(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාවේ ජනගහනය පුද්ගලයන් 21,763,170 ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ශ්‍රී ලංකාවේ ජනගහනය 2012 වසරේ සංගණයෙන් වාර්තා වූ පුද්ගලයන් සංඛ්‍යාවට වඩා මෙවර සංගණනයේදී 1,403,731 ක වැඩිවීමක් ප්‍රදර්ශනය කරන බවත් 2012 සහ 2014 කාලය තුළ ජනගහනයේ සාමාන්‍ය වාර්ෂික වර්ධන අනුපාතය සියයට 0.5 ක් බවත් එම දෙපාර්තමේන්තුව කියයි.
ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් ඉහළතම කොටස වන සියයට 28.1 ක් බස්නාහිර පළාතේ ජීවත්වන සිටින අතර අඩුම සංඛ්‍යාව වන සියයට 5.3 ක් උතුරු පළාතේ පදිංචිව සිටින බවත් ගම්පහ දිස්ත්‍රික්කයේ පදිංචිව සිටින 2,433,685 දිස්ත්‍රික්කයක සිටින ඉහළතම පුද්ගලයන් සංඛ්‍යාව වන අතර කොළඹ දිස්ත්‍රික්කයේ ජනගහණය 2,374,461 ක් බවත් එම දෙපාර්තමේන්තුව පැවසීය.
එම දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන ජන හා නිවාස සංගණනයේ (2024) මූලික වාර්තාවෙන් ශ්‍රී ලංකාවේ ජනගහනය මෙසේ හෙළිවූ බවත් එම සංගණනයේ මූලික වාර්තාව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට භාරදුන් බවත් එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.
අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා රියදුරන්ගෙන් මුදල් අය කිරීම වෙනුවට කාඩ් පත් මගින් ගාස්තු ගෙවිමේ නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීම අද (11).කොට්ටාව අධිවේගී අන්තර
දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි චෝදනා විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව ඉදිරි දින කිහිපය ඇතුළත පත් කෙරෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ඡන්ද පත්‍රිකා කෝටියක් පමණ මුද්‍රණය කර අවසන් බව රජය මුද්‍රණාලය පවසයි.
බටලන්ද චූදිතයන්ට නිත්‍යානුකූලව දඬුවම් කිරීම සඳහා පරීක්ෂණ කමිටුවක් ජනාධිපතිවරයා විසින් ළඟදීම පත් කෙරෙනු ඇතැයි සභා නායක අමාත්‍ය බිමල් රත්නායක මහතා
අලුත්ගම දර්ගා නගරය කුරුඳුවත්ත සමගි මාවත ප්‍රදේශයේ අද(11) දහවල් සිය සැමියා විසින් බිරිඳගේ ගෙළට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර ඇතැයි අලුත්ගම පොලිසිය ක
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (11) පැමිණියේය.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
ශ්රී ලංකාවේ ජනගහනය 21,763,170 යි
බයි සිතිවිලි Monday, 07 April 2025 02:46 PM
බයියෝ ගණන අඩු කරපුවාම ගාණ දෙකෝටි කීයද?
ගුණරත්න Monday, 07 April 2025 04:31 PM
රිලවු කීයද?
බයි සිතිවිලිMonday, 07 April 2025 05:08 PM
රිලවුන්වත් බයි ගොඩටම දාන්නද කියන්නේ...?
Perera Monday, 07 April 2025 06:53 PM
මීට කලකට ඉහතදී 25න් කෝටියක් හිටියා නේද?
Angna Kouross Monday, 07 April 2025 08:20 PM
නෑ, ඊට වැඩියි. තිස්තුන් කෝටියක්.
වික්‍රම විදුර Monday, 07 April 2025 07:19 PM
ලෝක ජනගහණ ගණනය කිරීමේ අඩවියේ පෙන්වන්නේ 23,229,470 විදිහට.. වර්ධන වේගය 0.54%, ඒ කියන්නේ එයාලා 2012ට සාපේක්ෂව ඉදිරියට ගෙනියලා දත්ත ඉදිරිපත් කරලා ඇත්තේ. කොහොම හරි ලෝක ජනගහනයෙන් ලක්ෂ 15ක් ලංකාවේ ජනගහනය දවසින් මිසින් වෙනවා..