(මනෝප්රියගුණසේකර සහ රන්ජන් කටුගම්පොල)
05 වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම මෙන්ම පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අත්හිටුවමින් අතුරු තහනම් නියෝග නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ශිෂ්‍යත්ව විභාගයේ පළමුවන ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් සඳහා සිය`ථ සිසුන්ට සම්පූර්ණ ලකුණු දීමට බලධාරීන් ගෙන ඇති තීරණය අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක්ද ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) නිකුත් කළේය.
ශිෂ්‍යත්ව විභාගයේ ලකුණු ලබාදීම සහ එම විභාගයේදී ගත් ලකුණු මත ජනප්‍රිය පාසල් වලට සිසුන් ඇතුළත් කරගැනීම සඳහා වන කඩඉම් ලකුණු නිකුත් කිරීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක්ද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් නිකුත් කළේය.
05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පිටවූ බව කියන ප්‍රශ්න තුනක් සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන තිබෙන තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙසද විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම අත්හිටුවන ලෙසද ඉල්ලා ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීමට අවසර දෙමින් මෙම අතුරු තහනම් නියෝග නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණය ශිෂ්‍යත්ව විභාගයේ පළමු වන ප්‍රශ්න පත්‍රය අවලංගු කර එම ප්‍රශ්න පත්‍රයට අදාළව යළි විභාගය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඇතුළු බලධාරීන්ගෙන් කරුණු විමසා අධිකරණයට දැනුම් දීමට නීතීපතිවරයයාට නියම කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පත්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි, සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම් කැඳවු අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සළකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කෙරිණී.
05 වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් සහ ඔවුන්ගේ දෙමව්පියන් පිරිසක් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා, අධ්‍යාපන ඇමතිනි ආචාර්ය හරිනි අමරසූරිය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.
පසුගිය සැප්තැම්බර් 15 වැනිදා අවසන් වූ 05 වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු කොටසේ ප්‍රශ්න තුනක් කලින් පිටවූ බව කියන සිද්ධිය හේතුවෙන් විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇතැයි පවසන පෙත්සම්කරුවෝ ඊට පිළියමක් ලෙස කලින් පිට වූ බව කියන ප්‍රශ්න 03 සඳහා අදාල විභාගයට පෙනී සිටි සියලුම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට සම්පූර්ණ ලකුණු ලබාදීමට බලධාරීන් විසින් තීරණයක් ගෙන ඇතැයිද ඉන් අදාල විභාගයට පෙනී සිටි සිසු සිසුවියන්ට අගතියක් සිදුවිය හැකි යැයිද පවසති.
ඉන් තම මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට තීන්දුවක් ලබා දෙන්නැයිද කලින් පිට වූ බව කියන ප්‍රශ්න තුන සඳහා සම්පූර්ණ ලකුණු ලබාදීමට ගෙන ඇති තීරණය බල රහිත කිරීමේ තීන්දුවක් දෙන්නැයිද ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ 05 වසර ශිෂ්‍යත්ව විභාගය යළි පැවැත්වීමට නියම කරන්නැයිද ඉල්ලා සිටිති.
පිටවී ඇතැයි කියන ප්‍රශ්න තුනට බොහෝ දුරට සමාන ප්‍රශ්න පෞද්ගලික උපකාරක පන්ති පවත්වන ගුරුවරයකු විසින් ලබාදී ඇති බවට කරුණු හෙළි වූ බවද ඒ සම්බන්ධයෙන් පොලිස් විමර්ශන ආරම්භ වූ බවද මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට කමිටුවක් පත් කළ බවද එම කමිටුව විසින් පිටවී ඇතැයි කියන ප්‍රශ්න තුන ඉවත්කොට පිළිතුරු පත්‍ර වල ඇගයීම් කටයුතු කිරීමට තීරණය කළ බව තමන්ට දැන ගැනීමට ලැබුණු බවද සඳහන් කරන පෙත්සම්කරුවෝ තමන් ඊට අකමැත්ත පළ කරන බවද පවසති.
මේ සම්බන්ධයෙන් පැවැත්වු විරෝධතා ව්‍යාපාරවලට අවධානය යොමු කළ ජනාධිපතිවරයා විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු සති දෙකකට අත්හිටුවීමට නියම කළ බව සදහන් කරන පෙත්සම්කරුවෝ කෙසේ වුවත් පිටවී ඇති ප්‍රශ්න වලට සියලුම සිසුන්ට ලකුණු ලබාදීමටද ශිෂ්‍යත්ව විභාගය යළි නොපැවැත්වීමටද අදාළ බලධාරීන් තීරණය කළ බව මාධ්‍යවලින් තමන්ට දැන ගැනීමට ලැබුණු බවද පවසති.
