පසුගිය රෙජීම සමයේ ශී‍්‍ර ලන්කන් ගුවන් සේවයේ සේවය කළ ඉහළ නිලධරයකු අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.
එම නිලධරයා අත්අඩංගුවට ගැනීමට නියමිතව ඇත්තේ පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව ආරම්භ කළ, මේ වන විට අවසානයට ළංවෙමින් තිබෙන විමර්ෂණයක ප්‍රතිඵලයක් ලෙසය.
ශී‍්‍ර ලන්කන් එයාර්ලයින්ස් සමාගමේ සිදුව ඇතැයි චෝදනා නැගී තිබෙන අක්‍රමිකතා සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට පත්කර තිබෙන විමර්ශන කොමිසම හමුවේ දී පවා මෙම පුද්ගලයාගේ නාමය මතුව තිබෙන අතර, එක්රැස් කරගත් රුපියල් ලක්ෂ සියයකට ආසන්න මුදලක වටිනාකමින් යුතු විදෙස් මුදල්, විදෙස් බැංකු ගිණුමක තැන්පත් කිරීමට ඔහු කටයුතු කර තිබේ.
මෙම පුද්ගලයා එම මුදල උපයාගෙන තිබෙන ආකාරය හෝ බැංකු ගිණුම තිබෙන රට හෙළි කිරීම හෝ පිළිබඳ අදහස් දැක්වීමෙන් පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන ඒකකයේ නිලධරයෝ වැළකී සිටියහ.
එසේවුව ද, සිදුව තිබෙන ව්‍යාපාර ගනුදෙනු කිහිපයකදීම එක් පාර්ශවයක් සමඟ එම ගනුදෙනුවල යෙදීමට මොහු වැඩි කැමැත්තක් දක්වා තිබෙන බව අනාවරණය කරගැනීමට සන්ඬේ ටයිම්ස් හට හැකිවිය. ලබාදුන් සහාය වෙනුවෙන් ගනුදෙනු සඳහා හවුල්ව සිටි පාර්ශවයන් ඔහු වෙත විදෙස් මුදලින් ගෙවීම් කර ඇත.
මෙම ගනුදෙනු පිළිබඳ දැනුම්වත් ආරංචි මාර්ගයන් සඳහන් කරන ආකාරයට මෙසේ මුදල් ගෙවීම සිදුකර ඇති සමාගම මේ වන විට හඳුනාගෙන තිබෙන අතර, බැංකුවේ මුදල් තැන්පත් කර ඇති බවට සාක්කි ද සොයා ගැනීමට හැකිව තිබේ. මෙම ඉහළ නිලධාරියා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම විමර්ශනය කි‍්‍රයාත්මක වන්නේ ශී‍්‍ර ලන්කන් සහ මිහින් ලංකා ගුවන් සමාගම්වල කි‍්‍රයාකාරීත්වය සම්බන්ධයෙන් වන විමර්ශන කොමිසම, ඒ අරබයා කි‍්‍රයාත්මක කරන විමර්ශන වලින් ස්වාධීනවය.
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර හතරකට පසු කර්මාන්ත අමාත්‍යාංශයේ මහජන දිනය අද ඇරැඹිණි.
මීට වසර 31කට පෙර වැසී ගිය කන්තලේ සීනි සමාගම සතුව සක්‍රීය තත්වයේ තිබූ යන්ත්‍ර සූත්‍ර විශාල ප්‍රමාණයක් මේවන වට විනාශ වී දිරාපත්ව ඇති අයුරු එහි ගිය අපට දැක
ලෝකය තුළ යළි හිස ඔසවමින් පවතින යුද මානසිකත්වය මුළුමනින්ම තුරන් කර, සාමකාමී ලෝකයක් බිහිකිරීමේ අරමුණින් යුතුව ඉන්දියාවේ බුද්ධගයා පූජා භූමියේ ශ්‍රී මහ
මිගමුව කලපුවේ කුඩා ධීවර යාත්‍රාවක් පෙරළී යාමේන් අතුරුදහන් වු පියා හා දියණියෙගේ සිරුරු අද දහවල් මිගමුව මුන්නක්කරේ සිරිවර්ධනපුර කලපු තිරයේ තිබියදී ස
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශ්‍රී ලන්කන් හිටපු ලොක්කෙක් ළඟදීම අත්අඩංගුවට
Mahee Sunday, 19 August 2018 08:27 AM
අක්කලා, අයියලා, මස්සිනාලා ඔක්කොම එකතුවෙලා ශ්‍රී ලංකන් පාවිච්චි කලේ අම්මගෙ අප්පගෙ බූදලේ හැටියටයි. ඒක කන අතරේ මිහින් ලංකා දා ගත්ත සගයාට ඕනෑ විදිහට. කට්ටිය එකතුවෙලා දෙකම අනුභව කළා, හිතේ හැටියට. මේ ගොල්ලන් ඇවිත් ඉතුරු ටික කාලා හප කරලම දැම්මා. අනේ අපේ සල්ලි...
