IMG-LOGO

2024 ඔක්තෝබර් මස 01 වන අඟහරුවාදා


ශ්‍රී ලනිපයට අලුත් මුහුණු තුනක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරකව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (14) බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ දි රැස්විය. එහිදී  පක්ෂයේ ජාතික සංවිධායක ලෙස  සුසිල් ප්‍රේමජයන්ත්, උප සභාපති ලෙස රාජිත සේනාරත්න සහ භාණ්ඩාගාරික ලෙස එස්.බී නාවින්න මහත්වරු පත්කර ගනු ලැබූහ. අනුශාසකවරු ලෙස හිටපු ජනාධිපතිරුන් මෙන්ම අගමැතිවරුන් ද පක්ෂයේ ජ්‍යෙෂ්ඨයකු වන අලෙවි මව්ලනා මහතාද පත් කිරීමට අද තීරණය කළ බව ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

පක්ෂයේ අනුශාසකයින් වන හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බන්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අවස්ථාවට සහභාගී නොවූහ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ලෙස කටයුතු කළ ඩලස් අලහප්පෙරුම මහතාට එම තනතුර අහිමි වු අතර ඔහු උප සභාපතිවරයෙක් වශයෙන් පත් කරගනු ලැබීය. පර්ලිමේන්තු මන්ත්‍රී විනයාග මූර්ති මුරලිදරන් (කරුණ අම්මාන්) දරු උප සභාපති තනතුර ඔහුට අහිමි වී ඇත.

තේරි පත්වු නිලධාරී මඩුල්ල මෙසේය

අනුශාසකවරු - හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මහින්ද රාජපක්ෂ, හිටපු අගමැතිවරුන් වන රත්නසිරි වික්‍රමනායක දීමු ජයරත්න, බස්නාහිර පලාත් ආණ්ඩකාර අලෙවි මවුලනා, කතානායක චමල් රාජපක්ෂ සහ විශ්වා වර්ණපාල

සභාපති - ජනාධිපති මෛත්‍රීපාල සිරිසෙන මහතා

ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරු - නිමල් සිරිපාල ද සිල්වා, ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න, ඒ.එච්.එම්. පවුසි, ජනක බණ්ඩාර තෙන්නකෝන්

උපසභාපතිවරු - සී.බී රත්නායක, කුමාර වෙල්ගම,ඩලස් අලහප්පෙරුම, එස්.බී. දිසානායක, පියසේන ගමගේ, රාජිත සේනාරත්න, සරත් අමුණුගම, පිලික්ස් පෙරේරා, එම්.ඒ.ඩී.එස්. ගුණවර්ධන, මහින්ද යාපා අබේවර්ධන.

ප්‍රධාන ලේකම් - අනුර ප්‍රියදර්ශන යාපා

උප ලේකම්වරු - ජගත් පුෂ්පකුමාර, දුමින්ද දිසානායක, මහිපාල හේරත්, ඩිලාන් පෙරේරා, මහින්ද සමරසිංහ, රංජිත් සියඹලාපිටිය, මහින්ද අමරවීර

නිරීක්ෂක සභිකයෝ - ගුණරත්න වීරකෝන්, නන්දිමිත්‍ර ඒකනායක, ජයරත්න හේරත්, ප්‍රියංකර ජයරත්න, චන්දිම වීරක්කොඩි, සරත් ගුණරත්න, ටී.සුමතිපාල, ඉන්දික නලින් ජයවික්‍රම, රංජිත් සෝමවංශ

නිලබලයෙන් පත් වු නිරීක්ෂක සභිකයෝ - සරත් ඒකනායක, දයාසිරි ජයසේකර, සහන් විජයලාල් ද සිල්වා, පේෂල ජයරත්න, ශෂීන්ද්‍ර රාජපක්ෂ, අබ්දුල් මජීඩ්, ඒ රාමනාදන් යන මහත්ම මහත්මීහු තේරීපත් වූහ.

