කොරියාවේ බූසාන් නුවර පැවැත්වෙන ආසියානු මේසපන්දු තරගාවලියේ කණ්ඩායම් තරගාවලියේදී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට ආසියාවේ 17 වැනි ස්ථානයත්, පිරිමි කණ්ඩායමට ආසියාවේ 19 වැනි ස්ථානයත් හිමි වී තිබේ.
කේවල අංශයේ තරගද මේ වන විට ආරම්භවී ඇති අතර ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පවනි සිරිසේන හැරුණුකොට අන් කිසිදු කී‍්‍රඩකයෙකු හෝ කී‍්‍රඩිකාවක තවමත් කේවල තරගයක් ජයගැනීමට සමත්වී නැත.
කාන්තා කේවල තරගයකදී මොන්ගෝලියානු කී‍්‍රඩිකවක වන මර්ජෙන් ඩෙල්ජෙර්මා තරග වට 4-3 ක් ලෙස පරාජය කිරීමට පවනි සිරිසේන සමත් වූවාය.
ශ්‍රී ලංකා කණ්ඩායම මෙවන් ප‍්‍රධාන පෙළේ ජාත්‍යන්තර තරගාවලියකට පුහුණුකරුවෙකු නොමැතිව සහභාගීවීම මෙලෙස පරාජය වීමට හේතුව බව බොහෝදෙනාගේ මතයයි.
පිරිමි කේවල තරග ප‍්‍රතිඵල
- චන්ග් ශුන් හංග් (චීන් තායිපේ) විසින් රොහාන් සිරිසේන (ශ්‍රී ලංකාව) 4-1 පරාජය කරන ලදී.
- ජන්ග් යෝන්ග්සික් (කොරියාව) විසින් මලින්ද ලක්ෂිත (ශ්‍රී ලංකාව) 4-0 පරාජය කරන ලදී.
- ඇන්තනී අමල්රාජ් (ඉන්දියාව) විසින් ඉන්දික ද සිල්වා (ශ්‍රී ලංකාව) 4-0 පරාජය කරන ලදී.
- පංග් සුයි ජී (සිංගප්පූරුව) විසින් උදය රණසිංහ (ශ්‍රී ලංකාව) 4-0 පරාජය කරන ලදී.
කාන්තා කේවල තරග ප‍්‍රතිඵල
- ගුයෙන් තී වීට් ලිං (වියට්නාමය) විසින් ඉශාරා මධුරංගි (ශ්‍රී ලංකාව) 4-0 පරාජය කරන ලදී.
- පවනි සිරිසේන (ශ්‍රී ලංකාව) විසින් මර්ජෙන් ඩෙල්ජෙර්මා (මොංගෝලියාව) 4-3 පරාජය කරන ලදී.
- හිරනෝ සයකා (ජපානය) විසින් පවනි සිරිසේන (ශ්‍රී ලංකාව) 4-0 පරාජය කරන ලදී.
- බී ලී වෙයි (මැලේසියාව) විසින් රිද්මි ධනංජනී (ශ්‍රී ලංකාව) 4-0 පරාජය කරන ලදී.
(*)
ශ්‍රේඨාධිකරණය නියෝගයට පටහැනිව කටයුතු කළ පතල් කාර්යාංශයේ අධ්‍යකෂ ජනරාල්වරයාට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පියවර ගැනීමට බලාපොරොත්තු වන බ
කුකුළේගඟ ජලාශයේ ගඟ ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට පවතින වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු දෙකක් අද (27) විවෘත කර ඇතැයි බුලත්සිංහල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ප
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ජනාධිපති කාර්යාලයේ නීති අධ්‍යක්ෂ ජනරාල් ලෙස ජ්‍යෙෂ්ඨ නීතිඥ ජේ.එම්. විජේබණ්ඩාර මහතා පත් කර ඇත.
ක්‍රීඩා අමාත්‍යංශය වියදම් කළ ප්‍රතිපාදනවල ප්‍රගතිය පිළිබඳ කඩිනම් විගණනයක් කරන්නැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැවැසුවාය.
හක්මන ප්‍රදේශයට ඊයේ (26) දින මධ්‍යම රාත්‍රියේ සිට ඇදහැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් හක්මන, මුලටියන හා කඹුරුපිටිය, මුල ටියන ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිප
පසුගිය ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හැරදා හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග එක්වූ පළාත්සභා සහ පළාත් පාලන ආයතන නියෝජිතයින්ට නැවතත් ශ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශී‍්‍ර ලංකා මේස පන්දු කණ්ඩායම් ආසියාවේ 17 - 19 වැනි ස්ථානවල
සුප්‍රා Sunday, 07 July 2013 07:43 AM
අපේ රටේ මේසපන්දු ක්‍රීඩාව කවදාවත් ගොඩ ගන්න බැරි තරම් අගාධයට යවලා මේ වෙනකොට. මේසපන්දු ක්‍රීඩාවේ දැන් ක්‍රීඩා කරන්නේ හැකියාව තියෙන පිරිසකට වඩා සල්ලි තියෙන පිරිසක්. (නි)