RNG Sunday, 19 August 2018 08:31 AM
පක්ෂපාතී විදියටනේ පුවත තියෙන්නේ.. පසුගිය රෙජිම සමයේ කියන්නේ පහුගිය ආණ්ඩු කාලයේ කියන්න බැරිද ..? මේ දේවල් නිසා බහුතර ජනතාවගේ විශ්වාසය පලුදු වෙයි වගේ..
BamunuarachchiSunday, 19 August 2018 09:11 AM
අපි මේවා තාර බර ඇරලා බාරගන්න ඕනේ. ගෙඩිය පිටින් බාරගන්න හොඳ නැහැ.
erdiSunday, 19 August 2018 10:58 AM
මොන තාර බාරද? රෙජීමයේ එව්වො කිව්ව ගමන් පොළව පලාගෙන යන්න හිතෙනවද? කිසිම සුදුසුකමක් නැති මැට්ට මස්සිනාගේ පවර් අරන් ගිය උඩක්. මිනිහගේ උඩැක්කි ටිකත් ඒ එක්කම දාන්න වෙනවා කූඩුවට... නැත්තම් පවු?
Chanak Los angelesSunday, 19 August 2018 03:36 PM
නිකන් බබාලා වෙන්න එපා.. පේනවා නේද තානාපති නිවස ගන්නකොට ඩොලර් කොමිසන් ගහපු රෙජීමයේ එක පුද්ගලයෙක් බිරිඳවයි, නංගිවයි ඇපයට තියලා උසාවියට බොරුකරලා ඇමරිකාවට පැනලා හැංගිලා වරෙන්තුපිට ඉන්න හැටි.. ඒ වගේ ජාතික සම්පත් කාපු හොරුන්ගේ නේද රෙදි අපුල්ලමින් ඒ වතුරත් බොන්නේ..?
RNG Monday, 20 August 2018 03:04 AM
අනිත් ආණ්ඩුව ආවාම දැන් ඉන්න හොරුන්ගෙත් කෙරුවාවල් බලා ගන්න පුළුවන් වෙයි..
RNG Monday, 20 August 2018 03:04 AM
අනිත් ආණ්ඩුව ආවාම දැන් ඉන්න හොරුන්ගෙත් කෙරුවාවල් බලා ගන්න පුළුවන් වෙයි.. ඔය හෝදන රෙදිවලත් අසූචි තියෙනවා කියලා මතක තියා ගත්තොත් හොඳයි..
sam Sunday, 19 August 2018 08:42 AM
ලංකාවේ වගේ අකාර්යක්ෂම රාජ්‍ය සේවයක් තියන රටක, නීතිය කියන දේ හරියාකාරව ක්‍රියාත්මක කරන්න දීර්ඝ කාලයක් ගතවීම වළක්වන්න බැහැ. හිටපු අගවිනිසුරුතුමිය පන්නා දැමීම, හිටපු හමුදාපතිතුමා හිරේ දැමීම වැනි දේශපාලනමය පළි ගැනීම් සති කිහිපයකින් ක්‍රියාත්මක කලත් නීතිය හරියාකාරව, සාධාරණව, ක්‍රියාත්මක කිරීමේදී වඩා වැදගත් වන්නේ ගතවූ කාලය නොව නීතිය හරියාකාරව ක්‍රියාත්මක වෙනවාද යන්නයි...
පිටිගල මිලානෝ Sunday, 19 August 2018 08:47 AM
අපේ ගුවන්සේවයට කල හානියට එක ලොක්කෙක් විතරක් නෙවෙයි, හිටපු පාලකයාත් අත්අඩංගුවට ගන්න ඕනේ. ඒ ගොල්ලෝ අපේ ගුවන්යානා පාවිච්චි කලේ ඒ අයගේ කාර් වගේ...
mohanSunday, 19 August 2018 01:39 PM
එතකොට දැන් පාලකයා බබාද? වහල් කතා කියන්න එපා.
