IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ශලනි රඟපෑ චරිත අතරින් මම කැමතිම ගඟ අද්දර නාට්‍යයට

2016-06-19-ent-212

2016-06-19-ent-207ජනප‍්‍රියම නළුවා ලෙසින් සම්මානයට පාත‍්‍රවීම පිළිබඳව මොකද හිතන්නෙ?

ගොඩක් සතුටුයි. මම ක්ෂේත‍්‍රයට ඇවිල්ලා අවුරුදු 10 ක් විතර වෙනවා. ඉතින් මේ කාලය ඇතුළත ජනප‍්‍රියත්වයක් යම්තාක් දුරකට රැඳිලා තිබීම ගැන ගොඩක් සතුටුයි. සාමාන්‍යයෙන් ගොඩක් වෙලාවට ක්ෂේත‍්‍රයට එන අලූත් මුහුණක්නෙ ජනප‍්‍රිය වෙන්නෙ. කට වචනෙන් කියන්නෙ එක රැයින් ජනප‍්‍රිය වෙනවා කියලා. ඒ වගේ තත්ත්වයක් නවක ගොඩක් දෙනෙකුට තියෙනවා. නමුත් ඒක කාලයක් පවත්වාගෙන යන එක ටිකක් අපහසුයි. ඉතින් කාලයක් ක්ෂේත‍්‍රයේ රැඳිලා ඉන්න කෙනෙක් විදියට තාමත් ඒ ජනප‍්‍රියත්වය අඩුවෙලාද? වැඩිවෙලාද? කියන්න දන්නෙ නෑ. නමුත් යම්තාක්දුරට ඒ ජනප‍්‍රියත්වය තිබීම ගැන ලොකු සතුටක් තියෙනවා.

 

මෙවර ජනප‍්‍රිය නළුවා සම්මාන ලැබුණෙ කීවෙනි වතාවටද?

රයිගම් සම්මානය ලැබුණෙ 4 වෙනි වතාවට.

 

ගිය වසරේ රඟපෑ ටෙලිනාට්‍ය ගැනත් කතා කරමු?

වස්සාන පේ‍්‍රමය සහ හංස පිහාටු ඒ නාට්‍යය දෙකම තවමත් විකාශය වෙනවා. ඒ වගේම මේ දවස්වල මතු සම්බන්ධයි නාට්‍යයත්, එරන්ලන්දු නාට්‍යයත් විකාශනය වෙනවා.

 

නාට්‍ය චරිත ගැනත් හැඳින්වීමක් කළොත්?

වස්සාන පේ‍්‍රමයේ මම ආදිත්‍ය කියන චරිතය රඟපාන්නෙ. අහිංසක පේ‍්‍රමවන්තයාගෙන් මිදුණු වෙනස්ම චරිතයක්. ඒ චරිතය භාරගනිද්දී මගෙ හිතෙත් පොඩි චකිතයක් තිබුණා පේ‍්‍රක්ෂකයො කොයි විදියට ඒක භාර ගනීද කියලා. මොකද සාමාන්‍යයෙන් මිනිස්සුන්ගෙ වැඩි කැමැත්තක් තියෙන්නෙ ටිකක් අහිංසක සුදු චරිතවලටනෙ. ඉතින් මේ ඊට වඩා වෙනස් චරිතයක්. නමුත් හිතුවට වඩා හොඳ ප‍්‍රතිචාර තිබුණා. ඒ වගේම හංස පිහාටු ටෙලිනාට්‍යයෙත් මැර දේශපාලනඥයකුගෙ චරිතයක් රඟපාන්නෙ. ඒ නාට්‍යයත් මේ දවස්වල ගොඩක් ජනප‍්‍රියයි. හොඳ ප‍්‍රතිචාර ලැබෙනවා.

 

ඒ අතරින් වැඩිපුරම කැමති චරිතය ගැන කිව්වොත්?

චරිත දෙකටම එකවගේ කැමතියි. සමාජ තල දෙකක් නිරූපණය කරන වෙනස්ම චරිත දෙකක් තමයි ඒ. ඉතින් වෙනසක් නෑ.

