IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ශ්‍රී ලංකා සුරූපිනියෝ කියන කතාව

 

 

මේ තිදෙනාම රූ රැජිණ කිරුළ දිනූ සුරූපිනියන්ය. ශ්‍රීමාලි ෆොන්සේකා ගැන මුලින්ම ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා කතා කරන්නට පටන් ගත්තේ ආසියානු විවාහක රූ රැජින (2012) කිරුළ රටට ගෙන දීමත් සමගය. ශ්‍රී ලංකා විවාහක රූ රැජිණ ලෙස නාම යෝජනා වී ඇති ශ්‍රීමාලි මේ සූදානම් වන්නේ එළැඹෙන විසි වැනි දා චීනයේදී රටවල් එකසිය ගණනක සහභාගිත්වයෙන් පැවැත්වීමට නියමිත ලෝක විවාහක රූ-රැජිණ තරගය නියෝජනය කිරීමටය.

සුරූපී මොනාලි මේ සූදානම් වන්නේ 2013 ලෝක සංචාරක රූ රැජිණ තරගය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමටය. ඇයට ඒ අවස්ථාව ලැබුණු හැටි පවසන්නේ මෙලෙසිනි.

මෙවර මිස් ශ්‍රී ලංකා තරගයේදී මිස් පර්සනැලිටි හෙවත්, පෞරුෂයෙන් හෙබි සම්මානය හිමිවුණේ මටයි. ඊට පෙර වාසනා දන්තනාරායන මහත්මිය යටතේ ඇති ආර් ඇන්ඞ් වී එන්ටර්ටේන්මන්ට් සංවිධානය කළ ලෝකයේ හොඳම නිරූපිකා තරගයට ඇතුළත්ව සිටියා. ඉන් පසුව දෙරණ වීව් පෞරුෂයෙන් හෙබි සම්මානය ලැබීමත් සමග 2013 ලෝක සංචාරක රූ රැජිණ සඳහා ශ්‍රී ලංකාව නියෝජනයට සුදුසුකම් ලැබුවා.

එසේ පවසන මොනාලි චීනයේ පැවැත්වෙන සංචාරක රූ රැුජිණ තරගයට පිටත්ව යාමට සූදානම් වෙද්දී ”ලස්සන කළු කෙල්ල” නමින් අද බොහෝ දෙනා අතර ප‍්‍රකට අනෙක් සුරූපිය කවුද කියා බලමු. ඇය නමින් සොලංගි ක‍්‍රිස්ටිනා ගුණවිජය වේ. ශ්‍රී ලංකා දැල්පන්දු සහ පැසිපන්දු ක්ෂේත‍්‍රයට ඇය අමුත්තියක නොවෙයි. ඒ අංශ දෙකෙන්ම ශ්‍රී ලංකාව නියෝජනය කිරීම ඊට හේතුවයි. අඩුම වයසින් ශ්‍රී ලංකාව නියෝජනය කළ දැල්පන්දු ක‍්‍රීඩිකාව ලෙස ප‍්‍රකටව සිටින සොලංගි, පසුගියදා පැවැති දෙරණ වීව් ශ්‍රී ලංකා රූ රැජිණ තරගයේදී - ශ්‍රී ලංකා රූ රැජිණ ලෙස කිරුළ දිනාගත්තාය. ක‍්‍රීඩා අංශයෙන් ජාතික කණ්ඩායම නියෝජනය කළ ක‍්‍රීඩිකාවක ලෙස රූ රැජිණ කිරුළ දිනාගත් එකම සුරූපිනිය ඇයයි. මෙවර ශ්‍රී ලංකා රූ රැජිණ වීමත් සමගම ඉදිරියේදී පැවැත්වෙන ලෝක මිහිකත රූ රැජිණ තරගය සහ ලෝක නිරූපිකා තරගය සඳහා ඇය ශ්‍රී ලංකා නියෝජනය ලැබ සිටින්නීය.

