දෙසැම්බර් 8 වැනිදා මඩකළපුව නගරයෙන් ආරම්භ වන ශ්‍රී ලංකා යොවුන් පාපැදි සවාරියේ ශූරයාට මෝටර් රථයක් තෑගි කිරීමට තරග සංවිධායකයන් තීරණය කර ඇත. මෙම පාපැදි සවාරියට සහභාගි වන සියලූ කී‍්‍රඩකයන් හා නිලධාරීන් රුපියල් මිලියන 500 කට රක්ෂණය කිරීමටද පියවර ගෙන තිබේ. ඒ කී‍්‍රඩකයකු හෝ නිලධාරියකු රුපියල් මිලියනයක් බැගින් වන පරිදිය. කිලෝ මීටර 363ක දුරකින් සමන්විත යොවුන් පාපැදි සවාරිය දෙසැම්බර් 9, 10 දෙදිනදීත් පැවැත්වේ. මඩකළපුවෙන් ආරම්භ වන පාපැදි සවාරිය දෙසැම්බර් 10 වැනිදා මාතර නගරයෙන් නිමා කෙරේ. මෙම පාපැදි සවාරියේ විශේෂත්වයක් වන්නේ පළමු වතාවට මෙරට පාපැදි සවාරියක ජයග‍්‍රාහකයකුට මෝටර් රථයක් තෑගි කිරීමය. තරග සංවිධායකයන් මුලින් තීරණය කර තිබුණේ ඒ සඳහා රුපියල් ලක්ෂ පහක මුදලක් ප‍්‍රදානය කිරීමටය. මෑත කාලයේ පාපැදි තරගයකදී මෙතරම් විශාල තෑගි පිරිනමන පළමු අවස්ථාවද මෙයවේ. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය කි‍්‍රයාත්මක නොවුවත් කී‍්‍රඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්ෂණයෙන් පළපුරුදු විනිසුරුවන් හා තීරකවරුන් තරගය විනිශ්චය සඳහා තෝරා ගන්නා බව කී‍්‍රඩා අධ්‍යක්ෂ ජනරාල් රංජිනි ජයකොඩි මහත්මිය පැවැසුවාය. තරගයේ දෙවැනි ස්ථානයේ සිට රුපියල් 3,00,000, 2,00,000, 1,00,000, 75,000ක් බැගින් පස්වැනි ස්ථානය දක්වාද 10 වැනි ස්ථානය තෙක් රුපියල් 50,000ක් බැගින්ද ප‍්‍රදානය කෙරේ. 25 වැනි ස්ථානය දක්වා මුදල් තෑගි පිරිනැමෙන අතර ඒ 11 වැනි ස්ථානයේ සිට 15 වැනි ස්ථානය දක්වා රුපියල් 40,000 ක් බැගිනි. 16 වැනි ස්ථානයේ සිට 25 වැනි ස්ථානය තෙක් රුපියල් 25,000ක් බැගින් ප‍්‍රදානය කෙරේ. තරගයේ තෑගි ප‍්‍රදානය එතැනින් අවසන් නොවන අතර අදියර දෙකම නිමා කරන සියලූම කී‍්‍රඩකයන්ට රුපියල් 5,000ක් බැගින් තිළිණ කෙරේ. මෙම ත්‍යාග හිමිවන්නේ ජයග‍්‍රාහකයා තරගය අවසන් කිරීමෙන් විනාඩි 45ක් ඇතුළත තරගය නිමා කරන්නන් සඳහාය. අදියර තරග ජයග‍්‍රාහකයන්ටද රුපියල් 10,000, 7500 හා 5,000 බැගින් තවත් විශේෂ ත්‍යාග රැසකි. තරගයේ කණ්ඩායම් ශූරතාව සඳහාද තවත් විශේෂ මුදල් ත්‍යාගයක් එක්කර තිබේ. එය ගණනින් රුපියල් 50,000කි. පාපැදි සවාරිය පිළිබඳව පැවැති මාධ්‍ය හමුවට එක්වෙමින් යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවැසුවේ ශ්‍රී ලංකාවේ වැඩිම පාපැදි භාවිතයක් වන්නේ උතුරු-නැගෙනහිර පළාත් දෙකින් වුවත් මෙරට පාපැදි තරග සඳහා අවම සහභාගිත්වයක් ඇත්තේ එම පළාත්වල