර්ථක අනාගතයක් නිර්මාණය කිරීම සඳහා තමන් කැපවී සිටින බවයි. අපේ සිතිවිලි දහරාව, කී‍්‍රඩකයන් වැඩි වගකීමක් ගැනීම වැනි කණ්ඩායම ඇතුළේ ඇතිකළ යුතු සමහර දේවල් සම්බන්ධයෙන් අප  ඕස්ටේ‍්‍රලියාවට පැමිණියාට පසුව සාකච්ඡා වට කිහිපයක්ම කළා” අද වන විටත් ඒවායේ ප‍්‍රතිඵල දකින්න පුළුවන් වුණා. තරගයක් දිනන්න ඔවුන් තුළ තිබූ උනන්දුව වගේම ඔවුන්ගේ ආකල්ප ඉතාම හොඳයි” යයි පෙරේදා තරගයෙන් අනතුරුව මහේල ජයවර්ධන පැවසීය. බොහෝ විට අපේ අතින් වැරදි කිහිපයක් වුණා. කොහොම වුණත් එය හොඳ තරගයක්” සමස්තයක් වශයෙන් ඒ ගැන මට සතුටුයි” යයිද මහේල වැඩිදුරටත් පැවසීය. කොමන්වෙල්ත් බැංකු කුසලාන තුන්කොන් තරගාවලියේදී ශී‍්‍ර ලංකාව සහ  ඕස්ටේ‍්‍රලියාව අතර තරගය අද (10 වැනිදා) පර්ත් නුවරදී පැවැත්වේ. මහේල ජයවර්ධන පවසන්නේ  ඕස්ටේ‍්‍රලියානු පිල පරාජය කිරිමට ශී‍්‍ර ලංකා පිලට හැකියාව ඇති බවයි ඔවුන්ගේ ශක්තිමත් කම් වගේම අපේ ශක්තිය කුමක්ද කියන්නත් අප දන්නවා. අප මෙතැනදී වඩාත් බුද්ධිමත් වෙන්න  ඕනෑ” යයි මහේල පැවසීය.



අදහස් (0)

ශී‍්‍ර ලංකා පිලේ සුබවාදී වෙනස්කම් තිබෙනවා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව ඇමැති මණ්ඩලය
2024 සැප්තැම්බර් මස 24 1492 0

නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.


අමාත්‍යංශ ලේකම්වරු 17ක් පත් කෙරෙති
2024 සැප්තැම්බර් මස 24 1980 0

ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.


පොලිස් සහතිකයක් දෙන්න අල්ලස් ගත් සැරයන් රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 24 468 0

අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය


ජනපති හෙට ජාතිය අමතයි
2024 සැප්තැම්බර් මස 24 3086 0

ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.


එජාප සන්ධානයට පොහොට්ටුව නෑ
2024 සැප්තැම්බර් මස 24 2503 0

එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක


සජසයේ අගමැති අපේක්ෂක සජිත්
2024 සැප්තැම්බර් මස 24 1828 0

ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 34722 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24022 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 160 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 487 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 218 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site