ලස්සන කළු කෙල්ල නමින් ක්ෂේත‍්‍රයේ ප‍්‍රකටව සිටින සොලංගිගේ පදිංචිය රුක්මල්ගමය. වයස අවුරුදු 22කි. උස අඩි 5යි අඟල් 10කි.
නුගේගොඩ ශාන්ත ජෝශප් බාලිකාවෙන් පාසල් අධ්‍යාපනය හදාරා ඇති සොලංගි කළමනාකරණ අංශයේ උසස් අධ්‍යාපනය ලබන අතර, ශ්‍රී ලංකා නාවික හමුදාව වෙනුවෙන් පැසිපන්දු කණ්ඩායම නියෝජනය කරන්නීය. එම අංශය මෙන්ම දැල්පන්දු අංශයෙන් ද ශ්‍රී ලංකාව නියෝජනය කළ ඇය අද පැසිපන්දු අංශයෙන් පමණක් ශ්‍රී ලංකාව නියෝජනය කරන්නීය. ඇයට සිටින්නේ, අම්මා-තාත්තා සහ නැගණිය පමණි. නැගණියද ඇයගේ අඩිපාරේ යමින් ශ්‍රී ලංකා යොවුන් දැල්පන්දු කණ්ඩායම නියෝජනය කරන්නීය.

සුරූපී මොනාලි දිසානායකගේ වයස අවුරුදු 23කි. සිරිමාවෝ බාලිකාවෙන් අධ්‍යාපනය ලද ඇයගේ ගම කඩවතය.

අම්මා - තාත්තා - අක්කා ඇයගේ පවුලේ උදවියයි. නැව් සමාගමක සේවය කරන මොනාලි වෛද්‍යවරියක වීමේ අරමුණ ඇතිව ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළට මුහුණ දුන්නාය. නමුත් පසු කලෙක ඇයගේ මිතුරියන් නිරූපණ ක්ෂේත‍්‍රය නියෝජනය කිරීමත් සමගම ඇයට ද එම ක්ෂේත‍්‍රය ගැන උනන්දුවක් ඇති වූ බව පවසන්නීය.

ලෝක විවාහක රූ රැජිණ තරගය නියෝජනය සඳහා අවස්ථාව ලබා සිටින සුරූපී ශ්‍රීමාලි ෆොන්සේකා පෝල් පෙන්ඩර්ස් නමින් ඇයගේම රූපලාවන්‍ය ආයතනයක් පවත්වාගෙන යන්නීය.

මෙවැනි තරග නියෝජනය කිරීම ගැන ඇය පවසන්නේ මෙලෙසිනි.

”සමහර විට ඉස්සර මෙවැනි තරග නියෝජනය කරන විට ලෝකයේ බොහෝ දෙනා හිතුවේ ශ්‍රී ලංකාව කියන්නෙ ඉන්දියාවේ කොටසක් කියලයි. සමහර රටවල් අදටත් හිතන්නෙ එහෙමයි. ඒත් පසුගිය කාලවලදී ශ්‍රී ලංකාව මෙවැනි ජාත්‍යන්තර තරගවලින් ජයග‍්‍රහණය කළ නිසා දැන් දැන් ශ්‍රී ලංකාව ගැන ලෝකයේ නොදන්නා අයත් දන්නවා. ඇත්තටම පුංචි වුණත් අපේ රට ස්වාධීන සුන්දර රාජ්‍යයක් කියන පණිවුඩය මට දෙන්න පුළුවන් නම්, අන්න එය තමයි මෙවැනි තරගවලට දායක වීමෙන් මට ඇති සතුට සහ අරමුණ.

