ඉන්දියාවේ චෙන්නායි නුවරදී හොකී තරගයකට සහභාගිවෙමින් සිටි ශ්‍රී ලංකා වෙළෙඳසේවා හොකී කණ්ඩායමට එරෙහිව කිසියම් පිරිසක් ක‍්‍රීඩාංගණයට කඩා වැදී විරෝධතා දැක්වීම නිසා තරගය අත්හිටුවමින් ඔවුන් රැකවරණ මැද ක‍්‍රීඩාංගණයෙන් ඉවත් කරගෙන ගිය බව වාර්තාවේ. විරෝධතා දැක් වු මේ පිරිස කොටි හිතවාදීන් යැයිද වාර්තාවේ. ඉන්දීය තමිල්නාඩු හොකී සංගමයේ ආරාධනාවකට අනුව මෙම තරග සංචාරයට සහභාගි වු ශ්‍රී ලංකා වෙළෙඳසේවා හොකී සංගම් පිල එහිදී බැංගලෝර්, මයිසූරි සහ චෙන්නායි යන ප‍්‍රදේශවල කණ්ඩායම්වලට එරෙහිව මෙම තරග සංචාරයේදී තරග කිරීමට නියමිතව සිටියේය. සංචාරක ශ්‍රී ලංකා වෙළඳසේවා පිල, චෙන්නායි ප‍්‍රවීණයන්ගේ පිල සහ කර්නාටක ක‍්‍රීඩා පුහුණු ඇකඩමි පිල ඇතුළු කණ්ඩායම් කිහිපයකට එරෙහිව එහිදී ජයග‍්‍රහණ ලබා ගැනීමට සමත්විය. චෙන්නායි නුවරදී සදර්න් රේල්වේ ඉංජිනියරින් පිලට එරෙහිව පැවැත්වීමට තිබු තරගය ආරම්භ කිරීමට කටයුතු යොදා තිබියදී ත‍්‍රස්තවාදී සංවිධානයක කොඩියක් රැගත් පිරිසක් ක‍්‍රීඩාංගණයට කඩා වැදී ශ්‍රී ලංකා ක‍්‍රීඩකයන්ට විරුද්ධව හඬ නැඟූ බව වෙළෙඳ සේවා හොකී සංගමයේ සභාපති හා සංචාරක ශ්‍රී ලංකා පිලේ ප‍්‍රධානීයා ලෙස කටයුතු කළ රත්නසිරි මහගලඇල්ල මහතා ‘ලංකාදීපයට’ පැවසීය. ‘‘තරගය නරඹමින් සිටි පිරිසක් ක‍්‍රීඩාංගණය තුළට එනවා දුටුවා. ඔවුන් කොටි ලාංඡනය සහිත කොඩියක් රැගෙනයි පැමිණියේ. ඔවුන් පැමිණි විගසම පොලිසිය පැමිණියා. අපට ඒ මොහොතේ සිට ලංකාවට පැමිණෙන තෙක්ම ආරක්‍ෂාව ලබාදීමටත් පොලිසිය කටයුතු කළා යැයි ද’’ මහගලඇල්ල මහතා පැවසීය. යළි තරගය පැවැත්වීමට සංවිධායකයන් කමිටුව ශ්‍රී ලංකා කණ්ඩායමෙන් ඉල්ලීමක් කළද ක‍්‍රීඩකයන් තරගයට සහභාගිවීමට තරම් හොඳ මානසිකත්වයකින් නොසිටි බවද මහගලඇල්ල මහතා වැඩිදුරටත් පැවසීය.
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ශ්රී ලංකා වෙළෙඳ සේවා හොකී පිලට එරෙහිව චෙන්නායි නුවරදී විරෝධතා