(සුජිත් හේවාජුලිගේ)
ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වී ඇතැයි පැවසෙන අක්‍රමිකතා පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති කොමිසම අදාළ පුද්ගලයින්ගේ තොරතුරු හා සාක්කි සටහන් කර ගැනීම ඉදිරි සති දෙකේ දී අරඹන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.
ශ්‍රී ලංකා ගුවන් සමාගමට අනුබද්ධ වෘත්තිය සමිති සන්ධානයේ නියෝජිතයින් සමඟ ජනාධිපති කාර්යාලයේදී අද (25) පෙරවරුවේදී පැවැති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ශ්‍රී ලන්කන් ගුවන් සේවාව සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පවතින පිළිගැනීම ආරක්ෂා කරමින් ගුණාත්මක ගුවන් සේවයක් ලෙස එහි කටයුතු ඉදිරියට පවත්වාගෙන යාමේ අවශ්‍යතාව මෙහිදී දැඩිව පෙන්වා දුන් අතර ජනාධිපතිවරයා ගුවන් සේවයේ ගුණාත්මකභාවය වර්ධනය කිරීම සඳහා එහි පහසුකම් වැඩි දියුණු කළ යුතු බවද අවධාරණය කළේය.
ශ්‍රී ලංකා ගුවන් සේවයේ පසුගිය සමයේ සිදු වී ඇති අක්‍රමිකතා පිළිබඳව සොයා බැලිමට ජනාධිපති කොමිසමක් පත්කර ඒ කටයුතු ඉදිරියට ගෙන යෑම පිළිබඳව වෘත්තිය සමිති නියෝජිතයින් එම අවස්ථාවේදී ජනාධීපතිවරයාට ස්තූතිය පිරිනැමීය.
තම ගම්මානයේ ගංවතුර ජලය බැහැර කිරීමේ විධිමත් ක්‍රියාවලියක් නොමැති බව පවසමින් මන්නාරම තුල්ලුකුඩිඉරිප්පු ප්‍රදෙශයේ ජනතව විසින් මන්නාරම සහ තලෙයිමන්නා
හිටපු මන්ත්‍රීවරුන් පස් දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස භාරදීම පසෙක තබා විදේශගතව සිටින බව වාර්තාවේ.
කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල පෞද්ගලික විශ්විද්‍යාලයන්හි ඉගෙනුම ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මත් මුද්දර සහ මත්කරල් මෙන්ම කුෂ් මත්ද්‍රව්‍ය බෙදා හැරීමේ ජාල
අධික වේගයෙන් ධාවනය වු පෞද්ගලික බස් රථයක් ප්‍රතිවිරුද්ධ දිශාවෙන් ඉදිරියට ධාවනය වු ලංගම බස් රථයේ ගැටිමෙන් පෞද්ගලික බස් රථයේ පසුපස කොටස කැඩි ගොස් පෞද්ග
රාජකාරියට පැමිණේමින් සිටි වනජීවි නිළධාරීයකු අනතුරට ලක්කර පලාගිය බෝලොරෝ වර්ගයෙ කැබ් රථයක් එහි රියදුරු සමඟ අත් අඩංගුවට ගත් බව කරුවලගස්වැව පොලිසිය.
දුර්ලභ ගණයේ ටයිටෑන් වර්ගයේ වාලම්පුරියක් රුපියල් කෝටියකට මුදලකට විකිණීමට තැත් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාර
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලන්කන් කොමිසමේ සාක්කි සටහන් කරගැනීම ඉදිරි සති දෙකේදී
සතයපාල Wednesday, 25 April 2018 12:23 PM
ඇයි මේ තැතින් තැනට කොමිසම් දාන්නේ ග්‍රීක බැඳුම්කරය හෙජින් ගණුදෙනුව බාල පැට්රල් ආනයනය අධිවේගි මාර්ග ටෙන්ඩරය වගේම මිග්යානා ගණුදෙනුව වැනි පසුගිය රජය කාලේ චෝදනාවන්ට ලක්වූ ආයතන හා ගණුදෙනු පිළිබඳව පරීක්ෂණ පවත්වා වැරදිකරුවන්ට දඬුවම් කර පසුගිය ජනාධිපතිවරණයේදි වූ පොරොන්දුව ඉෂ්ඨකල යුතුයි.
A. Samathasena. Wednesday, 25 April 2018 02:11 PM
සත්‍ය වශයෙන්ම මේ කොමිසම් දැමිල්ල රටේ මුදල් කාබාසිනියා කිරීමක්. අනික කොමිසම පත් කරන කෙනා පත්කරන සාමාජිකයින් තමන් පත් කල කෙනාගේ මතයට තැනක් දෙනවාමයි. ඒක එහෙම නොවෙයි කියලා කාටවත් කියන්නට බැහැ. ඒක නිසා මේ කොමිසම් කියන ඒවායින් නියමාකාරයෙන් යුක්තිය පසිඳලීමක් සිදුවන්නේ නැත. එක්කෝ පක්ෂයි. එහෙම නැතිනම්, විරුද්ධයි. කෙලින්ම අධිකරණ තීන්දුවක් එසේ නොවේ. විනිසුරුවරයා හෝ විනිසුරුවන් විත්තිකරු හෝ පැමිණිලිකරු හඳුනන්නේ නම් ඔහු හෝ ඔවුන් ඒ සම්බන්ධව විනිශ්චය දීම යුක්ති යුක්ත නොවන්නේය. එබැවින්, එවැනි අවස්ථාවලදී අදාළ විනිසුරුවරයා හෝ විනිසුරුවන් ස්වකීය කැමැත්තෙන්ම ඉවත් වන්නේය. තවද, අධිකරණ තීන්දුවක් සාධාරණ නොමැති යයි හැඟේ නම්, එය අභියෝගයට ලක්කළ හැකි වන්නේය. කොමිසම් ප්‍රෝඩාවට වඩා අධිකරණ තීන්දු අගනේය.