IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


‘ශිෂ්‍යත්ව ප්‍රශ්න ගම්පහදී කළින් දීලා?‘

ගම්පහ යක්කල විභාග මධ්‍යස්ථානයක සිසුන් පිරිසකට අද පැවති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න කිහිපයක් විභාගය ආරම්භ කිරීමට පෙර ගුරුවරු දෙදෙනෙකු විසින් සාකච්ඡා කර ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තොරතුරක් ලැබුණු බවත්, ඒ ගැන විධමත් පරීක්ෂණයක් පවත්වන බවත්, එහි සත්‍ය අසත්‍ය තාවය කිව හැක්කේ පරීක්ෂණයෙන් පසුව බවත් විභාග කොමසාරිස් ජෙනරාල් එම් කේ එන් ජේ පුෂ්පකුමාර මහතා කියයි.  



අදහස් (0)

‘ශිෂ්‍යත්ව ප්‍රශ්න ගම්පහදී කළින් දීලා?‘

කෙවින් Sunday, 26 August 2012 09:16 PM

මේවයෙන් අපට හැගෙන්නේ මේ අයට විභාගයක්වත් තියා ගන්න බෑ. (ත)

:       0       0

Niroshana Had Sunday, 26 August 2012 09:29 PM

"මේකත් ජාතික වස්තු සොරාගත්තට වඩා ලොකු අපරාදයක්,ඇත්තනම් ගුරුවෘතියෙන් නෙරපිය යුතුයි..නැතිනම් තවත් දරුපිරිසකට වෙන අසාධාරනයක්. (අ)

:       0       0

සුදේශ් Sunday, 26 August 2012 09:32 PM

ලංකාවේ අධ්‍යාපනය මොකාටද ගිහින්. (ත)

:       0       0

කුමුදු Monday, 27 August 2012 11:18 AM

සැමදෙනාටම සාධාරණට ඉටුවිය යුතුයි...පව් අසරණ ළමයි...විභාග කොමසාරිස්තුමා සාධාරණ තීන්දුවක් ගත යුතුයි...(ස)

:       0       0

සිල්වා Tuesday, 28 August 2012 10:59 AM

කොමසාරිස් තුමනි, කරුණාකර විභාගයනම් තහනම් කරන්න එපා..(ස)

:       0       0

උදයංග Monday, 27 August 2012 11:21 AM

ලංකාවේ අධ්‍යාපනය දැන් ගතකරන්නේ අවසාන සමය.. දේශපාලන ඇගිලි ගැසීම් නිසා ආයේ කවදාවත් හරි මගට ගන්න බෑ..(ස)

:       0       0

පාලිත වීරතුංග Sunday, 26 August 2012 10:16 PM

විභාග දෙපාර්තමේන්තුවට වැරදුනාම සුළු වැරදි.. ළමයින්ට සුළු වැරදීම ජීවිත කාලයට බලපානවා.. මේකද ලංකාව...?(නු)

:       0       0

කීර්ති Sunday, 26 August 2012 10:36 PM

පහේ ශිෂ්‍යත්වය වත් හරියට තියාගන්න බැහැනෙ ගැටලුවක් නැතිව..(නු)

:       0       0

ප්‍රවීන් මැනිලා Sunday, 26 August 2012 10:55 PM

ඡන්ද කොමසාරිස් නම් බැනුම් අහන්නේ නැතිව ගානට වැඩේ කරගෙන යනවා. ඒ උනාට මේ කොමසාරිස් බැනුම් අහලා ඉවරයක් නැහැ වගේයි..!! විභාගයක් තිබ්බොත් ඉවරයි..!!(නු)

:       0       0

උඩුවෙනරද Sunday, 26 August 2012 10:58 PM

ඔය කියන තරමටම මේවා ඇත්තද?(නු)

:       0       0

නන්දන Tuesday, 28 August 2012 04:50 PM

අනේ අපේ දුප්පත් දරුවන්ට ගිය කල? (නි)

