IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


'ශිවන්‍යා'ගේ හඬට පණ පොවන පූර්ණිමා

2016-08-13-ent-43

මේ දිනවල රූපවාහිනියට අමතර ෆේස්බුක් ජාලය තුළ ජනප්‍රියත්වට පත් ඉන්දියානු කතාවක් ලෙස "ප්‍රේම දඩයම" හැඳින්විය හැක. එහි එන ප්‍රධාන චරිතයක් වන "ශිවන්‍යා" ගේ චරිතයට හැඬ කැවීමෙන් දායක වන්නේ පූර්ණිමා විදේශිකාය. තවමත් අධ්‍යාපන කටයුතුවල නිරතව සිටින ඇය සිය කලාකටයුතු පිළිබඳව පැවසීමට "තරුණයා" සමග මෙලෙස එක්වූවාය.

 

මුලින්ම ඔබව හඳුන්වා දුන්නොත්?

2016-08-13-ent-44මගේ නම පූර්ණිමා විදේශිකා. වයස අවුරුදු 20යි. උසස් පෙළ කරලා ඉවර වෙලා කැම්පස් යන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා.

 

හඬ කැවීමේ ශිල්පිනියක් වෙන්නේ කොහොමද?

හඬ කැවීමේ ශිල්පිනියක් වෙන්නේ අහම්බෙන් තමයි. කටහඬ පරීක්ෂණයකින් තමයි මම මේ චරිතයට තේරුණේ.

 

අවස්ථාව ලැබුණේ කොහොමද?

අලුත් කටහඬකට අවස්ථාවක් තිබුණා. නමුත් ප්‍රවීණ අය ගොඩක් ඉන්නවා. මේ චරිතයට ඒ අය හොය හොය හිටියේ අලුත් කටහඬක්. ඒ නිසා තමයි මට මේ සඳහා අවස්ථාව ලැබුණෙ.

 

ඔබ හඬ කවන චරිතය පිළිබඳව කතා කළොත්?

මේ දිනවල සිරස රූපවාහිනය ඔස්සේ ප්‍රචාරය වන "ප්‍රේම දඩයම" කියන ඉන්දියානු නාට්‍යයේ %ශිවන්‍යා^ කියන ප්‍රධාන චරිතයට තමයි මම හඬ දායකත්වය ලබාදෙන්නෙ.

 

කොහොමද ඒ සඳහා ලැබෙන ප්‍රතිචාර?

මම මේ ක්ෂේත්‍රයට අලුත්. ඒ නිසා මගේ තියෙන වැරදි අඩුපාඩු හදාගන්න ගෙන මම මේ ගමන යනවා. මට ශිවන්‍යයගෙ චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කටහඬට කැමති අයත් ඉන්නවා. විශේෂයෙන්ම මතක් කළ යුතුයි දීපාල් අයියව. එයා තමයි හඬකැවීම් අධ්‍යක්ෂක. ඔහු තමයි මට උදව් කරන්නෙ.

 

ඔබ වෘතිය විදියට මොකක්ද කරන්න බලාපොරොත්තු වෙන්නේ?

මම අධ්‍යාපනය පැත්තෙන් තමයි ඉස්සරහට යන්න ගොඩක් බලාපොරොත්තු වෙන්නෙ. ඊට අමතරව බාහිරව ගායනය, හඬකැවීම් සහ නිවේදනය කියන දේවල් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

 

අධ්‍යාපනය පැත්තෙන් කිව්වේ?

විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙලා උපාධිධාරිනියක් වෙලා ඒ හරහා යම් ක්ෂේත්‍රයකට පිවිසෙන්න බලාපොරොත්තු වෙනවා.

 

බාහිර දේවල් හදාරන්න අවස්ථාවක් ලැබිලා තියෙනවද?

"මුතුහර" රියලිටි තරගාවලියෙන් ගායන අංශයෙන් අවසාන හතර දෙනාට මම තේරී පත්වුණා. ඒ හරහා නිවේදිකාවක් වශයෙන් කටයුතු කරන්න අවස්ථාවක් ලැබුණා. ඉදිරියෙදි මුතුහර රියලිටි තරගයේ දෙවැනි අදියරේ නිවේදන කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. එහෙම කරන ගමන් ඒ දේවල් වර්ධනය කරන්න බලාපොරොත්තු වෙනවා.

 

"ශිවන්‍යා" කියන්නේ ඔබේ පළමුවැනි හඬකැවීමද?

ඔව්, විශේෂයෙන් කියන්න ඕනේ මේක තමයි මගේ පළමුවැනි හැඬකැවීම් චරිතය.

 

බාහිර කටයුතු සමග අධ්‍යාපන කටයුතු කොහොමද කරගෙන යන්නේ?

මම කරදරයක් විදිහට කිසිම දෙයක් හිතන්නේ නැහැ. මම වැඩකරන්න ආසයි. විශේෂයෙන් කලාව පැත්තට කැමති. ඒ වගේම ඉගෙන ගන්නත් ගොඩක් ආසයි. ඊට අමතරව Shadow Drama, Aerobics කරනවා. සමබරව මේ සියලු කටයුතු කරගෙන යනවා.

 

කලාව තුළින් ඉදිරි බලාපොරොත්තුව?

ලංකාවෙ කලාවට, කලාව තුළින් දැනෙන වැඩක් කරන්න බලාපොරොත්තු වෙනවා. නොමැකෙන චරිතයක් බවට පත්වෙන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. දැන්ටත් යම් පිරිසක් %ශිවන්‍යා^ නිසා මාව දන්නවා.

 

ශිවන්‍යා වැඩිපුර ජනප්‍රිය වෙලා තියෙන්නේ ෆේස්බුක්වල නේද?

ඇත්තටම ඔව්, ඒ සඳහා විවිධ පෝස්ට් හදලා තියෙනවා. සමරහ පෝස්ට් දැක්කාම හිනත් යනවා. සතුටු හිතනවා. කට්ටිය අතර කතාබහ කරන චරිතයකට හඬ කවන්න ලැබීම පිළිබඳව.

 

ඉන්දියානු නාට්‍යයක චරිතයක් තරුණයන් අතරේ ජනප්‍රියත්වට පත්වුණ එක් ගැන මොකද හිතෙන්නේ?

සාමන්‍යයෙන් තරුණියන් තමයි ඉන්දියානු නාට්‍ය සඳහා කැමැත්තක් දක්වන්නෙ. මේ චරිතය නිසා තරුණයන් පවා මේ නාට්‍ය බලනවා. ඒ අයටත් මෙය වශී වෙලා ඉන්නවා. ශිවන්‍යාගේ මුහුණත් ලස්සනයි, කටහඬත් හොඳ ඇති කියලා හිතනවා.

 

මතක් කළ යුතු පිරිසක්? අනිවාර්යෙන්ම, අම්මා තාත්තා ඇතුළු පවුලේ කට්ටිය. විශේෂයෙන් මතක් කරන්න ඕනේ දීපාල් සාමක අයියා. මේකේ හඬකැවීම් අධ්‍යක්ෂක. ඔහු ලොකු සහයෝගයක් ලබාදෙනවා චරිතය සඳහා හඬ සංවර්ධනය කර ගන්න.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - කවීත් මිලින්ද

 

2016-08-13-ent-47
2016-08-13-ent-46
2016-08-13-ent-45
2016-08-13-ent-41
2016-08-13-ent-42
 



අදහස් (0)

'ශිවන්‍යා'ගේ හඬට පණ පොවන පූර්ණිමා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 542 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 654 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 365 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 256 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1063 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 901 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39212 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site