IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


ශ්‍රී ලංකා 2-0 කින් විස්සයි20 තරගාවලිය ජය ලබයි

ඕස්ටේ‍්‍රලියාව එරෙහිව පැවැති තරග දෙකකින් සමන්විත විස්සයි20 ක‍්‍රිකට් තරගාවලිය 2-0 කින් ජය ලැබීමට ශ්‍රී ලංකා පිල සමත් විය. මෙල්බන්හිදී අද (28) පැවැති දෙවැනි සහ අවසන් විස්සයි2-0 තරගයෙන් ශ්‍රී ලංකා ක‍්‍රීඩකයෝ ලකුණු 3 ක (ඩක්වත් ලූවිස් න්‍යායට අනුව) තියුණු ජයක් ලැබූහ.

වර්ෂාව නිසා අත්හිටුවා තිබූ තරගය නැවත ආරම්භ වන විට  ඕස්ටේ‍්‍රලියාවට ජයග‍්‍රහණය සඳහා ඩක්වත් ලූවිස් න්‍යායට අනුව  ඕවර 15 කදී ලකුණු 122 ක ඉලක්කයක් සම්පූර්ණ කිරීමට සිදුවූ අතර රැුස්කළ හැකි වූයේ ලකුණු 119 ක් පමණි.

ලකුණු 162 ක ඉලක්කය හඹාගිය  ඕස්ටේ‍්‍රලියානු පිල  ඕවර 10 ක් අවසානයේ කඩුලූ 2 ක් දැවී ලකුණු 60 ක් ලබා සිටියදී වර්ෂාව හේතුවෙන් තරගය අත්හිටුවීය. එම අවස්ථාවේ තරගය අතහැර දැමුවේ නම් ශ්‍රී ලංකාවට ඩක්වත් ලූවිස් න්‍යායට අනුව ලකුණු 15 ක ජයක් හිමිවීමේ අවස්ථාව තිබුණි.

තරගය නැවත ආරම්භ වීමෙන් පසුව මහේල අවස්ථා කීපයකදීම ක‍්‍රීඩාංගණයේ තෙත බරිත තත්ත්වය පිළිබඳව පෙන්වූ අතර මහේල සහ මාලිංග ක‍්‍රීඩාංගණය තුළ ලිස්සා යන ආකාරය දැකගත හැකි විය.  

තිසර පෙරේරා යැවූ ඉනිමේ අවසන්  ඕවරයේ අවසන් පන්දුවට  ඕස්ටේ‍්‍රලියාවට ජයග‍්‍රහණය සඳහා ලකුණු 4 ක් රැස්කිරීමට සිදුවුවද ග්ලෙන් මැක්ස්වෙල්ට ලකුණු රැස්කිරීමට නොහැකි විය.

මහේල, මැතිව්ස්, තිසර සහ මාලිංග අවසන් පන්දුවට යැවීමට සාකච්ඡුා කරමින් සිටියදී ග්ලෙන් මැක්වෙල් කළ ප‍්‍රකාශකයකට මහේල සහ මැතිව්ස් ප‍්‍රතිචාර දැක්වීමෙන් අනතුරුව ක‍්‍රීඩාංගණය තුළ උණුසුම් තත්ත්වයක් ඇති විය. තරගය අවසන් වීමෙන් පසුව අවස්ථා කීපයකදීම දෙපිලේ ක‍්‍රීඩකයෙන් අතර වචන හුවමාරු වූ ආකාරය දැකගත හැකිවිය.   

ශ්‍රී ලංකාව  ඕවර 20 කදී කඩුලූ 4 ට 161

(කුසල් ජනිත් 15, මහේල ජයවර්ධන නොදැවී 61, ජීවන් මෙන්ඩිස් 25, තිසර පෙරේරා නොදැවී 35)

ඕස්ටේ‍්‍රලියාව  ඕවර 15 කදී කඩුලූ 3 ට 119

(ෂෝන් මාෂ් නොදැවී 47, ජෝජ් බේලි 45)

ඡයාරූප:
1. තිසර පෙරේරා අවසන් පන්දුව යැවීමෙන් පසු..

 

 

 

 

 

 

 

 

 

 

 

2. මහේල සහ මැක්ස්වෙල් අතර උණුසුම් වචන හුවමාරුවක්...  