:       0       0

චමින්ද Monday, 27 August 2012 12:36 PM

අද කාලෙ ඔය සමහර වගකිවයුතු තනතුරු ඔහේ ගානක් නැතුව කරගෙන යනවා. මොන වැරැද්ද වුනත් ගානක් නෑ. ඕව මේ මීට ඉස්සරත් වෙලා තියෙනවා. ඕන්නං ලකුණක් දෙකක් එහා මෙහා වෙයි. ඕව ඔච්චර ගනන් ගන්න දේවල් නෙමෙයි. මේ මාධ්‍ය තමයී ඕව අවුස්සන්නෙ කියල කවුරු කවුරුත් ඇඟ බේරගෙන ලිස්සල යන්නැද්ද බලන්න.(ස)

:       0       0

සංජීව Monday, 27 August 2012 09:24 PM

පුද්ගලික පන්ති වල ගුරුවරුන්ට අවශ්‍ය වන්නේ කුමන හෝ ආකාරයකින් ඔවුන්ගේ නම ප්‍රසිද්ධ කර ගැනීමටයි. (නි)

:       0       0

මිගාර Monday, 27 August 2012 01:21 PM

පොඩි එවුන්ටත් උසාවියට යන්න වෙයිද දන්නෑ (ස)

:       0       0

දේවකා සතරසිංහ Monday, 27 August 2012 03:24 AM

අද උදෑසන 9.30. ඇරඹුන ශිෂ්‍යත්ව විභාගයට මාගේ දියනියද මාර/දික්වැල්ල විජිත මැදි මහ විදුහලින් පෙනී සිටියා.ඇය පලමු ප්‍රශ්ණ සඳහා පිලිතුරු සපයද්දී මට ලැබුන දුරකථන ඇමතුමකින් කියවුනේ  රචනාව ලෙස ලැබෙනුයේ ජාතික කොඩියේ අභිමානය බවත් ළමයා ඒ සඳහා සකසන ලෙසත්ය.මා එය බැහැර කලද එම දුරකථන ඇමතුමම ලද අනෙකුත් දෙමාපියන් තම දුවා දරුවන් ඒ සඳහා යුහුසුලුව සකසන අයුරු මම සියැසින් දැක ගතිමි.දුරකථනකරු නිවැරදිය.පාලකයන් විසින් දුෂනය කොට මරා දමන ලද අධ්‍යපනය නම්වු යෞවනියගේ විභාග ක්‍රමවේදය නමති පතිවත පිලිබඳ තව දුරටත් විශ්වාස කල මම පරාජය වීමි අදදින මේ විදුබිමේදී විද්‍යමන කලේ ඒ නිදහස් අධ්‍යාපන ක්‍රමවේදයේ මළගම බව මම සිතමි...!!(නු)

:       0       0

ජොනී Monday, 27 August 2012 09:33 PM

තරුණයන්ට හෙටක් සහ සුභ අනාගතයක්. (නි)

:       0       0

දුලිප් Monday, 27 August 2012 01:35 PM

මේ පුංචි ළමයි පව්.. මේකට මහන්සි වෙන හැටි දැක්කම....(නු)

:       0       0

වරුණ Monday, 27 August 2012 07:13 AM

කාලයට ඔබින ගීතය තමයි, "මේ රටේ මිනිස්සු, තනිකර...." ගීතය. (නි)

:       0       0

කුලතුංග Tuesday, 28 August 2012 12:55 PM

ළමයිනේ දැන් මොකද කරන්නේ...(ස)

