IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ශෂී වෙල්ගමත් යළි රිමාන්ඩ්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට රුපියල් මිලියන 125ක පාඩුවක් කළැයි සැකපිට හිටපු ලංගම සභාපති හා ගමනාගමන මණ්ඩලයට දුනු සැපයුම්කරු ලෙස කටයුතු කළ නන්දන ප්‍රියන්ත දෙසැම්බර් 26 තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා අද (22) නියෝග කළේය.

දෙවැනි සැකකරු වන නන්දන මෝටර්ස් අධිපති නන්දන ප්‍රියන්ත සම්බන්ධයෙන් අධිකරණයට දීර්ඝ කරුණු දැක්වීමක් කළ ඔහුගේ නිතිඥවරයා සුවිශේෂී කරුණු ඉදිරිපත් කරමින් ඇප ඉල්ලූ අතර ඇප සලකා බැලීම දෙසැම්බර් 26 වැනිදාට කල් තැබිණි.



අදහස් (0)

ශෂී වෙල්ගමත් යළි රිමාන්ඩ්

සුසිල් Thursday, 22 December 2016 03:04 PM

ලංකාවේ මෙවැනි තනතුරකට අවශ්‍ය එකම සුදුසුකම ඇමතිගෙ පවුලේ කෙනෙක් වීම හෝ හිතවතෙකු වීම පමණි. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 22 December 2016 09:41 PM

ලොකු ශුද්ධවන්තයෝ වගේ කතාකළාට ඔය එළිවෙන්නේ කරපුවා. කරුමෙකට තිබෙන්නේ තවමත් මෙවැනි දේශපාලකයෝ පසුපස යන අය ලංකාවේ ඉන්නවනේ. දැන් කියාවි මේවා දේශපාලන පළිගැනීම් කියලා (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Sunday, 25 December 2016 07:03 PM

මම මේ ඉල්ලීම යොමුකරන්නේ රන්ජන් රාමනායක මහත්මයාට. රට දියුණු කරන්න ඕනෑ නම් මෙවැනි සභාපති පත්වීම් වලට අවම වශයෙන් පිළිගත් විශ්ව විද්‍යාලයක් උපාධියක් හෝ අදාළ ආයතනයේ සේවකයන්ගේ ජ්‍යෙෂ්ඨත්වය අනුව තනතුර ලබාදිය යුතු බවට පාර්ලිමේන්තුවට පනතක් ගෙන එන්න. බොහෝවිට මෙය සම්මත නොවෙන්න පුළුවන්. නමුත් අපට බලාගන්න පුළුවන් දේශද්‍රෝහියෝ කවුද කියලා (නි)

:       0       0

දියෝනිස් Friday, 23 December 2016 01:23 AM

සමහර ඇමතියන්ට මණ්ඩලයක් බාර දුන්නම එයාලා එ්ක පව්ලේ ධන උල්පොතක් කර ගන්නවා. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Thursday, 22 December 2016 09:58 AM

අපරාදේ! අඩුවකට තිබෙන්නේ මාංචු පෙන්වමින් සතුටු සිතින් "වැලිකඩ බන්ධනගාර නිවාඩු නිකේතනයට" යන්න බසයට නඟින ඡායාරූපය පමණි. (නි)

:       0       0

ද සිල්වා බෙර්ලින් Monday, 26 December 2016 03:54 PM

හරි නම් ලංගමයේ අවුරුදු 20-30 සේවයේ යෙදී සිටින තරඟ විභාග වලින් පවා සමත්වෙලා ඉන්න නිලධාරීන්ව පැත්තකට දමා මෙයාට මේ තනතුර දුන්නේ කොහොමද කියා එවකට සිටපු ප්‍රවාහන අැමතිතුමාගෙන් උසාවියට ගෙන්වා ප්‍රශ්න කළයුතුය. උත්තරයෙන් අධිකරණයට සෑහීමකට පත්විය නොහැකි නම් නීතිමය වශයෙන් ඊළඟ පියවරට යායුතුය (නි)

:       0       0

අංගොඩ ලාල් Thursday, 22 December 2016 10:12 AM

මේ අත්අඩංගුවට ගැනීම් ඔක්කොම කරන්නේ ජනතාව රවටන්න විතරයි. මෙයාලා ටික දවසක් වැලිකඩ බන්ධනාගාර රෝහලේ හරි මහ රෝහලේ ගෙවන වාට්ටුවල හරි කෙටි නිවාඩුවක් ගතකරලා ගෙදර යනවා. ඊට එහා මොකුත් වෙන්නේ නැහැ. දැන් රටේ ජනතාව මේවා ගැන පොඩ්ඩක්වත් තකන්නේ නැහැ. (නි)

:       0       0

සම්පත් Thursday, 22 December 2016 11:18 AM

ජනතා මුදල් විනාශ කරා නම් දඩුවම් ලැබෙයි.(හේ)

:       0       0

ද සිල්වා Thursday, 22 December 2016 11:18 AM

කුමක් සිදු වේද?(හේ)

:       0       0

සිල්වා බර්ලින් Thursday, 22 December 2016 11:52 AM

මේ ඔක්කොම පැත්තකට දමල ලංගම සභාපති පදවියට පත්වීමට මෙයාට තිබුන සුදුසුකම මොකක්ද ? මෙයාට වඩා වෙන සුදුසුකම් තිබෙන කෙනෙක් ලංගමේ හෝ ලංකාවේ සිටියේ නැද්ද කියලා හොයල බැලුවේ නැද්ද ? (බ)

:       0       0

රොහාන් Thursday, 22 December 2016 02:17 PM

බලනකොට හැමෝම එකතුවෙලා හොරාකාලනේ! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 419 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 988 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 304 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 194 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4717 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 975 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26047 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 295 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site