 

 



අදහස් (0)

ශ්‍රී ලංකා 2-0 කින් විස්සයි20 තරගාවලිය ජය ලබයි

කුරුවිට Monday, 28 January 2013 09:52 PM

වැස්ස නිසා හොදයි. (නි)

:       0       0

ජයන්ත Tuesday, 29 January 2013 02:24 PM

අපි අපේ රටේ ක්‍රිකට් ගැන ආඩම්බර වෙන අතර නැගී එන නවක තරු හැම විටම් දිරිමත වෙන පරිදි කටයුතු කිරීම තමයි අපේ වගකීම වන්නේ.එහෙම නැතිව ක්‍රීඩකයින් කලකිරවන පරිදි කතා කිරීම හොඳ නැහැ. හැමවිටම ක්‍රීඩකයින් දිරිමත් කිරීම තමයි ඔවුන්ගේ ශක්තිය . (ස)

:       0       0

සමන් Monday, 28 January 2013 09:55 PM

අපේ අය පරදිනකොට බනිනවා . දිනනකොට වීරයෝ කරනවා. කොහොමත් ලංකාවේ කොල්ලේ වීරයෝ තමයි (ස)

:       0       0

චාමර Tuesday, 29 January 2013 08:50 AM

කවුරු මොනවා කිව්වත් අපේ කොල්ලෝ විශිෂ්ඨයි (ස)

:       0       0

jayantha Tuesday, 29 January 2013 02:41 PM

රට ගැන හිතල අවන්කවම කටයුතු කරනවා නම් නියම සුදුස්සෝ කණ්ඩායම තුළට එවි.එහෙම වුනොත් රටත්,කණ්ඩායමත්,නව සභපති ඇතුළු නිලධාරී මණ්ඩලයම දිනුම්.මොන තරාතිරමක හිටියත් සුදුස්සාට සුදුසු තැන දෙන්න සනත් සහෝ. එවිට ජය නියතයි, ඔබත් ගොඩයි . (අ)

:       0       0

දසුන් Tuesday, 29 January 2013 09:10 AM

මහේල තමන්ගෙ කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනුවෙන් නැගී සිටින විශිෂ්ට ක්‍රීඩකයෙක්...ජයග්‍රහණයට හේතු වූ ඔහුගේ ඉනිම අති විශිෂ්ටයි. (ස)

:       0       0

ප්‍රසන්න Monday, 28 January 2013 10:18 PM

සුභ පැතුම්! (නි)

:       0       0

ෆෙරෝෂ් Tuesday, 29 January 2013 09:37 AM

කවුරු මොනවා කිව්වත් ඕස්ට්‍රේලියා කණ්ඩායම විශිෂ්ඨයි (ස)

:       0       0

සිසිර Tuesday, 29 January 2013 09:49 AM

මෙයාලට පරාජය උහුලන්න බැහැ (ස)

:       0       0

චමින්ද Monday, 28 January 2013 10:27 PM

කණ්ඩායම වෙනුවෙන් නැගී සිටීම ගැන මහේලට , ඇන්ජලෝට අපේ ප්‍රණාමය (ස)

:       0       0

චාමර වත්තල Monday, 28 January 2013 10:33 PM

එක නං ඇත්ත තමා පහන්, ඉන්දියාවටත් වෙලාවක මේ වගේම දෙන්න තියෙන්නේ (ස)

:       0       0

තත්සරණි Wednesday, 30 January 2013 07:45 PM

අපේ සිංහයෝ නියමයි. (නි)

:       0       0

නිලාන් Tuesday, 29 January 2013 10:39 AM

පට්ට පට පට පාන් කෑවොත් ඔහොම තාම (ස)

:       0       0

ප්‍රනාන්දු Tuesday, 29 January 2013 10:55 AM

පට්ට පට පට (ස)

:       0       0

සනත් Tuesday, 29 January 2013 11:04 AM

ඔව් ෆෙරොස් විශිෂ්ඨයි තමයි....ඒ විශිෂ්ඨත්වය නිසා ඔලුව ඉදිමිලා නිසා අපෙ කොල්ලොන්ගෙන් පිට පිටම ලැබුන පස් වෙනි 20-20 පරාජය නිසාත්,තරඟාවලිය 2-0 පැරදුන නිසාත් දරාගැනීමේ හැකියාව ගිලිහී ගියා. ඔව් විශිෂ්ඨ ඕස්ට්‍රේලියාව අන්ත පරාජයකට පත්කල ලොව අංක එකේ 20-20 කණ්ඩායම බවට පැමිණි අපේ කණ්ඩායම අතිවිශිෂ්ඨයි නේද? (ස)