සියලු සිසුන්ට එලෙස ලකුණු ලබාදුන්නොත් විභාගයට පෙනී සිටි සිසුන්ගේ අවසන් ප්‍රතිඵලයට එය අගතිදායක ලෙස බලපෑමට ඉඩ ඇතැයිද සමස්ත ක්‍රියාවලියෙන් ශිෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද සදහන් කරන පෙත්සම්කරුවෝ ප්‍රශ්න පත්‍ර සකස් කළ කමිටුවේ නාම ලේඛනය අධිකරණයට ලබාදෙන ලෙස නියෝග කරන්නැයිද පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නැයිද පිටවී ඇතැයි කියන ප්‍රශ්න වලට සම්පූර්ණ ලකුණු දීමට ගෙන ඇති තීරණය ක්‍රියාත්මක වීම අත්හිටුවන්නැයිද ඉල්ලා සිටිති.
ප්‍රශ්න පිටවීම ඇතුළුව ඊට අදාළ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශන කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ මෙම සිද්ධිය මගින් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීරණය කර ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දියක් ලබාදෙනැනැයි අධිකරණයෙන් ඉල්ලා සිටිති.
පෙත්සම් කැඳවු අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින් නෝබෝදා පැවති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පත්‍ර කිහිපයක් පිටවී ඇති බැවින් ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි අපේක්ෂකයන්ට විශාල අසාධාරණයක් සිදුවී ඇතැයි පැවසුහ.
පෙත්සමෙන් ඉල්ලා ඇති සහන ප්රදානය නොකළහොත් අපේක්ෂකයන්ට විශාල අසාධාරණයක් වීමට හැකියාව ඇති බවත් මෙවැනි තත්වයන් ඉදිරියේදීත් ඇතිවිය හැකි බවත් පෙන්වා දුන් නීතිඥවරු තම සේවාදායකයින් ඉල්ලා ඇති සහනයන් ලබාදෙන්නැයි ඉල්ලා සිටිති.
වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා කරුණු දක්වමින් විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම තාවකාලිකව අත්හිටීමට පියවර ගෙන ඇතැයි පැවසීය.
ඒ අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා ඇමතූ විනිසුරු මඩුල්ල අදාළ ශිෂ්‍යත්ව විභාගයේ පළමු වන ප්‍රශ්න පත්‍රය අවලංගු කර එම ප්‍රශ්න පත්‍රයට අදාළව යළි විභාගය පැවැත්වීමට ඇති හැකියාව සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් ඇතුළු බලධාරීන්ගෙන් කරුණු විමසා අධිකරණයට දැනුම් දෙන්නැයි නියම කළේය.
දෙපාර්ශවයේ කරුණු සැලකිල්ලට ගනිමින් අදාළ සහන ප්රදානය කිරීමට සහ පෙත්සම් විභාගයට අවසර දුන් විනිසුරු මඩුල්ල කරුණු සලකා බැලීම සඳහා පෙත්සම් දෙසැම්බර් 02 වැනිදා යළි කැඳවීමටද නියම කළේය.
පෙත්සම් කරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන සාලිය පීරිස්, සංජීව ජයවර්ධන, ක්‍රිෂ්මාල් වර්ණසූරිය යන මහත්වරු ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටියහ.
වගඋත්තරකරුවන් වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා පෙනී සිටියේය.
නාගොඩ කැප්පිටියාගොඩ ප්‍රදේශයේ ගිං ගග හරහා ඇති යකඩ පාලමක් අලුත්වැඩියා කටයුතු සිදු ඉදිකරමින් සිටි පුද්ගලයකු අද (21) සවස පාලම කඩා වැටීම හේතුවෙන් පාලමේ මැ
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා මඩකලපුව දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරග කළ එම්.එස් නලීම් මහතා පත් කර තිබේ.
කිරුලපන කාලිංග මාවතේ කොලොම්තොට සරසවි උයන මහල් නිවාස සංකීර්ණයේ දෙවන මහලේ නිවසක තනිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක් ඊයේ (21) දහවල් අභිරහස් ලෙස ඝාතනය ක
රුපියල් කෝටි දාහකට අධික මුදල් වංචා කළේ යැයි කියන කුරුණෑගල ’’ජෙනිසීස් බිස්නස් ස්කූල්’’නැමැති පිරමීඩාකාර නීති විරෝධී මුල්‍ය ආයතනයේ අධ්යක්ෂවරයා සහ ඔ
දස වැනි පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීමෙන් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) දහවල් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති තේ පැ
රජයේ නියෝජ්‍ය අමාත්‍ය මණ්ඩලයේ වෛද්‍යවරු පහක් සිටිති.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කිරීමට එරෙහිව නියෝගයක්
Rohana Tuesday, 19 November 2024 03:08 PM
ශිෂ්‍යත්ව විභාගය ඇත්තේ දරුවන් සදහා මිස දෙමාපියන් සදහා නොවේ.