IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා පාලනයට බාධාවුණු ‘ලෝක වාරණය’ ඉවතට

දේශීය වත්මන් මලල කී‍්‍රඩා පරිපාලනය නිල වශයෙන් පිළිගත් බවට අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමය මේ වනවිට ශ්‍රී ලංකාවට දැනුම්දී ඇතැයි ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති මේජර් ජනරාල් දයා රත්නායක මහතා පැවැසීය. කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු පැවැසුවේ එම පිළිගැනීමත් සමග එතෙක් ඒ සම්බන්ධයෙන් උද්ගතව තිබූ ගැටළු සියල්ල නිරාකරණය වූ බවය. පසුගිය මැයි 3 වැනිදා පැවැති නිලවරණයෙන් පත්වූ ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ වත්මන් පාලනය පිළිගැනීම අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමය විසින් අත්හිටුවා තිබුණි. දේශපාලන බලපෑම් එම නිලවරණයට එල්ලවූ බවට එහිදී අන්තර් ජාතික සංගමයෙන් චෝදනා නැගුණි. මාධ්‍ය හමුව පැවැති පසුගිය බදාදා (24) දිනයේද අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමයේ වෙබ් අඩවියේ සඳහන්ව තිබුණේ ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ සභාපති ලෙස මේජර් - ජනරාල් පාලිත ප‍්‍රනාන්දු මහතාත් ලේකම්වරයා ජී. එල්. එස්. පෙරේරා මහතාත් වන බවයි. කෙසේ වුවත් මාධ්‍ය හමුවේදී දයා රත්නායක මහතා මාධ්‍යවේදීන්ගේ විමසීම්වලට පිළිතුරු දෙමින් පැවැසුවේ ඒ සම්බන්ධයෙන් සියලූ ගැටළු නිරාකරණය කර ගත් බවත් ලෝක සංගමයේ වෙබ් අඩවියේ ශ්‍රී ලංකා මලල කී‍්‍රඩා සංගමයේ වත්මන් සභාපති හා ලේකම්වරයාගේ තොරතුරු සඳහන් කිරීමට පියවර ගෙන තිබෙන බවයි. ”නිල පිළිගැනීම ප‍්‍රමාදවීමට හේතුවූ කාරණා කීපයක් බලපෑවා. අතුරු කමිටුවක් පත් කිරීමත් අපේම හිටපු නිලධාරීන් කීප දෙනකු අන්තර් ජාතික මලල කී‍්‍රඩා සංගමයට නිලවරණය ගැන පෙන්වපු වැරැදි චිත‍්‍රයක් ඊට හේතුවුණු බවයි අප විශ්වාස කරන්නෙ” මලල කී‍්‍රඩා සභාපතිවරයා පැවැසීය. දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගම්වල වත්මන් කි‍්‍රයාකාරිත්වය පිළිබඳව මාධ්‍ය හමුවේ කළ විමසුමකදී උප සභාපති සුනිල් ජයවීර මහතා මෙසේ පැවැසීය. ‘ඒ සමහර සංගම්වල ව්‍යවස්ථාව තිබේද යන්න ගැනවත් මව් සංගමය දැනුවත්වී නෑ. ඇත්තටම දිස්ති‍්‍රක් මලල කී‍්‍රඩා සංගම් බහුතරයක කි‍්‍රයාකාරිත්වය අසතුටු බවයි අපට දැන් කීමට ඇත්තෙ”. ජාතික මලල කී‍්‍රඩා පුහුණුකරුගේ වත්මන් කාර්යභාරය ගැන විමසුමකදී දයා රත්නායක මහතා පැවැසුවේ ජාතික පුහුණුකරුගේ කාර්යභාරය පූර්ණ ප‍්‍රතිසංවිධානයකට ලක් කිරීමට ඉදිරියේ කි‍්‍රයා කරන බවයි. එක් අයකුගේ අභිමතය පරිදි කටයුතු කිරීමේ ප‍්‍රතිපත්තිය අප අත් හැරිය යුතුයි. ඉදිරියේදී ජාතික පුහුණුකරුගේ කාර්යභාරය සම්බන්ධයෙන් අප පැහැදිලි තීරණ කීපයකට එළඹෙනවා යයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.



අදහස් (0)

ශ්‍රී ලංකා මලල ක‍්‍රීඩා පාලනයට බාධාවුණු ‘ලෝක වාරණය’ ඉවතට

චන්ද්‍රසිරි Friday, 26 October 2012 11:28 AM

දැන් ඉතින් පදක්කම් වැහි වහීවි (ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතරමඟදී හමුවූ තරුණිය දරුවකු තෑගි කරලා
2024 ඔක්තෝබර් මස 09 284 0

අවුරුදු තුනක පමණ දරුවකු සිටින තරුණ මවක් විසිහතර හැවිරිදි තරුණයකු සමඟ මිතුරු වී තරුණයාගේ නේවාසික කාමරයට පැමිණ දින දෙකක කාලයක් කාමරයේ ගත කර ඒම දරුවා තරු


බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 1009 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 205 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 1028 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 403 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 1045 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39632 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25781 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1210 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site