:       0       0

ජේ.හේරත් Wednesday, 30 January 2013 04:09 AM

මහේල හරියටම උත්තර දුන්නා මොකද මෙයාලා දන්නෙ එකම සහ හොදම භාෂාව මෙය නිසා ඉතාම හොදයි මහේල..!(නු)

:       0       0

ලාරා Tuesday, 29 January 2013 12:50 AM

පහන් ඔබ හරියටම හරි (ස)

:       0       0

සුභාෂිණී Tuesday, 29 January 2013 11:43 AM

ඕස්ට්‍රේලියානුවන්ගේ මානසිකත්වය ගැන අපි ගොඩක් කලෙක පටන් දන්න නිසා මේවට ඒ තරම් කලබල විය යුතු නැහැ.. මහේල උනත් කියන්නේ මේ මානිසකත්වයට කණ්ඩායමේ දක්ෂතාවලට බලපෑම් කළ නොකර ආරක්ෂා කරන එකයි..!(නු)

:       0       0

රිස්මා Tuesday, 29 January 2013 02:01 AM

ලංකාවේ කණ්ඩායම මොන තරගයක් සෙල්ලම් කළත් ලෝකයම බලන්නේ ආසාවෙන්. (නි)

:       0       0

උපුල් මීගමුව Tuesday, 29 January 2013 05:08 PM

හරි නම් ලකුණු තුනකින් නෙවෙයි ලකුණු පහකින් අපි දිනුම් මොකද තිසර මිඩ් විච්කෙට් වලින් ගහපු පාරට ලකුණු හයයි . එක හරියටම වැදුනේ හතරේ සීමාවේ . ඒ වගේ ඒවා නැවත නැවත දල එයාලා වැඩිය පෙන්නන්නේ නෑ . ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෝ විතරක් නෙවෙයි විස්තර විචාරකයොත් එහෙම තමයි . අපේ අය දැවීයද්දි සද්දේ වැඩියි, හයේ ඒවා ගහද්දි සද්දේ අඩුයි . එත් ඒගොල්ලන්ගේ ය අවුට් වෙද්දී සද්දේ අඩුයි , හයේ ඒවා ගහද්දි සද්දේ වැඩියි . මේ තරගාවලිය බලද්දී මම හොදින් දැක්ක දෙයක් තමි එක . ( ඔය කෑ ගහපු ඕස්ට්‍රේලියා ක්‍රීඩකය අපේ අයගෙන් සමාව ගත්ත කියල ට්විටර් වෙබ් එකේ දල තියනවලු නේද ? අපේ ක්‍රීඩකයෝ හිටපු ක්‍රීඩාගාරයට ගිහිල්ලම අපේ අයගෙන් සමාව ගත්තා කියන්නේ නැතුව කලබල නොවී අන්තිම පන්දුවට මුන දුන්න නම් එයට සමහරවිට දින ගන්නත් තිබ්බ හතරක් ගහල )(නු)

:       0       0

තිලක් Tuesday, 29 January 2013 02:19 AM

ක්‍රිකට් වල පළවෙනි පාඩම අද මහේලගෙන් ඉගෙන ගත්තද ? (ස)

:       0       0

යොහාන් Tuesday, 29 January 2013 12:05 PM

ඕස්ට්‍රේලියාවට ගියෙත් ඔහොම්මමයි .(ස)

:       0       0

සිල්වා Monday, 28 January 2013 07:16 PM

ඕස්ට්‍රේලියා කණ්ඩායම පරදින හැමවිටම මොකක්හරි වැරැද්දක් දක්වලා ප්‍රශ්නයක් අදිනවාම තමයි. (නි)

:       0       0

දීපා Tuesday, 29 January 2013 03:20 AM

නියමයි.. සුභපැතුම්.. හැබැයි කුණුහරප භාවිතය නම් හොද නැහැ.. හැසිරීම මහත්මාගතියෙන් තියෙන්න ඕන.. මොකද මේ මහත්වරුන්ගේ ක්‍රීඩාවක්..!(නු)

:       0       0

අනුර Monday, 28 January 2013 07:20 PM

දැන් මේකත් ජිනීවා එකට දායිද දන්නෙ නැහැ. (නි)

:       0       0

හුසේන් රියාද් Monday, 28 January 2013 07:22 PM

ලෝකෙ ජීවත්වෙන්න හොදම දෙවැනි රට උනාට පරදිනන් කැමති නැහැ..විශේෂයෙන්ම කාන්තාවන්ට.. ඔවුන්ට ඊළග තරග තියෙන්නේ දකුණු අප්‍රිකාවත් එක්ක.. මොනවා කරගනීද කදන්නෙ නැහැ..!(නු)