ශ්‍රීමාලි එසේ ඇයගේ අරමුණ ගැන ප‍්‍රකාශ කරන විට මොනාලිගෙන් අපි ඇහුවෙ තරුණියන්ට මේ තැන සුන්දර තැනක් ද කියලයි.
”ඇත්තටම  ඕනෑම තැනක් සුන්දර කරගන්න පුළුවන් වෙන්නෙ අපි සුන්දරව හිටියොත් විතරයි. මේ ක්ෂේත‍්‍රයේදී හෝ වෙනත්  ඕනෑම තැනකදී අපි - අපේ සීමාව හඳුනාගන්න  ඕනෑ. මිනිස්සු බලාගෙන ඉන්නෙ කතා හදන්නයි. මොකද මිනිස්සුම හදාගත්ත මතයක් නිසයි. අන්න ඒ මතය වෙනස් කරන්න පුළුවන් වෙන්නෙ අපි හරියට හිටියොත් විතරයි.

ඇත්තටම මෙවැනි තරග අපේ රටට හොඳයි.

ඇත්තටම අද වන විට එය ඉතා හොඳ දෙයක්. මොකද අපි ලෝකයට ගිහින් ජය ගෙනාවොත් ඒ කීර්තිය රටටයි. මෙවර චීනයේ පැවැත්වෙන සංචාරක රූ රැජිණ තරගයට රටවල් 135ක් පමණ දායක වෙනවා. ඔක්තෝබර් 11 වැනිදා පැවැත්වෙන අවසන් තරගයේදී ශ්‍රී ලංකාවට ජයක් ගෙනදීම මගේ අරමුණයි. සංචාරක කර්මාන්තයේ දියුණුවට - ප‍්‍රවර්ධනයට එය තවත් ලොකු පියවරක් වේවි.

සොලංගි ද මේ ලද අවස්ථාව වෙතින් උපරිමය කර ලංකාවට කීර්තියක් ගෙන දීම අරමුණ බව පවසන්නීය. මෙලෙසින් ක‍්‍රීඩාවට මෙන්ම රූ රැජිණ වීමට ඇයට ඇයගේ උස සහ බුද්ධිමත් බව ඉවහල් වූ බව කියන සොලංගි, දිහා බලන සමහරු හිතන්නේ ඇය වෙනත් රටක තරුණියක යැයි කියාය. කෙසේ වෙතත් සොලංගිට මේ සියල්ලට අමතරව ගැයුමට ද හැකියාව ඇති බව කිව හැකිය.


”නෙත්යුග රන්තරු යුවළ තමයි
තොල්පෙති නාදළු වලට සමයි
මගෙ හද ඔබෙ සුව යහන තමයි
ඔබ සොයනා කළු කෙල්ල මමයි”

 


ගීතය වගේම තවත් බොහෝ ගීත සොලංගිට ලස්සනට ගයන්න පුළුවනි. මෙලෙසින් විවිධ වූ හැකියාවන් සමග දක්ෂතා පෙන්වන මේ සුරූපිනියන් තිදෙනා රූපයට පමණක් මුල්තැන් දී කටයුතු කරන අය නොවන වග සපථ කරයි. ජීවිතය සමනළියන් සේ සැහැල්ලූවෙන් ගත කිරීමට අකමැති වුවද, අරුත්බරව සරලව - සැහැල්ලූවෙන් ගතකිරීම අරමුණ බව ද සඳහන් කරයි. රූ සපුව සහ ඒ සිතිවිලි කර පින්නාගෙන ශ්‍රී ලංකාවට කීර්තිය ගෙනදීම වෙනුවෙන් ලෝකයේ පියඹා යන මේ තිදෙනාට ඒ කිරුළු රටට ගෙනෙන්නට අවකාශය ලැබේවායි අපි සුබ පතමු.


හැඩගැන්වීම්: ශ්‍රීමාලි ෆොන්සේකා (පෝල් පෙන්ඩර්ස්)

 

 



අදහස් (0)

ශ්‍රී ලංකා සුරූපිනියෝ කියන කතාව

එල්.කේ.එස්. චන්ද්‍රසිරි Monday, 07 October 2013 02:44 PM

ලූලා නැති වලට කනයා පණ්ඩිතයා......... (ස)

