IMG-LOGO

2024 ඔක්තෝබර් මස 08 වන අඟහරුවාදා


ශෂිනි කාලයක් ගත්තා මට ආදරය ප්‍රකාශ කරන්න

2016-09-09-ent-32

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයකු මෙන්ම රංගන ශිල්පියෙක් ද වන  අකලංක ගනේගම පසුගිය දවසක විවාහ දිවිය ආරම්භ කළා, අකලංකගේ ආදරණීය බිරිය ශෂිනි මහබමුණුගමගේ. ඉතින් අපට හිතුණා අකලංක සහ ශෂිනි එක්ක කතා කරන්න. 

 

කොහොමද අකලංක?  

2016-09-09-ent-30මේ දවස්වල ගොඩක් සතුටින් ඉන්නේ. අපේ විවාහයත් පසුගියදා සිදුවුණ නිසා සතුට වැඩිවුණා. ඒ වගේම අද පැවැත්වෙන හිරැ සිනමා සම්මාන උළෙල නිසා ටිකක් කාර්යබහුල කාලයක් තමා ගතවුණේ.

 

ශෂිනි කොහොමද අලුත් ජීවිතේ?

සුන්දරයි. මම හරිම වාසනාවන්තයි, මොකද අකලංක වගේ කෙනෙක් ලැබීම ගැන මම හරි සතුටින් ඉන්නේ.

 

අකලංක කොහොමද ශෂිනි හමුවුණේ?

ඇත්තටම අපි දෙන්නා අහම්බෙන් හම්බවෙලා, හොඳ යාළුවෝවෙලා හිටියා කාලයක්. ඉතින් ඊට පස්සේ තමා මම මගේ ආදරය ප්‍රකාශ කළේ. ශෂිනි කාලයක් ගත්තා මට ආදරය ප්‍රකාශ කරන්න. ඊට පස්සේ තමා අපි තීරණය කළේ විවාහ වෙන්න. මගේ ජීවිතේ මම හොයපු කෙනා තමා ශෂිනි. 

 

ශෂිනිගෙනුත් ඒ ප්‍රශ්නයම ඇහුවොත්? 

හ්ම්ම්... මම කැමති මමත් හොයපු නිහතමානී සරල බව අකලංකට තියෙනවා. ඉතින් ඇත්තටම අපි හරි සතුටින් ඉන්නවා. 

 

අකලංකත් පසුගිය කාලෙම විදෙස්ගතව නේද හිටියේ? 

ඔව්, මම කොහොමත් නිතර විදෙස් ගතවෙනවා. හැබැයි ලංකාවට නිතර එනවා. 

 

ශෂිනි දිගටම ප්‍රංශයේ ඉන්නද අදහස?

මෙහෙමයි. මම ලංකාවට ගොඩාක් කැමතියි. නමුත් මම ඉගෙන ගත්තේ විද්‍යාඥවරියක් වෙන්න. ඉතින් ඒ හරහා රුකියාවක් කරන්න නම් මම විදෙස් ගතවෙන්නම  ඕනේ. නමුත් කවද හරි මම ලංකාවට ඇවිත් මම ඉගෙන ගත්ත දෙයින් දෙයක් කරනවා. තාම මම ඒ සඳහා අවශ්‍ය කරන අත්දැකීම් ලබා ගන්නවා.  

 

කොහොමද අකලංකගේ  ඉදිරි වැඩකටයුතු? 

තාමත් ක්‍රිකට් ක්‍රීඩා කරනවා. ඒ අතරතුර තමා මේ කලා කටයුතු කරගෙන යන්නේ. 

 

ශෂිනි, වඩාත් කැමති අකලංක රඟපානවටද? ක්‍රිකට් ක්‍රීඩා කරනවටද?

ක්‍රිකට් ක්‍රීඩා කරනවට.

 

කලංක රඟපානවාට කැමති නැද්ද?

අකමැත්තක් නැහැ. නමුත් මුලදී නම් මට පොඩ්ඩක් විතර අමුත්තක් තිබුණා. ඊට  පස්සේ මට තේරැම් ගියා මේ ඇත්තට නෙවෙයි රඟපෑමට විතරයි කියලා. 

 

අකලංක කැමතිම අංශය මොකක්ද?

