IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකා මජ්ලිස් කටාර් සංගමයේ 15 වැනි වාර්ෂික සම්මන්ත්‍රණය දෝහා මැරියට් හෝටලයේදී

13325734_949495818496282_8938952018523638325_n

13346470_949496541829543_4140260027354643911_n

13346928_949496401829557_8022364586389140378_n

markets

 

 

ශ්‍රී ලංකා මජ්ලිස් කටාර් සංගමයේ 15 වැනි වාර්ෂික සම්මන්ත්‍රණය පසුගියදා දෝහා මැරියට් හෝටලයේදී පැවැත්වුණි. මෙවර සම්මන්ත්‍රණයේ තේමාව වූයේ “ජීවත සාරවත් කරමු” යන්නයි.


හෆීස් හුසායිර් ෆික්රෙත් විසින් සුරාහ් අර් රහ්මාන් පාඨ කියැවීමෙන් අනතුරුව සම්මන්ත්‍රණය ආරම්භ වූ අතර පැමිණ සිටි සියලු දෙනා මවිතයට පත්කරමින් ශ්‍රී ලංකාවේ සුප්‍රකට රූපවාහිනි නිවේදකයකු වන ෆයිසාල් බොංග්සෝ විසින් නිවේදන කටයුතු සිදුකළේය.


ඉන් අනතුරුව පැමිණ සිටි සියලු දෙනාව පිළිගනිමින් කතා කළ ශ්‍රී ලංකා මජ්ලිස් කටාර් සංගමයේ සභාපති හසීම් හම්සා මහතා පසුගිය වසර 15 ක කාලය තුළ අත්පත් කරගත් ජයග්‍රහණ සහ අනාගත දැක්ම ගැන පැමිණ සිටි පිරිස දැනුම්වත් කළේය.


මෙවර සම්මන්ත්‍රණයේ ප්‍රධාන ආරාධිතයා ලෙසින් සහභාගි වූ ශ්‍රී ලංකාවේ කටාර් තානාපති මහාචාර්ය ඩබ්ලිව්. එම්. කරුණාදාස මහතා පැමිණ සිට පිරිස අමතමින් ශ්‍රී ලංකා මජ්ලිස් කටාර් සංගමයේ කාර්ය භාරය අගය කළේය. එසේම ශ්‍රී ලංකා මජ්ලිස් කටාර් සංගමය කිසිදු ජාති ආගම් බේදයක් නොසළකා වෘත්තියභාවකින් යුතුව සෑම ප්‍රජාවක් සමගම සහයෝගයෙන් කටයුතු කිරීම ගැන සිය ප්‍රශංසාව පුද කළේය.


මෙවර සම්මන්ත්‍රණයේ ප්‍රධාන කථිකයා වූයේ ඉන්දීය ජාතික ලේඛකයකු මෙන්ම නායකත්ව පුහුණු උපදේශකයකුද වන ෂෙයික් මිර්සා යාවාර් බායිජ් ය. ඔහු “ජීවිත සාරවත් කරමු” යන මැයෙන් සිය දේශනය ඉදිරිපත් කළේය.


පැමිණ සිටි පිරිස ඇමැතූ ඔරීඩු සමාගමේ ප්‍රජා සම්බන්ධතා ජ්‍යෙෂ්ඨ කළමනාකාරීනි මනාර් කාලීෆා අල් මුරායිකි මහත්මිය ප්‍රජාවන් සමග සහයෝගය ඇති කරගැනීමේ ඇති වැදගත්කම අවධාරණය කරමින් ශ්‍රී ලංකා මජ්ලිස් කටාර් සංගමය විසින් ඉදිරියේදී සංවිධානය කරන ප්‍රජා වැඩසටහන් සඳහා සිය දායකත්වය ලබාදෙන බවට සහතික වූවාය.


මෙවර පළමු වතාවට ආඛා්‍යාන රචනය, කාව්‍ය රචනය සහ ප්‍රබන්ධ රචනය යන ඉසව් තුනෙන් පැවැති තරගාවලියේ ජයග්‍රාහකයන්ට “තරුණ මුස්ලිම් ලේඛක සම්මාන” ප්‍රදානය කරනු ලැබීය.

 



අදහස් (0)

ශ්‍රී ලංකා මජ්ලිස් කටාර් සංගමයේ 15 වැනි වාර්ෂික සම්මන්ත්‍රණය දෝහා මැරියට් හෝටලයේදී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇසිඩ් පහරින් තුනක් රෝහලේ
2024 ඔක්තෝබර් මස 03 39 0

බණ්ඩාරගම ගුංගමුව අළු පැත්ත විල ප්‍රදේශයේ දෙපිරිසක් අතර සිදුවූ බහින්බස්වීමකින් අනතුරුව එල්ල වූ ඇසිඩ් ප්‍රහාරයකින් තිදෙනකු බරපතල තුවාල ලබා රෝහල් ගත


මෛත්‍රීගේ පුතත් දිලිත්ට හේත්තු වෙයි
2024 ඔක්තෝබර් මස 03 321 0

ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ කෑගලු දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ පු


පාසල් සිසුවාගේ ඝාතනයට විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 398 0

තම මිතුරාගේ පෙම්වතිය බැලීම සඳහා යන අවස්ථාවේදී පිරිසක් විසින් පාසල් සිසුවෙකුට අමානුෂික ලෙස පහරදී ඝාතනය කිරීමේ සිද්ධියට විරෝධය දක්වමින් නාලන්දවත්ත ප


රනිල්ගේ පොදු සන්ධානය සිලින්ඩරයෙන්ම එයි
2024 ඔක්තෝබර් මස 03 905 3

එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පොදු සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහ මැතිවරණය සඳහා ඉදිරිපත් වීමට තීරණය කර තිබේ.


මහඇල ව්‍යාපෘති සේවකයෝ විරෝධතාවක
2024 ඔක්තෝබර් මස 03 305 0

උතුරුමැද පළාත් මහ ඇල වාරි ව්‍යාපෘතියේ සේවකයින් සිය ශ්‍රමයට සරිලන වැටුපක් ලබා දී සේවක ගැටළු ඉදිරිපත් කළ හැකි වගකිවයුතු නිලධාරීන් පිරිසක් යොමු කරන ලෙස


පුංචි ඡන්දය ළඟ එයි
2024 ඔක්තෝබර් මස 03 582 1

පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38743 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25454 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 289 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 983 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 347 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site