:       0       0

සුජීව Monday, 28 January 2013 07:25 PM

ක්‍රීඩාව තුළදී ඇතිවන වචන හුවමාරු එතැනදීම අවසන් වියයුතු බවත් මතකතබා ගන්න. (නි)

:       0       0

කුමාර Tuesday, 29 January 2013 03:49 AM

පහන් ඔබ හර්‍ර ඹිස්ටෙලියාවටයි ඉන්දීයාවටයි පරදින්න බැහැ.(නු)

:       0       0

නාමල් Monday, 28 January 2013 07:28 PM

පහුගිය පරාජයවල් උහුලන්න බැරුව වෙන්න ඇති. (නි)

:       0       0

රොෂාන් Monday, 28 January 2013 07:30 PM

කාගෙන් බේරුණත් දිල්ෂාන්ගෙන් බේරෙනවා බොරු මේ පාර. ජයවේවා ශ්‍රී ලංකා! (නි)

:       0       0

අනුරාධ Tuesday, 29 January 2013 06:19 PM

සුභපැතුම් (දී)

:       0       0

ඉසුරු Wednesday, 30 January 2013 09:50 AM

පාඩුවේ ඉන්න සිංහයෝ අවුස්සාගෙන, කැන්ගරුවන් දැන් කෑගහනවා. හේරත් මහත්මයා, මහේල අයියා, එයාලට තේරෙන භාෂාව මේක තමා. විශිෂ්ටයි !! (නි)

:       0       0

සිල්වා Monday, 28 January 2013 08:10 PM

නායකයා වුණත් නොවුණත් ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෙකුගෙන් කණ්ඩායමට ඉටුවිය යුතු යුතුකම් මහේල මැනවින් ඉටුකරනවා. (නි)

:       0       0

කුමාර Tuesday, 29 January 2013 01:10 PM

ඒක එයාලගේ හැටියක් විදියට ගනන් ගන්නන දෙයක් නෙමෙයි. පැරදීගෙන එනකොට මොකක්හරි කියලා අනිත් අයව මානසික වට්ටලා එයාලා දින්නයි බලන්නේ.. එයාලා හිතාගෙන ඉන්නේ එයාලාට විතරයි ක්‍රිකට් ගහන්න පුළුවං කියලා.. පවු තමයි.,!(නු)

:       0       0

මනෝජ් Tuesday, 29 January 2013 01:13 PM

සනත් පහ නෙමෙයි හයවෙනි පරාජය..!(නු)

:       0       0

කුමාර Tuesday, 29 January 2013 01:17 PM

අර හතර ගැහුවානම් මෙහෙම බාල්දි පෙරලයිද?(නු)

:       0       0

ශාන් Thursday, 31 January 2013 01:09 AM

අපේ කොල්ලෝ කොහේ ගියත් දිනනවා (දී)

:       0       0

පහන් Tuesday, 29 January 2013 07:25 PM

ටෝනි, ඔබ එදා මෙල්බර්න් පිටියේ සිටියා නම්... ඔබ නැති පාඩුව කෙසේ නම් පිරිමැසේද ? ඔබගේ වියෝව තාමත් මා වේදනාවෙන් පෙළනු ලබයි. (නි)

:       0       0

ශාන් Thursday, 31 January 2013 01:09 AM

අප‍ කොල්ලන්ට ජය (වේවා දී)

:       0       0

විජිත Wednesday, 30 January 2013 10:19 AM

අපේ කොල්ලෝ එහෙම තමයි (දී)

:       0       0

කමල් Monday, 28 January 2013 08:44 PM

අපේ කණ්ඩායමට ජය වේවා! (නි)

:       0       0

විජිත Wednesday, 30 January 2013 10:20 AM

බලාගෙන ඉන්න බැහැ, එකනේ අන්තිමේ රන්ඩු උනේ (දී)

:       0       0

පහන් Monday, 28 January 2013 08:55 PM

චීනෙටයි, රුසියාවටයි පැරදුනත් කමක් නැහැ, ඕස්ට්‍රේලියාවටයි, ඉන්දියාවටයි ගහලා. (නි)

:       0       0

නිශාන්ත Monday, 28 January 2013 08:55 PM

තිසර සහ මහේල තමයි අපේ ජයග්‍රහණයට හේතුව. (නි)

