(යොහාන් භාසුර)
ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් යම්තාක් දුරකට හෝ මිදීම සදහා ඇමරිකානු ඩොලරය වෙනුවට වෙනත් විදේශ මුදල් ඒකක සමග කටයුතු කිරීම වාසිදායක බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මහතා අද (30) පැවසීය.
"ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට ඩොලර් හරණයක් කරන්න සිදු වේද" යන මැයෙන් විකල්ප මග සංවිධානය සීදුව ප්‍රදේශයේ පැවැත්වූ වැඩසටහනකදී පුබුදු ජයගොඩ මහතා එසේ පැවසීය.
ඇමරිකා එක්සත් ජනපදයේ ආර්ථිකයේ ශක්තිමත් නිසා ජාත්‍යන්තර මුදල් ඒකකයක් ලෙස ඩොලරයේ ආධිපත්‍යය අඛණ්ඩව පැවතුණ බවත් නමුත් මේ වන විට ඩොලරයට අභියෝගයක් එල්ල වී ඇති බවත් ඒ මහතා කීය.
මෑතකදී චීනය සහ ඉන්දියාව වැනි රටවල් ආර්ථික බලවතුන් ලