IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ශ්‍රී ලන්කන් අධ්‍යක්ෂ මණ්ඩලය කැබිනට් රැස්වීමට කැඳවයි

(විනීතා එම් ගමගේ)

හෙට (20) පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය කැඳවා ඇතැයි වාර්තාවේ. 

එම සමාගම දිගින් දිගටම පාඩු ලබන තත්ත්වයේ පැවැතීම හේතුවෙන් ඒ පිළිබඳ යම් තීරණයක් ගැනීමට සිදුවී ඇති තත්ත්වයක් තුළ සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් කරුණු විමසීම සඳහා මෙසේ කැඳවා ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය පවසයි.

මේ වන විට සමාගම සතුව ගුවන් යානා 25 ක් ඇති අතර ගුවන් නියමුවන් 360 ක්, ගුවන් සේවක සේවිකාවන් 1200 ක් ඇතුළුව 7200 කට ආසන්න සේවක පිරිසක් සිටියි. 

ලාභ  ලබන ආයතනයක්ව පැවැති ගුවන් සමජගම පසුගිය කාලයේ ගත් වැරදි තීන්දු මත කඩා වැටුණු බවට රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන්  යාපා අබේවර්ධන මහතා ද අද (19) පෙරවරුවේ සිය අමාත්‍යංශයේ වැඩ භාර ගන්නා අවස්ථාවේ දී ප‍්‍රකාශ කළේය. 



අදහස් (8)

ශ්‍රී ලන්කන් අධ්‍යක්ෂ මණ්ඩලය කැබිනට් රැස්වීමට කැඳවයි

rohan Monday, 19 June 2017 10:48 AM

ලාභ ලබමින් ඉතාම හොඳට තිබුණු අපේ ගුවන් සේවය තමන්ගේ පටු වුවමනාවන් සහ බලය උදෙසා විනාශ කරලා දැම්මේ පසුගිය ආණ්ඩුව... මේ ඇමතිවරුත් එකේ හිටියා දැන් බබාලා වගේ හිටියට....

:       397       385

sachith Monday, 19 June 2017 10:54 AM

පඩි වැඩි කරලා, තව මොනවා හරි පහසුකම් දෙන්න වෙන්න ඇති...

:       0       1

arunaluMonday, 19 June 2017 11:34 AM

පඩි වැඩි කරලා අස්කරලා දාන්නයි තියෙන්නේ....

:       0       0

kumar (galf) Monday, 19 June 2017 11:04 AM

ගුවන් යානා 25 ක් ඇති අතර ගුවන් නියමුවන් 360යි... තව නැද්ද දේශපාලකයන්ගේ මිනිස්සු දාන්න එයාර් ලංකා එකට.... ?

:       0       16

Bhathiya Monday, 19 June 2017 11:23 AM

නිදහසෙන් පස්සේ ඉඳලම පත්වුණු සෑම රජයක්ම කලේ මෙවන් ආයතන රැකියා උල්පත් කර ගැනීම, තම පාක්ෂිකයන්ට වරප්‍රසාද ලබා දෙන්නට කටයුතු කිරීම පමණයි. කළමනාකරණ දැනුමක් නැති අය ඉහළ පුටුවලට පත් කරනවා. ලංගමට වුණෙත් ඔය ටිකමයි...

:       0       17

Janatha anura Monday, 19 June 2017 11:52 AM

මගීන් ඇතත් දුවන්න ගුවන් යානා නැහැ. එය 100 දක්වා වැඩිකරන්න පුළුවන් නම් ඉතා ජනප්‍රිය ගුවන් සේවය ලොව ප්‍රබල තැනකට ගෙන්න තිබුණා. එහෙම නැති නම් එමිරේට්ස් ගුවන් සමාගමේ ගිවිසුම තබා ගන්න තිබුණා. එමිරේට්ස් ගනුදෙනුවත් නිකම් සිදු වුණේ නැහැ. එවකට සිටිය නායකයන් එය හොඳින් දනී. ගිවිසුම් අවලංගු කරන්නත්, ගිවිසුම ඇති කරන්නත් කොමිස් මුදල් මත සිදුවෙනවා. දැන් දැන් සියළුම ව්‍යාපාර සංවර්ධන කටයුතු වසා දැමෙනවා. කලයුතු වන්නේ සියලු පාර්ශවයන් එකතුව මැතිවරණයකට යාමය. පළමු රට කල නායක දෙපලක් දේශපාලනයෙන් ඉවත් වන්නේ නම් එය සිදුවෙනවා නොඅනුමානය. මේ සියල්ලටම මුලික හේතුව නම් බන්ධනාගාර බිල් පත් ගනුදෙනුව බව මේ රටේ ගමේ ඉන්න ගැමි ජනයාත් දනී...ජනපතිත් දනී...

:       1       10

disanayaka Monday, 19 June 2017 12:29 PM

අනේ හපොයි.!!! මේවගේ රජයේ ආයතනවල ඉන්නේ වැඩිහරියක් හොරු.මෙගොල්ලනට ජාතික හැඟීමක් නෑ. මේවා දියුණුකරන්න. දේශපාලකයෝයි ඒ අයගේ ටිකයි එකතු වුණාම තනිකර අලිබබා සහ හොරු හතළිහ වගේ. තමන්ගේ මලු තරකරගන්න තමයි බලන්නේ. ගොඩක් රජයේ ආයතනවලට වෙලා තියෙන්නේ මේ ආපදාව තමයි. ගුවන්සේවය විතරක් නෙවෙයි, මුළු ලංකාවම ජාතියක් ලෙස පස්සට යනවා. අපි රටක් ලෙස එකදිගට පස්සට යනවා. කාර්යක්ෂම ජාතික ප්‍රතිපත්ති දැන් අවශ්‍යයි. රොතු බුරුතු පිටින් අදක්ෂ සේවකයෝ දාගෙන කිසිම ආයතනයක් දියුණුකරන්න බෑ. අද ගොඩක් රටවල් තමන්ගේ ගුවන් තොටුපළවල් ඉතා හොඳට සංවර්ධනය කරනවා. දීර්ඝ කාලීන සැලසුම් ඇතිව.... අපි ඉතින් හැමදාම ලොස්.... කවද හැදෙයිද දන්නේ නෑ? අපිත් බලා ඉන්නවා. අපි ජාති, ආගම, පක්ෂ, වර්ණ, උස්, පහත්, කුල, මල, මුදල් ගසා කෑමේ ගිජුකම අතෑරලා ලංකික ජාතියක් ලෙස එකතුවිය යුතු කාලය දැන් එළඹ ඇත.

:       0       0

Nandalal DE SILVA - France Monday, 19 June 2017 01:40 PM

මේ සියල්ලටම මුලික හේතුව නම් බන්ධනාගාර බිල්පත් ගනුදෙනුව..... හප්පෝ මොකද්ද මේ ගණුදෙනුව? තවත් අලුත් මගෝඩියක්ද ? ජනතා අනුර මහත්තයා සභාපති කරලා අලුත් කොමිසක් මගින් මෙය හොයා බලමුද ?

:       3       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අතිරේක භෝග වගාවට 15000ක සහනාධාරයක්
2025 අප්‍රේල් මස 19 51 0

යල කන්නයේදී කුඹුරුවල අතිරේක භෝග වගාවලට රුපියල් 15000ක සහනාධාරයක් ලබාදීමට රජය තීරණය කර ඇත.


තියෙන නීති මදි නම් ජාතිවාදයට එරෙහිව අලුත් නීති හදනවා
2025 අප්‍රේල් මස 19 338 0

දරුවන්ගේ පරපුර කවදාවත් යළි යුද්ධ නොකරන රටක් ගොඩ නගන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා තලවකැලේ ජනරැළියේදී අද පැවසීය.


ආණ්ඩුව මන්තර වගේ බොරුව ජප කරනවා
2025 අප්‍රේල් මස 19 185 0

මාලිමාවේ පච දේශපාලනය නිසා බහුතරයකට ආණ්ඩුව එපා වී ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මින්නේරිය ජන රැලියකදී පැවසීය.


කුරුණෑගල පැරණි ස්මාරක රැසකුත් කළුගල් කොරිවලට බිලි
2025 අප්‍රේල් මස 19 454 0

කළු ගල් ව්‍යාපෘති තුනකට නිසි පරීක්ෂාවකින් තොරව කළු ගල් කැණීමේ බලපත්‍ර නිකුත් කිරීම හේතුවෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්මාරක රැසකට හානි


ඇමති බංගලා වලට දෙස් විදෙස් ආයෝජකයෝත් පොරයක
2025 අප්‍රේල් මස 19 1191 0

කොළඹ ඇමති බංගලා තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා දෙන්නැයි දෙස් විදෙස් ආයෝජකයන් දහයකට ආසන්න පිරිසක් ඉල්ලීම් කර ඇති බව රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පා


පුංචි තරුෂි ලක්මව රනින් සරසයි
2025 අප්‍රේල් මස 19 1197 0

සෞදි අරාබියේදී දැන් පැවැත්වෙන වයස අවුරුදු 18න් පහළ ආසියානු යොවුන් මලල ක්‍රීඩා ශූරතාවලියේ මීටර 800 බාලිකා ධාවන ඉසව්වේ රන් පදක්කමක් දිනාගැනීමට තරුෂි අභිෂ


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 108 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 393 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site