:       0       0

චමිල් Monday, 27 August 2012 01:52 PM

ෂෝක් ෂෝක් ඔහොම යන. සාමාන්‍ය පෙළ ලියන අය ටික පාඩම් කරන්න හෙම ඕනෑ නැහැ. ඔයාලටත් ෂෝක් එකට පේපර් ටික හම්බවෙය. ඕක ඉතින් ලිව්වා කියලා ඇති වැඩකුත් දැන් නෑනේ. කරන්න ඉන්න විෂයන් ටිකට ප්‍රතිඵල එයිද කියලාත් ෂුවර් නෑන. සිංහල ලිවුවොත් සමහර විට අරාබි වලට ප්‍රතිඵල එන්න පුලුවන්.ඒක හින්දා දැන් ඉස්සරහට විභාග ලියන අයට දෙන්න තියෙන පණිවිඩය තමයි දන්න කියන කර්මාන්තයක් හොයාගන්න තියන එක.ලංකාවේ විභාග ලියනවා කියන්නේ බොරු කාලේ කා දැමීමක් විතරයි. (නි)

:       0       0

අනුරාධා Monday, 27 August 2012 10:27 PM

ශිෂ්‍යත්වයත් ඉවරයි

:       0       0

ජයසිරි Monday, 27 August 2012 07:39 AM

අධ්‍යාපනයේ ඉතුරු ටිකත් කොහොම හරි කෑවහම හරි. අනේ සාධූ! (නි)

:       0       0

ඉන්දික Monday, 27 August 2012 02:12 PM

මේවා අහද්දිත් හරි පිලිකුලක් ඇතිවෙන්නේ (ස)

:       0       0

කීර්ති Monday, 27 August 2012 08:03 AM

කවුද මේවට වග කියන්න ඕනෑ? රටේ අනාගතය භාර ගන්න ඉන්න දරුවන්ද? (නි)

:       0       0

දයාන් Monday, 27 August 2012 08:58 AM

ඕක මොකක්ද ? ඔයිට වඩා දේවලුත් වෙලා තියෙන්නේ..අනේ පව් ළමයි...(ස)

:       0       0

ලලිත් - කටාර් Monday, 27 August 2012 03:06 PM

අධ්‍යාපනය පැත්ත ගැන නම් මුකුත් කියනවට වැඩිය නොකියාම ඉන්න එක හොදයි. (නි)

:       0       0

ලංකා Monday, 27 August 2012 09:03 AM

පහේ ශිෂ්‍යත්වය වත් හරියට තියාගන්න බැහැනෙ ගැටලුවක් නැතිව (ස)

:       0       0

වසන්ත Tuesday, 28 August 2012 01:28 AM

කොහොමද එහෙම උනේ

:       0       0

ප්‍රියනන්දන Monday, 27 August 2012 09:02 AM

හැම දරුවෙක්ම අපේ දරුවන් නේද, එහෙම කරන අය ගුරුවරුන් නොවේයි. (අ)

:       0       0

ගැමුණු Monday, 27 August 2012 09:27 AM

පසුගිය වසරෙත් ‍මෙයම වුනා. මේ පාර ප්‍රතිඵල ඉක්මනට දුන්නත් හරියයි. පව් අහිංසක දරුවෝ (ස)

:       0       0

ගැමුණු Monday, 27 August 2012 09:31 AM

පසුගිය වසරෙත් මෙයම සිදුවුනා. ඉක්මනට ප්‍රතිඵල නිකුත් කරල ඇග බේරා ගත්තා (ස)

:       0       0

දේවිකා Monday, 27 August 2012 03:40 PM

පොඩි දරුවො පව්.. විභාග කොමසාරිස්තුමනි සාධාරණය ඉටු කරන්න.. මේ නිලධාරීන්ට නිසි පරීක්ෂණයක් සිදුකරන්න.. නැවත විභාගය පවත්වනවානම් හොදයි..!(නු)

:       0       0

පාලිත Monday, 27 August 2012 09:39 AM

ටියුෂන් තමයි ‍මේ සියල්ලටම මුල (නි)

:       0       0

සුරේශ් Monday, 27 August 2012 09:44 AM

අනේ මෙයාලා පහේ ශිෂ්‍යත්ව විභාගෙත් ෆේල් නේ (ස)

