IMG-LOGO

2024 ජුලි මස 08 වන සඳුදා


ශ්‍රී ලංකාවේ උමා එංගලන්ත පාර්ලිමේන්තුවට

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකා සම්භවයක් සහිත උමා කුමාරන් මහත්මිය ඊයේ පැවැත්වූ බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් එරට පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය.

කම්කරු පක්ෂය නියෝජනය කරමින් බ්‍රිතාන්‍ය මහ මැතිවරණයට ඉදිරිපත් වූ උමා කුමාරන් මහත්මිය ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනයෙන් මහ මැතිවරණයට ඉදිරිපත් වූවාය. බ්‍රිතාන්‍ය මහ මැතිවරණයේදී ඡන්ද 19,145ක් ලබා ගනිමින් ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වූ ප්‍රථම පාර්ලිමේන්තු මන්ත්‍රීවරියවීමට උමා කුමාරන් මහත්මිය වාසනාවන්ත වූවාය.

ප්‍රතිඵල ප්‍රකාශයට පත්වීමත් සමඟ සිය එක්ස් සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබමින් උමා කුමාරන් මහත්මිය ප්‍රකාශ කර සිටියේ ස්ට්‍රැට්ෆෝර්ඩ් සහ බෝ ආසනය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත්වීමට හැකියාව ලැබීම තමන් ලද ගෞරවයක් බවයි.

එසේම ඡන්දදායකයන් තමන් කෙරෙහි තැබූ විශ්වාසය කෙදිනකවත් කඩ නොකරන බවද ඇය පැවැසුවාය.

 



අදහස් (7)

ශ්‍රී ලංකාවේ උමා එංගලන්ත පාර්ලිමේන්තුවට

රංබොඩ Friday, 05 July 2024 11:32 PM

ලංකාවෙ සම්භව කතාව කෙසේ වෙතත් කොටින්ට කඩේ නොයා හිටියොත් ලොකු දෙයක්...

:       3       8

Prabha Saturday, 06 July 2024 01:20 AM

19000ක් අරන් පාර්ලිමේන්තු කියන්නේ... යාපනයෙන් පාර්ලිමේන්තු ගිය අයට සමානයි.

:       4       4

Perera Saturday, 06 July 2024 02:51 AM

83 දී මහජාතිය ගහලා පන්නපු මිනිස්සු. මේ මිනිස්සුන්ට කරපු දේවල් අපිට අද ඵලදෙනවා.

:       7       5

kotiya Saturday, 06 July 2024 05:56 AM

අපි මේ හෙනට උඩ දාලා, ලාංකීය සම්භවයක් සහිත කිය කිය දැම්මාට කොටි පුල්ලිනේ. ලංකාවේද කියලා අහලා ඊළඟට අහන්නේ දෙමළද කියලා. සිංහල කිව්ව ගමන් මූණත් හංගගෙන යනවා යන්න.

:       4       7

dupul Saturday, 06 July 2024 05:56 AM

83 නේ ජාත්‍යාලය ගිය දුරක්...

:       4       3

LGPJ Saturday, 06 July 2024 06:32 AM

සුබපැතුම්...!

:       3       5

ආච්චි Saturday, 06 July 2024 09:01 AM

ඇයට සුබපැතුම්... හැබැයි එයාගෙන් ලංකාවට සෙතක් බලාපොරොත්තු වෙන්න එපා. එයා "ලංකාවේ සම්භවයක් මට තියෙනවා" කියලා ආඩම්බර වෙනවා කියලා මං නම් හිතන්නේ නෑ.. තමන්ගේ රටේ එයාලාගේ ප්‍රජාවට එයාලා වැඩ කරගනියි. මතකයිනේ රනිල් ජයවර්ධන කියලා කෙනෙකුත් ඔහොම තේරිලා පාර්ලිමේන්තු ගියා. ඒ් රනිලුත් තමන්ගේ අයට වැඩ කර ගනිමින් ඉන්නවා. අපි තාමත් එයා අපේ කිය කියා ඔජ වඩනවා. තවත් එකක්, මේ පංකාවෙ ඉඳලා නෙවෙයි... ඔය රනිල්ලා උමාලා ඔහෝම ජයග්‍රහණ අර ගත්තෙ‍්... එයාලාගේ දෙමව්පියෝ මෙහෙන් ගිය නිසා‍. බැණුම් අහ අහා හරි, දුක් විඳලා හරි, සරණාගතයින් වෙලා හරි වෙන රටකට ගිහින් පදිංචි වුණු ‌නිසා. ඒ වගේම ඒ දරුවෝ හොඳට එහෙ ඉගෙන ගත්තු නිසා. මේකෙන් පැනලා ගිය අයගේ පසු පරම්පරාව හරි යමක් කරගනියි, ඒකට ඉඩ කඩ ඒ රටවල තියෙනවා. මෙහෙ උපාධියක් ගත්තා වුණත් අන්තිමට දරුවෝ අනාථයි. ඒ නිසා හැකියාවක් තරුණ අය මේ රට මගේ රට මා ඉපදුණු රට කිය කියා ඉන්නේ නැතුව පැනගන්න බලන්න දරුපැටවුත් එක්ක. මේක නම් හැදෙන රටක් නෙවෙයි. පස්සේ කාලෙක දරුවො ස්තුති කරයි එයාලට අනාගතයක් හදලා දුන්නු එකට...

:       2       12

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අතුරුගිරියේ ඝාතකයන් පලා ගිය වෑන් රථය බුලත්සිංහලින් හමුවෙයි?
2024 ජුලි මස 08 771 0

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඇතුළු පිරිසට වෙඩි තබා පලා ගිය වෙඩික්කරුවන් ගමන් කළ බවට සැකකරනු ලබන වෑන් රථය බුලත්සිංහල දෙල්මෑල්ල ප්‍රදේශය


නිමල්- අමරවීර යළි ඩාලි පාර හොල්ලති
2024 ජුලි මස 08 773 0

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඩාලි පාර ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයට පැමිණ එහි ඉදිරිපිට සිට ලියවිල්ලකට අත්සන් කොට පක්ෂ ලේකම


පොහොට්ටු තීරණය රනිල් වුනොත් අපි ඔක්කොම උදව් කරනවා
2024 ජුලි මස 08 901 0

පොහොට්ටුවේ ජනපතිවරණ අපේක්ෂකයා රනිල් වික්‍රමසිංහ බවට තීරණය කළහොත් ඒ සුබ තීරණය සඳහා සහයෝගය ලබා දෙන බව ධීවර හා ජලජ සම්පත් රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ම


ව්‍යාපාර 14ක් අලුතින් බදු දැලට
2024 ජුලි මස 08 1125 0

ක්ෂේත්‍ර තවත් 14කින් බදු අය කිරීමට තිරණය කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය.


දක්ෂ කපිතාන්ලා බිහි වෙන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක
2024 ජුලි මස 08 997 0

කපිතාන් වරයකුගේ දක්ෂතාවය හඳුනාගත හැකි වන්නේ නිහඬ මුහුදක නොව චන්ඩ මාරුතයක බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.


තැපැල් දුම්රියෙන් තැපැල් පෙට්ටිය ගලවයි
2024 ජුලි මස 08 568 0

තැපැල් දුම්රිය අද (8) හා හෙට (9) සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන නමුදු තැපැල් සේවක වැඩ වර්ජනය නිසා තැපැල් මැදිරිය ඉන් ඉවත් කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවස


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 786 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1717 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3615 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site