 



අදහස් (0)

ශ්‍රී ලනිපයට අලුත් මුහුණු තුනක්

සහන් Sunday, 15 February 2015 10:00 AM

ජගත්, මේ මිනිස්සු රට වෙනුවෙන් කරපුදේ හරි. (ර)

:       0       0

චමත් Saturday, 14 February 2015 02:57 PM

මේ හැමෝම තනතුරු වලට මිසක් රටට වැඩ කරන්න එනවා නෙමෙයි. (නදී)

:       0       0

ඇසිලින් නෝනා Saturday, 14 February 2015 03:21 PM

අලුත් මුහුණු කිව්වට පරණ ශරිරමයි අයියේ. 60% ක්ම 60 පැනපු බිම යන්න බැරි අය. ඊළඟ පෙරළියට ඊළඟ දසකයට ගැලපෙන තරුණ හා කාන්තා නියෝජන නැහැ. මොකක්ද මේ නාඩගම. (නදී)

:       0       0

අබේ-ටෝකියෝ Saturday, 14 February 2015 04:33 PM

හිසේ කැක්කුමට කොට්ටේ මාරු කරනවා කියන්නේ මේ වගේ වැඩවලට නේ. (නදී)

:       0       0

ලෝචන Saturday, 14 February 2015 05:21 PM

මේ කෝලම් මඩුකාරයින්ට අමතකවෙලා ලක්ෂ 58 ක් ඡන්ද ගත්ත මහින්ද මහත්තයව. මම හිතන්නේ කොටි හිතවාදී රටවල් නියෝග දීල ඇති මහින්දට ලොකු බලයක් දෙන්න එපා කියලා. දැන් ඔක්කොම වෙන්නේ එහෙමනේ. (නදී)

:       0       0

රොෂේන් Saturday, 14 February 2015 05:39 PM

දැන්නම් අච්චාරු හැළියක් වගේ මට නම්. සියලු සංස්කාරකයෝ නැසෙන සුළුයි කියලා බොරුවට නෙමෙයි කිවුවේ බුදුරජාණන් වහන්සේ (නි)

:       0       0

පාරා Saturday, 14 February 2015 08:16 PM

ආ ඇසිලින් නෝනෝ, ඒත් ඉතින් මේකේ ඉන්න හුඟ දෙනෙක්ම අතිගරු උතුමානන් වහන්සේට එහෙයි කියපු අයලු කියන්නේ.(නදී)

:       0       0

මාලි Saturday, 14 February 2015 10:55 PM

60 පැනපු අයනේ (නදී)

:       0       0

ජිලෝ Sunday, 15 February 2015 12:15 AM

ඉතින් ඇසිලින් නෝනාටත් හැට පැනල මෙතැන ලියන්න පුළුවන් නම් අර හැට පැනපු කට්ටිය පත් වුනාම මොකෝ ? (නදී)

:       0       0

සිල්වා Sunday, 15 February 2015 12:21 AM

ජනතාව හරි කැමතියි ඔයාලට ශෝක් අනේ (නදී)

:       0       0

මාලි Sunday, 15 February 2015 01:06 AM

නෝනගේ කතාවට මන් එකඟයි. අලුත් මුහුණු වලට තැනක් නැතුව ඉදිරියක් නෑ (නදි)

:       0       0

දුමින්ද Sunday, 15 February 2015 01:41 AM

අනුශාසක මඩුල්ලක් ඉන්න නිසා මහ ඡන්දයට හොඳයි (නි)

:       0       0

ජයන්ත රාජකරුණා Sunday, 15 February 2015 02:01 AM

මහින්ද මහත්තයා නැතුව ඔය කට්ටය දිනන්නේ නැහැ (නදී)

:       0       0

අශෝක Sunday, 15 February 2015 02:12 AM

බලාගෙන යනකොට අපිනේ වැරදි කරලා තියෙන්නේ? (නි)