:       0       0

දුම්මලසූරිය. Tuesday, 08 October 2013 10:49 AM

සෑම කාන්තාවක්ම ලස්සනයි ..කියන තැන ඉදල මේ අයගේ ලස්සන බලන්න....ඔය රුප රාජිනි තරග වල විනිශ්චය දෙන විදිය ගැන අපිට ලොකු අවබෝධයක් නැහැනේ....මෙයාලගේ මොකක් හෝ විශේසත්වයක් ඇති අපි නොදකින.......විනිශ්‍ය මන්ඩලය දැකපු.....අ මොනවා උනත් අපේ රට ඉන්දියාවේ කොටසක් නොවන බවනම් දැන් ලෝකයම දන්නවා..... ඒ බව නම් මම හොදටම දන්නවා.... (නදී)

:       0       0

චමීර Sunday, 06 October 2013 09:17 PM

ලස්සන ඔහොම බලන්න බැහැ. ලස්සන බලන්න ලස්සන හදවතක් තියෙන්න ඕනේ. මිට වඩා ලස්සන ගැටිස්සියෝ ගම්වල ඉන්නවා. කැළේ පිපෙන කැළේටම පරවෙනවා.(නදී)

:       0       0

මිලින්ද Monday, 28 October 2013 04:04 PM

මීට වඩා ලස්සන කෙල්ලො කොච්චර ඉන්නවද? (ස)

:       0       0

සෑම් Friday, 11 October 2013 07:07 PM

අනේ මන්දා පවු තමයි එත් හැමෝම වාගේ මට නම් මෙයාලගේ ලස්සනක් පෙන්න නැහැ. අනිත් ඒවා බලපැවත් ඉස්සෙල්ලම බලන්නේ රූ රැජිනක් නම් ලස්සන නේද. අනික මොකට ඔය හැටි මේකප් දානවද. අපේ අය ගොඩක් ලස්සන මේකප් නැතිව. (අ)

:       0       0

සූමේධ Thursday, 24 October 2013 03:01 PM

රූ රැජිනලා ද මේ. (ස)

:       0       0

ලක්මිණි වෙදමුල්ල මිලානෝ -ඉතාලිය Saturday, 26 October 2013 08:21 PM

මම කැමති සොලංගිට. ඇය හරිම ලස්සනයි. ඇයට හොඳ උසක් තියෙනවා. ගැහැණු අය අතර උස අය අඩු නිසා උස කෙනෙක් හිටියොත් කැපිලා පේනවා හරිම ඉක්මනටම. ඒ වගේම ක්‍රීඩා කරපු නිසාද දන්නේ නැහැ ඇගේ සිරුරේ හැඩය හා නම්‍යශීලී බව ඉතාම ඉහළින් පවතිනවා. ඒ නිසාම මට නම් සොලංගි හරිම රූමත් යුවතියක් (අ)

:       0       0

ලලිත් Sunday, 06 October 2013 09:48 PM

අපට ලස්සන නැති උනාට පින්තුර ගත්තු කෙනාට ලස්සන පේන්න ඇතිනේ?.(නදී)

:       0       0

ලාරා Sunday, 06 October 2013 03:31 PM

රූ රැජින නෙමෙයි මටනම් පේන්නේ ධාවන ශූරියක් වගේ ?.(නදී)

:       0       0

ආරියසේන Thursday, 31 October 2013 01:18 AM

කැමරා කාචයට පෙනෙනවා මදි ඇති.මේක ඉතින් ඇස් දෙකෙන්ම දැකලා තමා දැනගන්න වෙන්නේ (නි)

:       0       0

සජිත් Tuesday, 08 October 2013 11:43 AM

මට නම් මේ ගොල්ලෝ ලස්සන නැහැ.... (ස)

:       0       0

තිලකරත්න Monday, 14 October 2013 08:21 AM

අර හැමෝම කීව වගේ උස ළමයා තමා ටිකක් හරි පෙනුමට ඉන්නේ. අනික් දෙන්න කොහොම රුප සුන්දරියෝ උනාද දන්නේ නැහැ. ඇත්තටම ලංකාවේ කොච්චර ලස්සන හොඳ රුප තියන කෙල්ලෝ ඉන්නවද. රූප සුන්දරියකට තියෙන්නම අවශ්‍ය කේශ කලාපෙත් නැනේ මෙයාලට. (ස)

