IMG-LOGO

2024 නොවැම්බර් මස 20 වන බදාදා


ශාෆ්ටර් ඝාතන පරීක්‍ෂණවලදී දුරකථනයක් පොලිස් භාරයට

(යොහාන් භාසුර, ඉන්දිකා රාමනායක සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනශක්ති රක්ෂණ සමාගමේ සභාපති දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය වීමට පෙර මුණගැසීමට යන්නේ යැයි පැවසූ පුද්ගලයකුගේ ජංගම දුරකථනය පොලිසිය භාරයට ගත් බවත් අදාල ව්‍යාපාරිකයාගෙන් ප්‍රකාශයක් ද සටහන් කරගත් බවත් පොලිසියේ උසස් නිලධාරියෙක් අද (16) පස්වරුවේ පැවසීය.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් 15 දෙනකුගෙන් අද (16) දිනයේ ප්‍රකාශ ලබාගත් බවත් ප්‍රකාශ ලබාදුන් පිරිස අතර  බිරිඳ වන ඝාතනයට ලක් වූ දිනේෂ් ෆාස්ටර් මහතාගේ බිරිය ටානී ශාෆ්ටර් මහත්මියගෙන්,විධායක ධාරියකුගෙන් බොරැල්ල කනත්තේ සේවකයන් කීපදෙනකු ද සිටින බවත් එම නිලධාරියා සඳහන් කළේය.

ඝාතනය සම්බන්ධයෙන් තවත් පුද්ගලයන් කීපදෙනෙක්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව කී එම නිලධාරියා සඳහන් කළේ බොරැල්ල ප්‍රදේශයේ සී.සී.ටී.වී. දර්ශන පරීක්‍ෂා කරමින් සැකකරුවන් හදුනාගැනීමට පරීක්‍ෂණ ක්‍රියාත්මක කර ඇති බවත් වැඩි දුරටත් කීය.

ඊට අමතරව සභාපතිවරයා පැදවූ බව කියන මෝටර් රථයේ විද්‍යුත් දත්ත පරීක්ෂා කිරීමට ද , ඔහු පරිහරණය කළ ජංගම දුරකථනය පරික්ෂා කිරීම මෙන්ම විශේෂයෙන් සීසීටීවී කැමරා දර්ශන දැඩි පරීක්ෂාවට ලක් කිරීමට විමර්ශන සිදුකරන නිලධාරීන්  මේ වන විට පියවර ගෙන ඇතැයි එම නිලධාරියා කීය.

සභාපතිවරයා සුසාන භූමියේ ප්‍රධාන දොරටුවෙන් සුසාන භූමියට තනිවම ඇතුළු වූ බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.

 



අදහස් (1)

ශාෆ්ටර් ඝාතන පරීක්‍ෂණවලදී දුරකථනයක් පොලිස් භාරයට

සෙනරත් Saturday, 17 December 2022 03:45 PM

ආ දුරකථනය පොලිසිය බාරෙට ගත්තද? එහෙනම් වැඩේ හරි ඉක්මණින් විසඳයි...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

සජබ ජාතික ලැයිස්තුවෙන් මද්දුම බණ්ඩාර
2024 නොවැම්බර් මස 19 773 0

සමගි ජන බලවේගයේ මහ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර මහතා එම පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස පත්කරමින් මැතිවරණ කොමිෂන


පාසල් තුනක් ජනාධිපති කාර්යාලයට
2024 නොවැම්බර් මස 19 1354 0

රත්නපුර කරවිට මධ්‍ය විද්‍යාලය, කටුගස්තොට ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය සහ රුවන්වැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ සිසු සිසුවියෝ ජනාධිපති කාර්යාලය න


‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 530 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 1482 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 799 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 3263 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 664 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1891 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site