:       0       0

අනෝමා Sunday, 15 February 2015 02:40 AM

ඔව් ඉතින් අයෙත් ගෙන්නාගෙන මාලිගාව ඉස්සරහ රේස් එකක් එහෙම යවල බැරිය වැඩ භාර ගන්න. (අ)

:       0       0

දිසා Sunday, 15 February 2015 03:08 AM

කියන තැනකට වදින්නම් අනේ මේ රට දැන් හොදින් යනවනේ ,රට ගැන ,රටේ මහා ජනතාව ගැන හිතලා, අනේ වදින්නම් ආයිත් ඔයාලා ඡන්දෙකට නම් ඉල්ලන්න එන්න එපෝ ..(අ)

:       0       0

අශෝක Sunday, 15 February 2015 05:22 AM

මේ එපා කිව්ව අයම නේද ඉන්නේ (දිල්)

:       0       0

අරුණ Sunday, 15 February 2015 05:39 AM

කොහොමටත් ඔය හැමෝම ගැන ජනතා මනාපයක් නැහැ. තවත් අවුරුදු 30 විපක්ෂගතවන්නට දරන උත්සාහයක්. ජනතා ඉල්ලීම, දුෂණ නැති සාදාරනව කාර්යක්ෂමව වැඩ කරන තරුණ පෙළක් (නදී)

:       0       0

ජගත් Sunday, 15 February 2015 05:40 AM

මහින්ද මහත්තය පාවා දීල ඔහෙලා ඔක්කොම කරපු පවට කවදාවත් ඔහෙලට බෑ සමාව දෙන්න. ලබන ඡන්දෙදි ඔහෙලගෙන් 80% දෙනා ජනතාව හැටියට අපි ගෙදර යවන එක යවනවා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලිට්‍රෝ සමාගමට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 01 287 0

ලිට්‍රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා ලෙස චන්න ගුණවර්ධන මහතා පත් කර තිබේ.


දුම්රිය පාර අයිනේ මළ සිරුරක්
2024 ඔක්තෝබර් මස 01 122 0

මිය ගිය පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද( 1) අඹේපුස්ස කීනදෙනිය දුම්රිය මාර්ගය ආසන්නයේ තිබී සොයා ගත් බව මීරිගම පොලිසිය කියයි .


අත්‍යවශ්‍ය වියදම් මුදල් නිදහස් කිරීමේ බලය මුදල් ලේකම්ට
2024 ඔක්තෝබර් මස 01 690 0

අක් මුදල් නිදහස් කිරීම සඳහා පවතින සීමාවන් ඉවත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත .


සල්ලි නොගෙන වැඩ කරන ජනාධිපති උපදේශකවරු
2024 ඔක්තෝබර් මස 01 1580 0

ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලන්ගමුව මහතාත් ආර්ථික කටයුතු හා මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු ම


වෙන්දේසියේ මල් වට්ටියට ලක්ෂ 7්ක්
2024 ඔක්තෝබර් මස 01 211 1

කරුවලගස්වැව ප්‍රාදේශීය ශාසනාරක්ෂක බල ප්‍රදේශයට අයත් මූණමල්ගස්වැව ශ්‍රී සුබෝධාරාම විහාරස්ථානයේ අභිනව විහාරමන්දිරය ඉදිකිරීමට ආධාර පිණිස සංවිධානය


ජපන් මහ මැතිවරණය ඔක්තෝබර් 27 වැනිදා
2024 ඔක්තෝබර් මස 01 103 1

කඩිනමින් මහ මැතිවරණයක් පැවැත්වීමට, ජපානයේ පාලක ලිබරල් පක්ෂයයේ නව නායකයා මෙන්ම, නව අග්‍රාමාත්‍යවරයා ද වන 67 හැවිරිදි ෂිගුරු ඉෂිබා තීරණය කර ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38405 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25303 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 266 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 883 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 317 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site