:       0       0

උදිත Monday, 27 August 2012 09:49 AM

මේක ගම්පහ විතරක් සිද්ධ වෙච්ච දෙයක් නෙවෙයි. පොල්ගහවෙලටත් පේපර් එක ඇවිත් තිබුණා. එක් ශිෂ්‍යත්ව ගුරුවරයෙක් ඔහුගෙ පුද්ගලික පන්තියට සහභාගි වෙන තෝරාගත් ළමයින් කොටසකට රහසිගතව සෙනසුරාදා දිනයේ සැකසහිත ප‍්‍රශ්ණ පත‍්‍රයක් කරන බව දැනගත් පසු මා ඒ බව විභාග අක‍්‍රමිකතා දැණුම් දීමට මහජනයා වෙත ලබා දී තිබූ අංකයට සැණුම් දුන්නත් ඔවුන් කීවේ ඔවුන් ඒ ගැන සොයාබැලූ බවත්, එවැන්නක් සිසුවී නැති බවත්ය. එහෙත් එම පන්තිය පැය දෙකක කාලයක් පැවැත්වූ අතර, එම පන්තියට සහභාගීවූවන්ගේ මාර්ගයෙන් රාත‍්‍රී 10 පමණ වන විට සමහර ප‍්‍රශ්ණ බොහෝ දෙමව්පියන් වෙත ලැබී තිබුණු බව පසුදින දැනගන්නට ලැබුණා. තත්වය මෙසේ නමුත් විභාග දෙපාර්තමේන්තුව මේවා මගහරින බවනම් විශ්වාසයි. මේ අසරණ දරුවන්ට සිදුවන අසාධාරණයක්. (ස)

:       0       0

නයනා Monday, 27 August 2012 10:04 AM

හැම විභාගයකම වගේ මේක වෙනවා (නි)

:       0       0

චමුදිත කරුණාරත්න Monday, 27 August 2012 10:08 AM

ම‍ගේ පුතාත් මේ පාර විභාගය ලිවුවා (නි)

:       0       0

ඉන්දික Monday, 27 August 2012 10:03 AM

දේවිකා, විකාර කතා කියවන්න එපා (නි)

:       0       0

දයා, සෞදි Monday, 27 August 2012 10:10 AM

මේවා අධ්‍යාපන අපරාධ (නි)

:       0       0

මොහොමඩ් රිස්වාන් Sunday, 26 August 2012 08:00 PM

විභාග කොමසාරිස්තුමනි, ලංකාවේ සෑම සිසුවකුටම අසාධාරණයක් නොවෙන විදියට නිසි ක්‍රියාමාර්ගයක් ගන්න. වගකියයුතු සියලු දෙනාට දඩුවම් දෙන්න. (ත)

:       0       0

ශෙරිල් Sunday, 26 August 2012 08:10 PM

මේක නම් මාර වැඩේ නේ? (ත)

:       0       0

උදය Monday, 27 August 2012 10:39 AM

කොහොමද එහෙම උනේ

:       0       0

අමිල කටුනායක Sunday, 26 August 2012 08:48 PM

විෂය නිර්දේශය අනුව කතා කරන්න ඇති. (ත)

:       0       0

කිත්සිරි Monday, 27 August 2012 05:36 PM

හැම තැනම ලොකු පටලැවිලි තියෙනව. බලධාරීන් කොලේ වහනවා මිසක් සුදුසු පිළියම් කරන්නේ නැහැ. හැමෝගෙම කිල්ලෝට වල හුණු ඇත. නේද? (නි)

:       0       0

Sahehar Dawood Sunday, 26 August 2012 08:47 PM

අනේ මේ කවුරුත් සෙල්ලම් කරන්නේ අධ්‍යාපනයත් එක්කනේ. රජකාලෙ දඩුවම් දෙන්න ඕන. (ත)

:       0       0

සිසිර Sunday, 26 August 2012 09:08 PM

ආපහු විභාග අවුලක්. (ත)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1601 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 509 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 192 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 281 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 132 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 88 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39994 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 222 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1299 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site