 

ශලනි ජනප‍්‍රියම නිළිය වීම ගැන ඔබට මොකද හිතෙන්නෙ?

2016-06-19-ent-213ශලනි ජනප‍්‍රිය නිළිය වීම ගැන මට ගොඩක් සතුටුයි. මොකද ඇය අපේ ක්ෂේත‍්‍රයේ මගෙ හිතවත්ම මිතුරියක්. ඇයත් සමග මම ටෙලිනාට්‍ය කිහිපයක වැඩ කරලා තියෙනවා. ඒ අතරින් ගිය වසරේ සිට මේ දක්වා විකාශය වන ‘‘වස්සාන පේ‍්‍රමය’’ ටෙලිනාට්‍ය හරහා අපේ චරිත දෙකම ගොඩක් ජනප‍්‍රිය වුණා. ඒ නිසා මගෙ හිතෙත් විශ්වාසයක් තිබුණා ශලනිට මේ සම්මානය ලැබෙයි කියලා.

 

ඇයත් සමඟ රංගන කටයුතු කිරීම පහසුද? මොකද හිතෙන්නෙ?

ඉතාමත් පහසුයි. මොකද අපිට කෙනෙක් එක්ක මිත‍්‍රකමක් සහ අවබෝධයක් තියෙද්දි ඒ චරිත ගොඩනඟා ගැනීමේ පහසුවක් තියෙනවා. අපි මේ කරන්නේ සාමූහික වැඩක්නේ. ඉතින් එතනදි අදහස් ගැළපෙනවනම්, ලේසියෙන් කතා කරලා දෙයක් අවබෝධ කරලා දෙන්න පුළුවන්නම්, ඒ සන්නිවේදනය කරන්න පහසුනම් වැඩක් කරන්න හරිම ලේසියි. ඉතින් මම කැමතියි ශලනි එක්ක වැඩ කරන්න.

 

ඇය රඟපෑ චරිත අතරින් කැමතිම චරිතය මොකක්ද කියලා ආහුවොත්?

ශලනි රඟපෑ චරිත අතරින් මම කැමතිම ගඟ අද්දර ටෙලි නාට්‍යයට. මොකද එහි චරිත දෙකක් තිබුණා. ඒක ආත්ම දෙකක කතාවක් නිසා. එහිදී වෙනස්ම විදියෙ රංගනයක් කරන්න ඇයට අවස්ථාවක් ලැබුණා. ඒක තමයි මම දැකපු හොඳම රංගනය.

 

ධනු විජේරත්න

 

sandalla

 

2016-06-19-ent-211



අදහස් (0)

ශලනි රඟපෑ චරිත අතරින් මම කැමතිම ගඟ අද්දර නාට්‍යයට

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අලින්ට බයේ මුළු පවුලම ගහක් උඩ
2024 ඔක්තෝබර් මස 04 18 0

නිවෙසක් නොමැතිකම හේතුවෙන් වන අලින්ගෙන් තම ජීවිත බේරා ගැනීමට කාලයක සිට ගසක් උඩ ඉදි කළ පැලක වාසය කරමින් ඉතා දුෂ්කර ජීවිතයක් ගත කරන දරු පවුලක් පිළිබඳව අන


ලංකාවට කොරියා එක්සීම් බැංකුවත් සහය දෙයි
2024 ඔක්තෝබර් මස 04 37 0

ශ්‍රී ලංකා රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා මූල්‍ය සහාය ලබාදීමට කොරියානු එක්සීම් බැංකුව එකඟතාවය පළ කර තිබේ.


ඇමති බංගලා අමාත්‍යංශ ගබඩා වෙලා
2024 ඔක්තෝබර් මස 03 941 0

බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන


දිනේෂුත් ගෑස් සිලින්ඩරයෙන් එයි
2024 ඔක්තෝබර් මස 03 1378 0

හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට


බදු බරට සහන දෙන බව ජනපති මූල්‍ය අරමුදලට කියයි
2024 ඔක්තෝබර් මස 03 2062 0

ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න


අනුරට එජා මහලේකම් සුබ පතයි
2024 ඔක්තෝබර් මස 03 509 0

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38800 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25480 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 296 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1002 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 351 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site