Chanak Los angelesMonday, 20 August 2018 12:13 AM
වදින තැනකට වැදියන් රිදෙන විධියට
ඇත්ත සත්‍යපාල Sunday, 19 August 2018 09:07 AM
පළමුවෙන්ම කළ යුත්තේ ඕනෙම බලවතෙක් කරන හොරකමකට, අපරාධයකට දඬුවම් ලැබෙන යාන්ත්‍රණයක් හැදීමයි. එමගින් මොන ජගතෙකුටවත් ගැලවෙන්නට නොහැකි අධිකරණ පද්ධතියකට අඩිතාලම දැමීමයි. කිසිම රජයක් නොකරන්නේද එයමයි. එසේ කිරීමෙන් මහින්ද, රනිල් හෝ ඕනෑම අයෙකුට ගැලවීමට නොහැකි බව දැනෙනවිට රට වංචාවෙන් හා දූෂණයෙන් මිදෙනු ඇත. එසේ නොමැතිව මේ සංදර්ශනවලින් ඇතුළට යන අය ටික කලකින් එළියේ... මේවා ගැලරියේ විසිල් එක ගන්නට ගහන බල්ටි. මේවා මේ විදිහටම නැවත නැවතත් පත්වෙන හැම රජයක්ම කරනු ඇත. අවසානයේ දෙගොල්ලන්ම හොරුය. දෙගොල්ලන්ම ජනතාව රවටන වංචනිකයින්ය...
kumar (Gulf) Sunday, 19 August 2018 09:34 AM
ඩුබායි කාලා ලංකාවට ඇවිත් අපේ රටේ ගුවන් සේවා කාපු අර අම්බලන්ගොඩ ඉන්න මහා හොරා අල්ලන්නේ නැද්ද ?
sirimal Sunday, 19 August 2018 09:53 AM
"පහත් තැනින් යයි ගලා ජලේ" කීවලු. මේවා කලේ හිතුමනාපෙට වැඩ කරපු ඉහළම ඇවරියේ කට්ටියගේ අණින් බව කවුරුත් දන්නවා. ඒගොල්ලෝ අහුවෙන්න වැඩ කරලා නැහැ. මේක විතරක් නෙවේ තාජුඩීන්, කීත් නොයාර්, එක්නැලිගොඩ, ඩුබායි ගිණුම්, වැලිකඩ ඝාතන, බැඳුම්කර, 2015 ජනවාරි 9 උදේ පාන්දර සී ෂෙල්ස් වලට යැව්ව මිහින් ලංකා යානයේ පුරවාගෙන ගෙනගියේ මොනවාද? වගේ මෙකි නොකී කිසිම අපරාධයක් උසාවියකදී ඔප්පු කරන්නට පුළුවන් ආකාරයේ සාක්ෂි ඉතුරු කර නැහැ. එකයි ඔය සේරම කිසි වැරද්දක් කලේ නැති සුදනෝ වගේ මහපාරේ ජෝගි නටන්නේ. දැන් නීති උපදෙස් හොයනවාලු ආපහු එන්න ක්‍රම වේදයක් හොයාගන්න. මොකද අපේක්ෂකයෙක් තෝරාගන්න එකත් විශාල ගැටළුවක් වෙලා. ඒකයි.
Sunil Sunday, 19 August 2018 10:36 AM
අත්අඩංගුවට ගන්නවා, රිමාන්ඩ් කරනවා, ඇප මත නිදහස් කරනවා, බෙහෙත් ගන්න පිටරට යන්න අවසර දෙනවා කියනවා, නඩුව කල් ගියා කියනවා, සමහරු පැනලා යනවා, ඉන්ටර්පෝල් රතු නිවේදන නිකුත්කළා කියනවා, නාට්‍යයක් රඟදක්වා පෙන්නනවා. මෙගා ටෙලියක් බලනවා වගේ අපිත් බලනවා. හුරේ දමනවා. එච්චර තමා. 2015 ඉඳලා මෙතෙක් වුනේ එච්චරනේ? හොඳයි එහෙම නෙමේද?