මම කලා කටයුතු කරන්නේ විනෝදාංශයක් විදියට. නමුත් ක්‍රිකට් කියන්නේ මම පොඩි කාලේ ඉඳන්ම අසාවෙන් කළ දේ. ඉතින් ක්‍රිකට්වලට මම ගොඩාක් කැමැතියි.

 

ජනප්‍රිය කෙනෙක් එක්ක විවාහ වීම ගැන මොකද හිතෙන්නේ ශෂිනි? 

ඇත්තටම නම් මම කැමති වුෙණ් නැහැ ජනප්‍රිය කෙනෙක් එක්ක විවාහ වෙන්න. මම දැනගෙන හිටියෙත් නැහැ අකලංක අඳුනගන්න කාලේ ජනප්‍රිය කෙනෙක් කියලා. මම හොයපු ලක්ෂණ තිබුණ නිසා තමා මම අකලංකට ආදරය කළේ.  පස්සේ තමා දන්නේ අකලංක ජනප්‍රිය කෙනෙක් කියලා. 

 

දැනගත්තම ජනප්‍රිය කෙනෙක් කියලා? 

මට මුලදී බයක් දැනුණා. පස්සේ නම් මම මේ දේවල්වලට පුරැදු වුණා. 

 

දෙන්න අතර තරහක් ඇතිවුණාම කවුද මුලින්ම කතා කරන්නේ? 

අකලංක - එහෙම ඉතින් නැහැ. අවස්ථාව අනුව වෙනස් වෙනවා.

 

අකලංක කියන්නකෝ ශෂිනි තරහ ගියාම මොකද කරන්නේ? 

ගොඩාක් වෙලාවට ඉතින් කාමරේට ගිහින් දොර වහගෙන ඉන්නවා. සමහර වෙලාවට මම දන්නෙත් නැහැ මා එක්ක  තරහ වෙලා කියලා. එයාම මට msg එකක් එවනවා I am angry කියලා. එතකොට තමා මමත්  දන්නේ ආහ්.. මේ තරහවෙලා කියලා. 

 

අකලංකට  කේන්ති යන්නේ නැද්ද? 

නැහැ. මට ලේසියෙන් කේන්ති යන්නේ නැහැ. 

 

අකලංක මුලින්ම දුන්න තෑග්ග මොකක්ද?

මෙහෙමයි. ශෂිනි ගොඩාක් ඔය තෑගිවලට කැමති කෙනෙක් නෙවෙයි. නමුත් මට මතකයි මම මුලින්ම දුන්නේ බ්‍රේස්ලට් එකක්. ඒකත් මම දීලා මුලින්ම මම ඒක එයාගේ අතේ ගැට ගහන්න යද්දී කැඩුණා. නමුත් ඒ වෙලාවේ ශෂිනි  හිනාවෙලා හිටියා.

 

දෙන්නා වැඩිපුරම යන්න කැමති කොහේද? 

ශෂිනි - මම  ගොඩක් ඇවිදින්න, ඒ වගේ රසවත් ආහාර පාන වර්ග ගන්න කැමැතියි. 

අකලංක  - ඔව්. ඒ නිසා අපි දෙන්නා නිතර කරන්නේ කොහේ හරි ඇවිදින්න යන එක තමා. ලංකාවේ නම් මීගමුව උණවටුන ඒ වගේම ත්‍රිකුණාමලය වගේ මුහුද ආශ්‍රිත පැතිවල ඇවිදින්න යනවා. විදෙස්ගතව ඉන්නකොටත් අපි දෙන්නා කරන්නේ අලුත් රෙස්ටුරන්ට් එකක් එහෙම දැක්කොත් අපි දෙන්නා යනවා. ගිහින් විවිධ කෑමවල රස බලනවා.

 

දැන් අකලංක කවද්ද විදෙස් ගත වෙන්නේ? 

මෙහෙමයි. මමත් ශෂිනි එක්කම තමා යන්න හිටියේ. නමුත් භාරගත්ත වැඩ ටිකක් තියෙනවා. ඒ ටික ඉවර වුණාම යනවා. ඒ නිසා මට කලින් ශෂිනි යනවා. 

 

අකලංක ස්ථිර පදිංචියටද යන්නේ? 

