IMG-LOGO

2025 අප්‍රේල් මස 17 වන බ්‍රහස්පතින්දා


ශ්‍රී ලංකන් ලොක්කෝ ජනපති හමුවට

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ඉහළ නිලධාරීන් අතර  හමුවක් ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද (08) පස්වරුවේ පැවැත්විණි.

ශ්‍රී ලංකන් ගුවන් සමාගම වඩා ලාභදායී රාජ්‍ය ව්‍යාපාරයක් බවට පත් කිරීමට අදාළ යෝජනා පිළිබඳව මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ණය කළමනාකරණය සඳහා  ගත හැකි කෙටි කාලීන සහ දිගු කාලීන විසඳුම් පිළිබඳවද අවධානය යොමු විය.

නව ආයෝජන අවස්ථා පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ශ්‍රී ලංකන් ගුවන් සේවය ලාභදායී ආයතනයක් බවට පත් කිරීමට  ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් ලාභ ලැබුවද , වැරදි කළමනාකරණ තීරණ හේතුවෙන් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසායන් අතර ඉහළින්ම ඇති ආයතනයකි.එම ආයතනය පෞද්ගලීකරණය කිරීමට පසුගිය ආණ්ඩුව විසින් ගන්නා ලද තීන්දුව වෙනස් කරමින් වත්මන් රජය එය තවදුරටත් ජාතික ගුවන් සේවය ලෙස පවත්වාගෙන යාමටත්, නව කළමනාකරණයක් යටතේ ලාභ ලබන ආයතනයක් බවට පරිවර්තනය කර ඉදිරියට පවත්වාගෙන යාමටත් තීරණය කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි.

කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, ජනාධිපති  ජ්‍යෙෂ්ඨ උපදේශක දුමින්ද හුලංගමුව මහත්වරුද, ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සභාපති සරත් ගනේගොඩ මහතා ඇතුළු  ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ උසස් නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (3)

ශ්‍රී ලංකන් ලොක්කෝ ජනපති හමුවට

වමට සිග්නන් නොහොත් දකුණට යෑම Wednesday, 09 April 2025 12:53 AM

ජාතික උරුමයන් හා ජාතික සම්පත් ආරක්ෂා කරමින් ප්‍රතිවිවෘර්ත ගත කරනවා. . පලමු ජේදය ජෙප්පන්ට අවසාන එක ආයෝජකයන්ට.

:       2       2

ගුණරත්න Wednesday, 09 April 2025 01:15 PM

තෙල් සල්ලි තියෙන රටකට නම් ඔහොම දෙයක් කරන්න පුළුවන්, එත් අපේ ප්‍රාග්ධනය සීමිත රටක ඔය වගේ වියදමක් නාස්තිකාර වියදමක්, මීට වඩා ලාභයි වෙනත් ගුවන් සේවා වලින් අඩු මිලට සේවය ගන්න එක

:       0       0

Don perea Wednesday, 09 April 2025 01:30 PM

සුදු අලියෙක් තියාගෙන සින්දු කියන රටක්...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අවුරුදු සේවා බස් රථ ගැන මගී පැමිණිලි 190 ක්
2025 අප්‍රේල් මස 17 74 0

අළුත් අවුරුද්ද වෙනුවෙන් ක්‍රියාත්මක පෞද්ගලික බස් රථ සම්බන්ධයෙන් අද (17) වනවිට මගී පැමිණිලි 190 ක් පමණ ලැබී ඇතැයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි


ගොවීන් අවුරුදු ජයටම කෑවේ මේ පාරයි
2025 අප්‍රේල් මස 17 187 0

ගොවි ජනතාවට මේ පාර අවුරුදු සරු බව කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා පැවසීය.


පළාත් කීපයකට අදත් තද වැසි
2025 අප්‍රේල් මස 17 75 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකළපුව සහ පොලොන්නරුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම්


සිසුන් දෙදෙනෙක් මුහුදේ සැඟ වෙති
2025 අප්‍රේල් මස 17 565 0

පවුලේ අයවළුන් සමග පානදුර මුහුදේ විනෝදයට දියනාමින් සිටී පාසල් සිසුන් දෙදෙනකු දියේ ගිලී අතුරුදන්ව ඇති බව පානදුර දකුණ පොලිසිය පවසයි.


පුංචි ඡන්දය නියම දිනටම මැකෝ තීරණය කරයි
2025 අප්‍රේල් මස 17 488 0

පළාත් පාලන ආයතන 339 ඡන්ද විමසීම එකවර පැවැත්වීමට අදහස් කරන බව මැතිවරණ කොමිෂන් සභාවේ නීති අංශය පවසයි.


රෝහලට පැන මලසිරුරක් බලෙන් පැහැරගෙන
2025 අප්‍රේල් මස 17 1047 0

අනතුරකින් පසු රෝහලට රැගෙන එන අතර තුර මියගොස් සිටි පුද්ගලයකුගේ මල සිරුරක් ඔහුගේ ඥාතීන් විසින් බලහත්කාරයේ පානදුර රෝහලට රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 171 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 335 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1018 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site