IMG-LOGO

2025 අප්‍රේල් මස 09 වන බදාදා


ශී‍්‍ර ලංකා වොලිබෝල් කණ්ඩායම ආසියාවේ හොඳම 8 ඇතුළට

ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතා ඉතිහාසයේ පළමු වතාවට එහි සුපිරි වටයට පිවිසෙමින් දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාව සමත්ව සිටියි. රටවල් 12ක සහභාගිත්වයෙන් ඉරානයේ ‘ටෙහෙරාන්’ නුවර දී දැන් පැවැත්වෙන 16 වැනි ආසියානු (පිරිමි) වොලිබෝල් ශූරතාවලියේ දී ඉන්දුනීසියාවට එරෙහිව වට 3 - 2 ක පෙරළිකාර ජයක් ලබමින් ශ්‍රී ලංකාව එහි ප‍්‍රබලම කණ්ඩායම් අට ගැටෙන සුපිරි වටයට සුදුසුකම් ලැබීය. 1975 දී ආරම්භ කළ ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතාවලියේ දී ශ්‍රී ලංකාව එහි අවසන් වටයට සුදුසුකම් ලබාගත් පළමු අවස්ථාව මෙයයි. සුපිරි 8 වටයේ දී ඒ සඳහා තේරුණු කණ්ඩායම් ලීග් පදනම අනුව තරග වැදීමට නියමිතය. ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ දී තෙවැනි ස්ථානය ලබාගත හොත් ඔවුන් ලබන වසරේදී පැවත්වෙන  ඔලිම්පික් කී‍්‍රඩා උළෙලට (ලන්ඩන් 2012) සුදුසුකම් ලබා ගන්නා බව ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ ලේකම් සුසිල් රණසිංහ මහතා ‘ලංකාදීප’යට පැවසීය. පෙරේදා (24) ඉන්දුනීසියාවට එරෙහිව පැවැති තීරණාත්මක තරගයේ දී ශ්‍රී ලංකාව ලකුණු 25/20, 25/20, 21/25, 23/25, 15/13ක් පරිදි ජය වාර්තා කළේය. මෙම ජයත් සමග ශ්‍රී ලංකාව සුපිරි වටයට පිවිසි අතර ඊට සුදුසුකම් ලද සෙසු රටවල් වන්නේ  ඕස්ටේ‍්‍රලියාව, දකුණු කොරියාව, ජපානය, ඉරානය, ඉන්දියාව, පකිස්තානය හා චීනයයි. ලෝක වොලිබෝල් (පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුව 104 වැනි ස්ථානයේ පසුවන ශ්‍රී ලංකාව මෙම තරගාවලියට සහභාගි වන විට ආසියානු ශ්‍රේණිගත කිරීම් අනුව 16 වැනි ස්ථානයේ පසු විය. මෙවර ආසියානු තරගාවලියේ සුපිරි වටයට පිවිසීම තුළින්ම ශ්‍රී ලංකාව මේ වනවිටත් ආසියාවේ අටවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබේ. මේ අතර ශ්‍රී ලංකාව සුපිරි වටයේ තරගවලට සහභාගිවීම ආරම්භ කරමින් ඊයේ (25)  ඕස්ටේ‍්‍රලියාවට එරෙහිවත් අද (26) කොරියාවට එරෙහිවත් තරග දෙකකට සහභාගිවීමට සූදානමින් සිටියේය. වොල්බෝල් සම්මේලනයේ ලේකම්වරයා වැඩිදුරටත් ‘ලංකාදීප’යට අදහස් දක්වමින් පැවසුවේ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් බහුතරයක් නවකයන් වන බැවින් ශ්‍රී ලංකාවේ මෙවර ආසියානු ශූරතා දස්කම් පෙරළිකාර ස්වරුපයක් ගන්නා බවයි. ප‍්‍රධාන පුහුණුකරු ලෙස සිසිර කුමාර වෙන්ඩකෝන් මහතා මෙම තරග සංචාරයට එක්ව සිටියි. මෙතෙක් පැවැති තරග ප‍්‍රතිඵල අනුව ඊයේ වනවිටත් හොඳම පන්දු පිරිනමන්නා සම්මානය සඳහා වඩාත් ඉදිරියෙන් පසුවූයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ද වන සමීර දිසානායක බව වාර්තාවේ. ඔහු අසනීප තත්ත්වයෙන් පසුවූවත් පෙරේදා ඉන්දුනීසියාවට එරෙහිව පැවති තරගයටද සහභාගි වෙමින් දස්කම් දැක්වීය. ශ්‍රී ලංකාව මූලික වටයේ දී තරග වැදුණු ‘බී’ කාණ්ඩයෙන් සුපිරි වටයට තේරුණු සෙසු රට වන්නේ චීනයයි. දකුණු ආසියාවේ රටවල් තුනක් සුපිරි වටයට තේරී තිබුණත් ඉන් පාකිස්ථානය ලෝක ශ්‍රේණිගත කිරීම අනුව 30 වැනි ස්ථානයේ පසුවෙයි. සුපිරි වටයට පිවිසි රටවල් අටෙන් බහුතරයක් ලෝක ශ්‍රේණිගත කිරිම් අනුව පළමු 15 දෙනා අතර සිටින ප‍්‍රබලතම රටවල් වෙති. මෙවර ආසියානු වොලිබෝල් (පිරිමි) ශූරතාවලියේ අවසන් පූර්ව තරග අනිද්දා (28) අවසන් මහා තරගය ලබන බ‍්‍රහස්පතින්දා (30) පැවැත්වේ. චීන තායිපේ හිදී පැවැති ආසියානු වොලිබෝල් (කාන්තා) තරගාලියට ශ්‍රී ලංකාව සහභාගිවුවත් එහිදී සහභාගි වූ සියළු තරගවලින් ඔවුහු පරාජය වූහ.