නැහැ. දැනට නම් යනවා එනවා. නමුත් දවසක දිගටම ඉන්න යාවී. හැබැයි ඒ කවද විතරද කියල දැන්ම කියන්න බැහැ. නමුත් ආයේ කවදා හරි ලංකාවට එනවා. මොකද ශෂිනි කැමැතියි පරිසරය රුකගන්න පුළුවන් අලුත් ව්‍යපෘතියක් එක්ක ලංකාවට එන්න. බලමු ඉතින්.

ශෂිනි  - ඔව්. කවදාහරි දවසක පරිසර ව්‍යපෘතියක් අරගෙන මම ලංකාවට එනවා. මොකද මම මේ පරිසරයට කැමැතියි. මට මේ මඟදිගට කුණු එහෙම දාලා තියෙනවා දැක්කමත් මට කේන්තියි. මොකද ලංකාව කියන්නේ හරි සුන්දර රටක්. මුහුදු අවට වෙරළ එහෙම අපිරිසිදුවෙලා තියෙනවා දැක්කම දුකයි.

 

එහෙනම් හදසරින් දෙන්නටම සුබ පතනවා? 

අකලංක -  බොහොම ස්තූතියි.

ශෂිනි  - ස්තූතියි. ඒ වගේම කියන්න ඕනේ පත්තරේකට මම ලබාදුන්න පළමුවැනි සාකච්ඡාව තමා මේ.

 

 අනූෂා රණසිංහ

 

2016-09-09-ent-33
2016-09-09-ent-31



අදහස් (0)

ශෂිනි කාලයක් ගත්තා මට ආදරය ප්‍රකාශ කරන්න

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ගසක අතු කපන්න ගිය අයෙක් විදුලිසැර වැදී මරුට
2024 ඔක්තෝබර් මස 08 50 0

පිළියන්දල මඩපාත ප්‍රදේශයේ නිවසක් පිටුපස වැඩී තිබූ වැටිමාර ගසක අතු කැපීමට ගිය පුද්ගලයෙකුට විදුලි සැර වැදි ගස මතදීම මියගොස් ඇතැයි කැස්බෑව පොලිසිය පවස


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 08 27 0

නොවැම්බර් 14 දා පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් අයදුම්පත් භාර ගැනීම අද (8) මධ්‍යම රාත්‍රීයෙන් අවසන් වන බව මැතිවරණ කොමසාරිස් ජනරාල්


ෆොන් -චාර්ජ බන්ධනාගාරයට රැගෙන ගිය නියාමක මාට්ටු
2024 ඔක්තෝබර් මස 08 94 0

දුරකථන චාජරයක් හා ඩේටා කේබලයක් හිස්වැසුමේ සඟවාගෙන බුස්ස අධිආරක්ෂිත බනබන්ධනාගාරයට රැගෙන යමින් සිටි බන්ධනාගාර නියාමකවරයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස්


රාගමදී දුම්රියක් නවතී: මගීහු අපහසුතාවට
2024 ඔක්තෝබර් මස 08 475 0

මහනුවර සිට මාතර බලා ධාවනය වූ දුම්රිය රාගම දුම්රිය ස්ථානයේදී කාර්මික දෝෂයකට ලක්වීමෙන් දුම්රිය මගීහු දැඩි අපහසුතාවකට ලක් වූහ.


තැනින් තැන අදත් වැසි -සුළඟෙනුත් බලපෑම්
2024 ඔක්තෝබර් මස 08 174 0

අන්තර් නිවර්තන අභිසාරී කලාපය (උතුරු අර්ධ ගෝලයේ සහ දකුණු අර්ධ ගෝලයේ සිට පැමිණෙන සුළං අභිසාරී වන කලාපය) තවදුරටත් දිවයිනේ කාලගුණයට බලපෑම් කරමින් පවතී.


කළුතර ඒ.ජී. කාර්යාලයේ ජල ටැංකියේ තීන්ත
2024 ඔක්තෝබර් මස 08 1081 0

කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ජල ටැංකියට කිසියම් රසායනික ද්‍රව්‍යයක් කලවම් වී ඇති බවට පැම්ණිල්ලක් ලැබී ඇතැයි කළුතර දකුණ පොලිසිය පවසයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39383 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25672 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 344 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1140 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 392 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site