:       0       0

නිහාල් Monday, 28 January 2013 09:07 PM

අපි සැමදා ඔබ සමගයි. ජය වේවා! (නි)

:       0       0

තත්සරණි Sunday, 03 February 2013 06:09 PM

ජයවේවා. ජයවේවා (දී)

:       0       0

ඩෑම් දෝහා Monday, 28 January 2013 09:24 PM

කොහොමත් ඕ‍ස්ට්‍රේලියානු අය පරදිනකොට මොකක්හරි දෙයක් කරනවාමයි..!(නු)

:       0       0

තත්සරණි Sunday, 03 February 2013 06:11 PM

මම හැමදාමත් ඔයාලව විශ්වාස කරනවා. ඔයාලා තමයි මගේ හදගැස්ම. (නි)

:       0       0

තත්සරණි Sunday, 03 February 2013 06:12 PM

නියමයි මගේ වීර කොල්ලෝ.... (නි)

:       0       0

දෝහා Monday, 28 January 2013 09:26 PM

ක්‍රිකට් කියන්නේ මහත්ම ක්‍රීඩාවක්.. ඒ ගැන ඕස්ට්‍රේලියාවේ අයට තවම අවබෝධයක් නැති පාටයි.,!(නු)

:       0       0

දෝහා Monday, 28 January 2013 09:27 PM

ගොඩක් ගොඩක් සතුටුයි..!(නු)

:       0       0

ඩෑම් දෝහා Monday, 28 January 2013 09:28 PM

අපේ අසල්වැසි අය අද කිසිම කතාවක් නැහැ..!(නු)

:       0       0

දෝහා Monday, 28 January 2013 09:30 PM

තිසර ඔයා ඉගිල්ලෙන් උත්සාහ කරනවාද?(නු)

:       0       0

චානක Tuesday, 29 January 2013 08:10 AM

සුදුමහත්තුරුන්ට කොහොමත් රිදෙනවා අපේ කොල්ලන්ට පරදිනකොට.. නියමයි ලංකා.. (නු)

:       0       0

අසේල Thursday, 31 January 2013 07:56 AM

අනෙක් කට්ටියට අපේ දිනුම දිරවාගන්න බැරි වුණාට ටෝනි හිටියා නම් කියලා වැඩක් නැහැ. (නි)

:       0       0

විජේ Tuesday, 29 January 2013 08:15 AM

ශ්‍රී ලංකා පිලට ජය වේවා (ස)

:       0       0

චාමර Tuesday, 29 January 2013 08:20 AM

අපි තමයි සිංහයෝ ..... දිනුවත් පැරදුනත් ඒකේ වෙනසක් නෑ (ස)

:       0       0

ගිහාන් Tuesday, 29 January 2013 08:22 AM

කනකොට ටිකක් ඇගට අමාරුයිනේ.. ජය වේවා.!(නු)

:       0       0

අංජනා කේ. Tuesday, 29 January 2013 08:22 AM

කාලෙකට පස්සේ ලංකාවෙ වැඩක්.. ඕස්ට්‍රේලියානු කණ්ඩායමට අපිව පෙන්නන්න බැරිවඇති. මෙයාලා එදා ඉදන්ම කලේ මානසිකව වට්ටලා තරග දිනන්න තමයි.. ඉස්සරහටත් එහෙම තමයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 72 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 82 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 1734 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


සංස්ථා සභාපතිවරුන්ට ගෙදර යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 4633 0

රජයේ සංස්ථා මණ්ඩල අධිකාරි යනාදී ව්‍යවස්ථාපිත ආයතනවල සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්ට එම තනතුරුවලින් ඉවත් වන ලෙස රජය දැනුම්දී ඇතැයි වාර්තාවේ.


මන්ත්‍රීන්ට මාදිවෙලින් යන්න කියයි
2024 ඔක්තෝබර් මස 05 3417 0

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් ඉවත්වන ලෙස එහි පදිංචිව සිටින මන්ත්‍රීවරුන් 108 දෙනාට ලිඛිතව දැනුම් දී ඇත.


පක්ෂ 5කට තහනමක්
2024 ඔක්තෝබර් මස 04 3523 0

ලේකම්වරුන්ගේ ගැටලු ඇති දේශපාලන පක්ෂ පහකට මෙවර මහ මැතිවරණයට තරග කිරීම සඳහා අවසර නොදීමට මැතිවරණ කොමිෂන් සභාව තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38970 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25532 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 307 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1044 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 371 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site