අදහස් (0)

ශී‍්‍ර ලංකා වොලිබෝල් කණ්ඩායම ආසියාවේ හොඳම 8 ඇතුළට

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

කෙහෙළිය සී.අයි.ඩීයට එයි
2025 අප්‍රේල් මස 09 34 0

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද පෙරවරුවේ පැමිණියේය.


12ක් රෝහලට යැවූ පේරාදෙණියේ අනතුර
2025 අප්‍රේල් මස 09 186 0

මහනුවර පේරාදෙණිය පාරේ කිංස්වුඩ් විද්‍යාල අසලදී ලොරි රථයක් රියදුරුගේ පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට ගොස් ත්‍රී රෝද රථයක සහ මහමග ගමන් කරමින් සිටි පිරිසක


කේරළ ගංජා සමඟ අයෙක් කිලිනෝච්චි මුහුදේදී අල්ලයි
2025 අප්‍රේල් මස 09 90 0

කිලිනෝච්චිය උඩුතුරෙයි මුහුදු ප්‍රදේශයේදී සිදුකරන ලද සෝදිසි මෙහෙයුමකදී බෝට්ටුවකින් ප්‍රවාහනය කරන ලද කේරල ගංජා සමඟ සැකකරුවෙකු ඊයේ (08) අත්අඩංගුවට ගත් බ


දකුණුට ගිගුරුම් සහිත වැසි
2025 අප්‍රේල් මස 09 218 0

දකුණු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වෑන් රියට බිලි
2025 අප්‍රේල් මස 09 895 0

රස්නායකපුර කඩිගාවේ දී වෑන් රථයකට යටවී රාජකාරියේ යෙදී සිටි පොලිස් කොස්තාපල් වරයකු ඊයේ රාත්‍රී මියගොස් ඇති බව රස්නායකපුර පොලිසිය කියයි.


පුංචි ආණ්ඩු අපෙක්ෂක කතකට අතවර කරන්න හදලා
2025 අප්‍රේල් මස 09 1027 1

හම්බන්තොට සිරිබෝපුර ප්‍රදේශයේ කාන්තාවකට ලිංගික අතවර කිරීමට තැත් කිරීමේ චෝදනාවකට මෙවර පළාත් පාලන මැතිවරණයට හම්බන්තොට නගර සභාවට සමගි ජනබල වේගයේ අපෙක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 751 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 600 1
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 1049 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

Our Group Site