:       0       0

රජිත් ඉතාලි Sunday, 06 October 2013 04:23 PM

කළු උස ලමයා නම් ගතියක් තියනවා අනිත් දෙන්න අනේ මන්දා ?අපේ ඇස් වල දෝෂයක්ද?.(නදී)

:       0       0

ලලිත් Tuesday, 15 October 2013 12:53 PM

පිස්සු නැත්නම් ෂෝක්. අනේ ලංකාවේ ලස්සන කෙල්ලෝ ඇත්තෙම නැද්ද මීට වඩා.. (ස)

:       0       0

අශේන් Friday, 18 October 2013 01:06 PM

පවු අනේ හරි දුකයි මේ අය ගැන (දිල්)

:       0       0

නාලක Thursday, 17 October 2013 01:37 PM

රෝස පාට ඇඳුම ඇඳන් ඉන්න ළමයා ලස්සන රෝස මලක් වගේ ලස්සනයි. (ස)

:       0       0

ශිවන්ති Sunday, 06 October 2013 04:38 PM

මේක කුහක කමින් කියන දෙයක් නෙමෙයි . මේ තුන්දෙනාගේ කිසිම ලස්සනක් මට පෙන්නේ නෑ.(නදී)

:       0       0

රොබිව් දම්මික Saturday, 12 October 2013 06:39 PM

මේ තුන්දෙනාම ලංකාව වෙනුවෙන් නියෝජනය කිරිම රටට ආඩම්බරයක්.(නදී)

:       0       0

රෙජි Sunday, 06 October 2013 04:54 PM

අනේ මන්ද, මෙයාලට රූ රැජින කිවොත් රු රැජිනට මොනවද කියන්නේ. මෙයාලද ලංකාවේ ඉන්න ලස්සනම අය. රන්ජිත් මහත්මය කිව වගේ ඇස් වල දෝෂයක්ද කොහෙද.(නදී)

:       0       0

ආසිරි Friday, 08 November 2013 01:34 PM

මේ කවුද අනේ? (ස)

:       0       0

සංජු Tuesday, 08 October 2013 12:34 PM

අපිට පාන්ද? අපිව පාරේදී දැක්කත් මෙයාල හිනා වෙන්නේ නැහැ .. (ස)

:       0       0

විකුම් Tuesday, 15 October 2013 07:24 PM

කෝ ඉතින් රූප සුන්දරියෝ? (නි)

:       0       0

ෆස්රුල් ගෆූර් - කටාර් Monday, 07 October 2013 05:59 PM

කොහොමත් රූ රැජින තෝරන්නේ ලස්සන බලල නොවේ. ලස්සනත් ඉවහල් වෙනවා නමුත් පොදු දැනුම සහ අනෙකුත් ක්‍රියා කාරකම් කිහිපයක්ම ඊට බලපානවා. ඒ නිසා හැමෝම කියනවා වගේ මෙයාල හරියට "දුරට ඇපල් ලඟට පැපොල් වගේ" ලස්සන කියන වචනෙටත් මෙයාලටත් කිසිම සම්බන්ධයක් නැහැ. .(නදී)

:       0       0

චතූ Tuesday, 22 October 2013 12:14 PM

ලංකාවේ මීට වඩා ලස්සන අය නැද්ද? (නදී)

:       0       0

සුමේධ Tuesday, 22 October 2013 07:16 AM

ඇත්තටම මෙයාලට වඩා ලස්සන අය ලංකාවේ නැද්ද? (නි)

:       0       0

ලේක්කෝ ගලබඩ Tuesday, 08 October 2013 01:10 PM

මේ නංගිලා තුන්දෙනාටම රෝමයේ සිටි ශාන්ත වැලන්ටයින් සාන්තුවර මුනිතුමාගේ බැල්ම අරාක්ෂාව ලැබේවා! (නි)

