තායිලන්තයේදී පැවැත්වෙන අන්තර් ජාතික වෙරළ වොලිබෝල් තරග මාලා දෙකකට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් කාන්තා හා පිරිමි කණ්ඩායම් හතරක් ඊයේ (1) දිවයිනෙන් පිටත්ව ගියහ. තෙවැනි කැන්හොම් - වෑන්ග් ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය හා 13 වැනි ”ශමිලා” ආසියානු වෙරළ වොලිබෝල් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව මෙලෙස සහභාගි වෙයි. වසර පහකට පමණ පසු ශ්‍රී ලංකාවේ නම ගිය වෙරළ වොලිබෝල් කී‍්‍රඩකයන් දෙදෙනකු වන ආසියානු ලෝකඩ පදක්කම්ලාභී වසන්ත රත්නපාල හා මහේෂ් අබේසිංහ නොමැතිව ශ්‍රී ලංකාව සහභාගි වන පළමු වෙරළ වොලිබෝල් (පිරිමි) තරගාවලිය මෙයයි. තේරීම් තරගවලදී අසංක ප‍්‍රදීප් කුමාර හා මලින්ත යාපාට ඔවුන් පරාජය වූ අතර ඔවුන්ට මෙම ක‍්‍රීඩකයන් දෙදෙනා දැයට කිරුළ වෙරළ වොලිබෝල් තරගාවලියේදී ද පරාජයට පත්වීම කැපී පෙණුනි. සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් මෙන්ම නිලධාරීන් බහුතරයක්ම ගුවන් හමුදාව නියෝජනය කරයි. තායිලන්ත තරග මාලා ලබන අපේ‍්‍රල් 7 වැනිදා දක්වා පැවැත්වේ. මෙම තරග මාලා සඳහා රටවල් 16කින් කණ්ඩායම් සහභාගි වෙති. තායිලන්ත අන්තර් ජාතික වෙරළ වොලිබෝල් තරග මාලා සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායම් (පිරිමි): ශ්‍රී ලංකා ”ඒ” කණ්ඩායම - පුබුදු ඒකනායක හා සම්පත් පීරිස් ශ්‍රී ලංකා ”බී” කණ්ඩායම- අසංක ප‍්‍රදීප් කුමාර හා මලින්ත යාපා (කාන්තා) ශ්‍රී ලකා ”ඒ” කණ්ඩායම- ගීතිකා ගුණවර්ධන හා තක්ෂිලා ගුණසිංහ ශ්‍රී ලංකා ”බී” කණ්ඩායම- නිරෝෂා ගුණසිංහ හා බී.ජී. ගුණසිංහ (නිලධාරීන්) කළමනාකරු- මහින්ද සෙනරත් බණ්ඩාර හේරත්, පුහුණුකරු ඩබ්.ඒ.පී. උදයකුමාර, සහය පුහුණුකරු- දම්මික සිල්වා හා සම්භාහක: ශිරාන් ප‍්‍රනාන්දු යන මහත්වරු.
දළදා දැක්ම පැවති දින දහය තුළදී කසල ටොන් 600ක් සැදැහවතුන් ඉතාමත් අවිධිමත් ලෙස පරිසරයට මුදා හැර ඇති බව මහනුවර මහ නගර සභාවේ ජල කර්මාන්ත ප්‍රධාන ඉංජිනේරු සහ
වසර 16 කට පසුව පැවැත්වූ සිරි දළඳා දැක්ම ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ගේ බැතිබර සිතින් වන්දනා කර ගැනීමෙන් අද සවස සාර්ථකව අවසන් විය.
දින දහයක් පුරා පැවැති ඓතිහාසික සිරි දළඳා දැක්මේ කාලයේ මහනුවර නගරයට පැමිණී ලක්ෂ දහයකට අධික ජනතාවගේ යටිතල පහසුකම් සලසා දීම වෙනුවෙන් කැපවීමෙන් ක්‍රියා
අධ්‍යනය පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට මාස හයක් ගතවීමට පෙර අපොස උසස් පෙළ (2024) විභාගයට ගණිත අංශයෙන් පෙනී සිට ඒ සාමාර්ථ තුනක් ලබා ගැනීමට පා
නුවරඑළියට අද සවස කෙටි කාලයක් තුළ ඇද හැලුනු මහා වර්ෂාවෙන් නුවරඑළිය නගරයේ ස්ථාන රැසක් ජලයෙන් යට විය.
සිය බිරිඳට පීහියෙන් ඇන ඝාතනය කර සිරුර දෙකට කපා බෑණා ලවා ස්ටේට් පුර කුණු ඇලට දැමූ සැකකාර සැමියා සහ බෑණා අත්අඩංගුවට ගත් බව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී ලංකා වෙරළ වොලිබෝල් කණ්ඩායම් තායිලන්තයේ සංචාරයක