(රෝෂන් තුෂාර)
ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර සැකසූ හැඳුනුම්පත් භාවිතා කලේ යැයි ශෂී වීරවංශ මහත්මියට එරෙහිව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ගොනුකුල නඩුව විභාග කළ යුත්තේ කුමන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේදැයි අභියාචනාධිකරණ නියෝගයක් නැවත ලබා ගන්නා ලෙස විත්ති පාර්ශවයට නියෝගයක් නිකුත් කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණුවෙල මහතා අද (20) දින දන්වා සිටියේය.
මෙම නඩුව මීට පෙර කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ විභාග කළ අතර විත්තිය කළ ඉල්ලීමක් අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය ඉදිරියේ නඩුව විභාග කරන ලෙසට අභියාචනාධිකරණය දැනුම් දී තිබිණි.
එම නියෝගය ප්‍රකාරව අංක දෙක මහේස්ත්‍රාත් අධිකරණ පූර්ගාමී මහේස්ත්‍රාත් රජින්දා ජයසූරිය මහත්මිය ඉදිරියේ ඉදිරියේ නඩුව කැඳවීය.
අද දින හර්ෂණ කැකුණ වෙල මහතා ඉදිරියේ නඩුව කැඳවීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කර සිටියේ මෙම නඩුව පූර්ගාමී විනිසුරු තුමියගේ තනතුරු නාමයෙන් නොව නමින් විභාගයට ගන්නා ලෙසට නියම කර ඇති බැවින්,තමන් ඉදිරියේ නඩුව ගැනීම සම්බන්ධයෙන් නැවත නියෝගයක් විත්තිකාර පාර්ශවය ලබාගත යුතු බවය.
ඒ අනුව මෙම නඩුව මාර්තු 26 වැනි දින නැවත කැඳවීමට නියම කළ මහේස්ත්‍රාත්වරයාඑදින තෙක් නඩුව කල් තැබීය.
ඉන්දීය විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයශංකර් මහතා එක් දින ශ්‍රී ලංකා නිල සංචාරයක් සදහා (04 ) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේ
විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් අත් බෑගයේ දමාගෙන සිය සැමියා සමඟ තීරෝද රථයේ යමින් සිටි කාන්තාවක් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී රහස් ප
එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota) මහත්මිය ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමා
වාද්දුව පොහද්දරමුල්ල වෙරලේ පිරිමි නිරුවත් මළසිරුරක් පාවෙමින් තිබෙන බව වාද්දුව පොලිසිය පවසයි .
ඉරානය පසුගියදා ඊශ්‍රායලයට එල්ල කළ බැලස්ටික් මිසයිල ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉරාන තෙල් පිරිපහදුවලට පහර දීම පිළිබඳව සාකච්ඡා කළ බවත් කෙසේ වෙතත් එම ප්‍රහා
ප්‍රබල සූර්ය ගිනිදැල්ලක් හේතුවෙන් අප්‍රිකාවේත් යුරෝපයේත් සන්නිවේදන කටයුතුවලට බාධා එල්ල විය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ශෂි වීරවංශට එරෙහි නඩුව කල් යයි
Prabha Wednesday, 21 February 2024 01:45 AM
එකම විසඳුම ආණ්ඩුවට ශක්තියක් වෙලා හිරේ නොයා ඉඳීමයි.
kotiya Wednesday, 21 February 2024 07:15 AM
අනේ ඔන්න ඕක එක සැරේ අවුරුදු හැටකට විතර කල්දාන්න. ඕක මාස තුනෙන් තුනට කල් දාන එකෙන් ඔබලාටත්වදේ. ඒ අයටත් වදේ. අපිටත් වදේ. අවුරුදු හැටකට පස්සෙ කොහොමත් ශශිත් නෑ, ඔයත්නෑ, අපිත් නෑ.
Pradeep Kumara Wednesday, 21 February 2024 09:51 AM
ඕනෑම විත්තිකරුවෙකුට තමන් කැමති මහේස්ත්‍රාත් කෙනෙක් ඉල්ලා සිටිය හැකිද? නැත්නම් එය දේශපාලකයින් සහ ඔවුන්ගේ පවුල්වල අයට පමණක් ඇති විශේෂ වරප්‍රසාදයක්ද?