Rathnayake Sunday, 19 August 2018 10:52 AM
සී.අයි.ඩී. එක ඇවිත් ප්‍රකාශයක් ගත් එකට හිටපු රාජ්‍ය නායකයා මොනවද මාධ්‍යයට ඇවිත් කිව්වේ? මේවා දේශපාලන පළිගැනීම් කිව්වා. ඒ වගේම මේ ශ්‍රී ලංකන් එයාර් ලයින් එක හොරා කාපු එකටත් කියාවි, මේකත් දේශපාලන පළිගැනීම් කියලා. මට හොඳටම විශ්වාසයි මේ යහපාලන රජය මේ කම්බ හොරනඩය හිරගෙදරට යවයි කියලා බෝහෝම ඉක්මනටම....
sas Sunday, 19 August 2018 11:16 AM
එමිරේට්ස් ගුවන් සේවය අපේ ශ්‍රී ලංකන් ගුවන්සේවය කළමනාකරණය කරනවිට ලාභ ඉපයුවා. මහින්ද නැවත ශ්‍රී ලංකන් රජයට ගත්පසු ගුවන්සේවය කඩා වැටුණා...
mohanSunday, 19 August 2018 01:38 PM
එමිරේට්ස් ආපහු ගියේ අපේ ගුවන් මාර්ග ටිකත් අරගෙනයි. අපේ ගුවන් සේවය කඩා වැටුනේ ඒ නිසයි. නොදන්න පලියට ගොන් කතා නොකියා ඉන්න.
banda Sunday, 19 August 2018 05:47 PM
මොහාන් ඔයාට මොකද මෙචර කේන්ති යන්නේ? හිටපු එක්කෙොගේ ගෙදර වළං හෝදන හින්දද?
palitha Sunday, 19 August 2018 11:21 AM
බයිලා ගහගහ ඉන්න දෙයක් නැහැ. ඔප්පු වුණා නම් ගිහින් අත්අඩංගුවට ගන්නවලා. මොකටද තවත් අනාවැකි කියකියා ඉන්නේ... හිටපු ජනපති, ඉන්න ජනපති, අරයා මෙයා වැඩක් නැහැ. හොරා කාලා මාට්ටු නම් දඬුවම් දෙන්න. හොරාකාපු සල්ලි අාපහු අරන් ඒක අදාල ආයතනයට යොදවන්න. "යුද්ධය දින්න නිසා හොරාකෑවට කමක් නැහැ" කියලා ඉන්න පුළුවන්ද?
saliya Sunday, 19 August 2018 11:52 AM
කුමාරයා ඔතැන වැඩ කරපු සහකාරියකට අයථා ලෙස දුන්නු වරප්‍රසාද ගැනද සොයා බලන්න...
gallage Sunday, 19 August 2018 12:28 PM
මහින්ද උන්නැහේගේ බෑනා.. හොඳට වවාගෙන කෑවා නේද..? ඔන්න වැඩ..
indika Sunday, 19 August 2018 12:30 PM
අත්අඩංගුවට ගැනීම් සහ නැවත මුදා හැරීම් දැන් සාමාන්‍ය දෙයක් වෙලා. චුදිතයෝ ඇත. දඬුවම් නැත.
Raveendra Sunday, 19 August 2018 12:36 PM
තමන් බලයට පත්වූ විට පැරදුන " එකා "වැරදිකාරයාය . පැරදුනු " එකා " බලයට පත්වූ විට පෙර බලයේ සිටි " එකා" වැරදි කාරයා ය. අවසානයේ දෙගොල්ලෝම නිදහස් ය. සියලුම වැරදි කරුවන් අහිංසක මහජනතාව පමණකි. රටක් දියුණුවන්නේ කෙසේද?
de silva berlin Sunday, 19 August 2018 01:12 PM
රටේ භෞමික අඛණ්ඩතාවය ආරක්ෂා කිරීමට ජනාධිපති ඇමතිවරු ඇතුළු රාජ්‍ය පාලකයන් වැඩබාරගන්න කොට දිවුරා පොරොන්දු වෙනවා. එ්ක ඔවුන්ගේ රාජකාරියේ කොටසක්... ඒ සඳහා ඔවුන්ට අපි විවිධ වරප්‍රසාද සහ දීමනා මහජන මුදලින් ගෙවනවා. වැටුප් ගෙවනවා. යුද්ධය දිනුවා කියලා රටේ තිබෙන සම්පත් පවුලේ සාමාජිකයින්ට ගසාකන්න දීලා ඇස්කන් පියාගෙන සිටින්න බැහැ. මේක දැන් ඉන්න පාලකයින්ටත් අදාලයි. එහෙම දේවල් වෙලා තිබෙනවා නම් එ් පිළිබඳව සාධාරණ සැකයක් තිබෙනවා නම් සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසියට උපදෙස් දීම දැන් ඉන්න පාලකයන්ගේ වගකීමක්..., ඔවුනුත් ඔවුන්ගේ රාජකාරිය හරියට නොකරනවා නම් ඔවුනුත් මේ වංචා අනුමත කරන බව මගේ අදහසයි.