:       0       0

තුෂාර Monday, 07 October 2013 01:51 AM

මිට වැඩිය ලස්සන අය ඉන්න එක වෙනම දෙයක්. ඒත් මේ ඉන්න අයට මෙහෙම කියන එක වැරදියි නේද? මොකද ඒ අය දැන් එතෙන්ට ගිහින් ඉවරනේ. (නි)

:       0       0

ප්‍රී Sunday, 13 October 2013 10:06 PM

මෙයාලා දැකලා මගේ මුහුණ ඇඹුල් උනා අනේ.(නදී)

:       0       0

අංජන Tuesday, 08 October 2013 01:19 PM

මේ තුන්දෙනාගේ මුහුණු ලස්සන මදි කියලයි මටත් හිතෙන්නේ. මොකද ඔක්කොටම කලින් ලස්සන මුහුණක් තියෙන්නේ ඕනෑනේ. හරියට අයිශ්වර්යා වගේ. (නි)

:       0       0

සම්පත් Monday, 07 October 2013 03:13 AM

රටට ආදරේ මිනිස්සු හැමදාම මහ පාරේ. (නි)

:       0       0

ලක්ෂ්මන් Sunday, 01 December 2013 04:23 PM

අනේ මන්දා මේ අයද ලංකාවේ ඉන්න ලස්සනම අය.(නදී)

:       0       0

සාමා Monday, 07 October 2013 07:36 PM

තුන්දෙනාම ලස්සන ඔසරියක් ඇදගෙන හිටියනම් . (අ)

:       0       0

මාගලී Wednesday, 09 October 2013 12:44 PM

රූ රැජිනක් වෙන්න ලස්සන පමණක් නෙමෙයි බලන්නේ. මෝඩ කතා කියන්න එපා (නි)

:       0       0

සඳරුවන් Wednesday, 23 October 2013 06:17 PM

මෙහෙමත් කෝලම්! (නි)

:       0       0

කුමාරසිරි Wednesday, 23 October 2013 12:37 PM

අපේ රට නියෝජනය කරන්න උගත්, ලස්සන ළමයි අවශ්‍යයි (නි)

:       0       0

දුමින්ද Sunday, 06 October 2013 06:49 PM

මෙයාලට සුබපතනවා ,අනිත් අයත් ඇ කුද නොකියා හිටියොත් හොදයි. ශ්‍රී මාලී ආසියානු විවාහක රූ රැජිනක්වූ කෙනෙක්..(නදී)

:       0       0

පෙත්ත Tuesday, 08 October 2013 01:51 PM

සාමා, තුන් දෙනාට එක ඔසරියක් අන්දවන්න බැහැනේ (නි)

:       0       0

චමින්ද Wednesday, 16 October 2013 06:48 PM

මේ ගොල්ලෝ හොදට මේකප් එහෙම දාලා මෙහෙම නම් ,මේකප් ටික ඇරලා ගත්තොත් කොහොමට හිටීද? (නි)

:       0       0

සවිරු Saturday, 19 October 2013 01:18 AM

තුන්දෙනාගේ උසේ තරම දාලා ඉන්න සපත්තු වලින් පේනවා (නි)

:       0       0

සංජීව Sunday, 06 October 2013 07:18 PM

මටත් කියන්න තියෙන්නේ ශිවන්ති කියල තියෙන එකම තමා. මෙලෝ රහක් නැහැ. .(නදී)

:       0       0

දර්ශන් Monday, 07 October 2013 12:00 PM

අදහස් දාන අය වෙත, ලස්සන අය ගමේ හිටියට වැඩක් නැහැ. තරඟෙට ඉදිරිපත් උනේ නැත්නම්, කරුණාකර එයාලවත් උනන්දු කරවන්න. (ස)

:       0       0

සුමේධ Tuesday, 29 October 2013 09:19 AM

තරගයේ ප්‍රතිපල දැන්ම හිතාගන්න පුළුවන් (නි)

:       0       0

ගාමිණී Sunday, 06 October 2013 07:37 PM

මරේ මාරු කතා ටික, .(නදී)