කී‍්‍රඩකයන්ගෙන් වීම කනගාටුවට කරුණක් බවත්ය. නැගෙනහිර පළාතේ මඩකළපුව නගරය යොවුන් පාපැදි තරගය ආරම්භ කිරීමේ ස්ථානය ලෙස තෝරා ගත්තේද ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් බවත් ඇමැතිවරයා වැඩි දුරටත් පැවැසීය. එම අමාත්‍යංශයේ අධීක්ෂණය යටතේ ජාතික තරුණ සේවා සභාව මෙතැන් සිට මෙම පාපැදි සවාරිය වාර්ෂිකව පැවැත්වීමට සැලසුම් කර ඇතැයි ජාතික තරුණ සේවා සභාවේ සභාපති ලලිත් පියුම් පෙරේරා මහතා පැවැසීය. තරගයේ රක්ෂණ ආවරණය සඳහා රක්ෂණ භාරකාර අරමුදල අනුග‍්‍රහය දක්වයි. පාපැදි සම්මේලනයේ තරග බලපත‍්‍රලාභී කී‍්‍රඩකයන්ට මෙම තරගයට සහභාගිවිය හැකිය. එහෙත් මේ වසරට 2011 බලපත‍්‍ර අලූත්කර ගැනීමට නොහැකිවූ තරගකරුවන් කී‍්‍රඩා අමාත්‍යංශයේ පාපැදි කී‍්‍රඩා පරිපාලන කමිටුවේ නිර්දේශය ලබාගනිමින් ඊට සහභාගිවිය හැකිය. තරග සඳහා අයැදුම්පත් දෙසැම්බර් 01 වැනිදාට පෙර සහකාර අධ්‍යක්ෂ (කී‍්‍රඩා සංවර්ධන), ජාතික තරුණ සේවා සභාව, අංක 65, හයිලෙවල් පාර, මහරගම යන ලිපිනයට යොමු කළ යුතුය. තරගයේ ජයසංකේත ප‍්‍රදානය දෙසැම්බර් 10 වැනිදා පස්වරු 5ට මාතර තරග සමාප්ත උත්සවයේදී සිදු කෙරේ.
මියන්මාරයේ සයිබර් කදවුරු තුළ බලහත්කාරයෙන් රඳවා ගෙන සිටි තවත් ශ්‍රී ලාංකීකයන් 14 දෙනකු එයින් මුදා ගෙන අද දහවල් කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන ආ බව කටුන
තැපැල් සේවකයන් ආරම්භ කළ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව ඇතුලු අනෙකුත් තැපැල් කාර්යාල වල ලිපි සහ පාර්සල් ලක්ෂ දහයක් පමණ සිරවී ඇතැයි තැපැල්
පළාත් පාලන මැතිවරණය සඳහා නාම යෝජනා පත්‍ර භාර දීමට පැමිණි හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයකු කුරුණෑගල නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරයාගේ රාජකාරියට බාධා
අවිස්සාවේල්ල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව භීතියට පත්කරමින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතන හතරක් සිදුකර දෙදෙනකුට බරපතල තුවාල සිදු කර ඉන්දියාවට පලා ගොස් සැඟව සිටි
ක්‍රීඩා සංගම් සහ ආණ්ඩුව හැප්පෙන කොට ඒකෙන් තැලෙන්නේ ක්‍රීඩකයා බවපත් කළ මන්ත්‍රී මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා:-(පො.පෙ) පාර්ලිමේන්තුවේදී පැවසීය.
ජාතික ක්‍රීඩා පනත වෙනස් කිරීමේ කාර්ය බොහෝ දුරට අවසන් කර තිබෙන බව ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ශ්රී ලංකා යොවුන් පාපැදි සවාරියේ ශූරයාට මෝටර් රථයක් තෑගි