td Sunday, 19 August 2018 01:31 PM
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නීති නිලධාරීන්ගේ වැටුප් ඉහළ දැමීම ජාතික වැටුප් හා සේවක සංඛ්‍යා කොමිෂන් සභාව ප්‍රතික්ෂේප කර ඇති බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා පවසයි. නමුත් මෙම සුවිශේෂී ආයතනය පිළිබඳ ඇතැම් සංවේදී විය යුතු රාජ්‍ය නිලධාරීන් එය මඟහැර ගොස් ඇති බවයි සරත් ජයමාන්න මහතා පෙන්වාදෙන්නේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් සරත් ජයමාන්න මහතා මීට පෙර අවස්ථා කීපයකදීම පුවත්පත් සාකච්ඡා මගින් සහ විද්‍යුත් මාධ්‍ය මගින් කොමිෂන් සභාවේ නීති නිලධාරීන්ගේ වැටුප් ඉහළ දැමීම, රජකාරී කටයුතු කර ගැනීම සඳහා ප්‍රමාණවත් නීති නිලධාරීන් නොමැතිවීම සහ තවත් බොහෝ කරුණු කිහිප වරක් රටට ඉදිරිපත් කර ඇතත්, මේ සම්බන්ධව රජය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ රාජකාරිය සඳහා අවශ්‍ය පහසුකම් සියල්ල ලබානොදෙන්නේ මන්ද යන්න ශ්‍රී ලංකාවේ දූෂණ විරෝධී මහජනතාවට ගැටලුවකි.
sam Sunday, 19 August 2018 02:06 PM
මේ අර මස්සිනාද?
parakkrama Sunday, 19 August 2018 02:42 PM
සාමාන්‍ය පෙළ සමත් නැති වුනත් ඒබව නොතකා නෑකමට ලොකු පුටුවේ ඉන්දවපු කෙනා වෙන්න ඇති නේද?
Nishantha Sunday, 19 August 2018 04:00 PM
සදා කාලික බලයක් ලැබුණාම කොහොම තියෙයිද ?
Chanak Los angeles Sunday, 19 August 2018 04:04 PM
මහජන දේපල හොරකන එවුන් නැවත උපදිනකොට උපදින්නේ වව්ලෝ වෙලා එල්ලි එල්ලී ඉන්න වෙන විධියටයි .
de silva Sunday, 19 August 2018 06:41 PM
අනිවාර්යයෙන්ම මොහුට විරුද්ධව නඩු දමලා නිතිය ක්‍රියාත්මක කරන්න ඉස්සර වෙලා මොහු මොහුගේ ලංකාවේ තිබෙන දේපලත් විකුණලා එහෙම නැත්නම් වෙන කෙනෙකුට පවරලා මුදලුත් අරන් රටෙන් පිටවෙලා පිට රටකට යනවා ,
padmini Monday, 20 August 2018 06:17 AM
අත්අඩංගුවට ගන්න නැකත් බලනවද
lal Monday, 20 August 2018 01:54 PM
ඕක කලින් කිව්වේ ඔහුට පැනලා යන්න කියන එකද?
Nandalal DE SILVA - France Monday, 20 August 2018 04:54 PM
වෙන රටවල නම්, මේවගේ දේවල් අඬබෙර ගහමින් කරන දේවල් නොවෙයි ! දැනටමත් මේ අය අපේ ප්ලේන් එකකින්ම රටින් පැනලා ගිහිල්ලත් ඇති. අනේ අපේ මේ පරීක්ෂකයන්ට මොලේ කලඳක්වත් නැති හැටි.
de silva Thursday, 13 September 2018 06:07 PM
හැම අවුරුද්දකම රුපියල් කොටි 1500 ක් 2000 ක් ශ්‍රී ලන්කන් එකේ පාඩු පිරිමැසීමට මහා භාණ්ඩාගාරයෙන් වියදම් කරමින් දිගින් දිගටම මේක පවත්වාගෙන යාම , රටේ සාමාන්‍ය ජනතාවට කරන අසාධාරණයක් නොවේද ? මෙම මුදලින් වසරකට ලංගමට බස් කියක් ගන්න පුලුවන්ද ? ජීවිතේටම ගුවන් යානයකට නැගලා නැති පීඩිත පන්තියේ සහ මධ්‍යම පන්තියේ පුරවැසියන් අනුන්ගේ පවු වලට කරගැසිය යුතුද ? කරුණාකර ඕක බංකොලොත් නම් වහලා දමන්න