:       0       0

ඇලන් Wednesday, 09 October 2013 01:13 PM

ලස්සන ගැහැණු ළමයි ටිකක්... (නි)

:       0       0

ශාන් Wednesday, 12 February 2014 10:25 AM

මම නම් පොලට යනකොට දැකල තියනවා මීට වැඩිය ලස්සන කෙල්ලෝ. මම හිතන්නේ රූ රැජිනක් කියන්නේ අපි කියන ලස්සන වෙන්න බැහැ. අමුතු ඒවා බල්ලලා තමයි තෝරනවා ඇත්තේ.(නදී)

:       0       0

කේ.එච්.ආර්.කේ.දිසානායක Sunday, 27 October 2013 10:50 AM

මෙයාලට වඩා ලස්සන යුවතියන් ඉන්නවා (නි)

:       0       0

ශානක Thursday, 24 October 2013 09:57 AM

මේ ලෝකේ රහක් නැහැනේ. (ස)

:       0       0

දමයන්ති Sunday, 06 October 2013 08:09 PM

මීට වැඩිය ලස්සන අය අපේ රටේ ඉන්නවා. ඒත් ශ්‍රීමාලි අමුතු ගතියක් තියෙනවා..(නදී)

:       0       0

ඉන්දු මෙල්බර්න් Monday, 07 October 2013 07:11 AM

ඉරිසියාවට එහෙම නෙමෙයි, මන්දා කැමරාවේ වැරැද්දක්ද මගේ ඇස්වල වැරැද්දක්ද? මට නම් කිසිම ලස්සනක් නැහැ. ලංකාවේ කොයි තරම් ලස්සන ගැහැනු අය ඉන්නවද? (නි)

:       0       0

සුගත් Sunday, 06 October 2013 08:54 PM

ඇත්තම කිව්වොත් කොල්ලෙක්ට මේකට ප්‍රතිචාර දක්කවන්න අවශ්‍ය නෑ හේතුව "නදී" කියන කෙනා හොඳට වැඩේ කරගෙන යනවා....(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සතුට සමරා රතිඤ්ඤා දැල්වූ පුද්ගලයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 182 0

ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ජනපති වීමේ සතුට සමරා රතිඤ්ඤා දල්වමින් සිටි පුද්ගලයකු බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි හොරණ මූලස්ථාන ප


මිලියන 120,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්
2024 සැප්තැම්බර් මස 23 1512 1

රුපියල් මිලියන එක්ලක්ෂ විසි දහසක් වටිනා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අනිද්දා (25 ) දා පවත්වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.


ඡන්ද මධ්‍යස්ථානයේදී වූ හබයෙන් කතක් රෝහලේ:දෙකක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 946 0

ජනාධිපතිවරණ ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානය ලෙස පිහිටුවා තිබූ කොළඹ රාජකීය විද්‍යාලයේ මධ්‍යස්ථානය තුළදී බහින්බස්වීමක් දුරදිග යාමෙන් අනතුරුව කාන්තාවක


පහේ පේපරේ අවුලට අධ්‍යාපන ලොක්කෙක් අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 23 1541 1

2024 වර්ෂයේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කීපයක් පිට කිරීම සම්බන්ධයෙන් මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු අපරාධ


ප්‍රජාතන්ත්‍රවාදය රකින්න උපරිම කැපවීම කරනවා
2024 සැප්තැම්බර් මස 23 1147 0

රටේ ප්‍රජාතන්ත්‍රවාදය රැකීම සඳහා උපරිම කැපකිරීම කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා ජනපති ධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ජාතිය අමතමින් ජනාධිපති කාර්


නව ජනපති දිවුරුම් දෙයි
2024 සැප්තැම්බර් මස 23 2691 4

ශ්‍රී ලංකාවේ 09 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා අද(23) සිය ධුරයේ දිවුරුම් දුන්නේය.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 20766 15

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 19694 4



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 107 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 308 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 164 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site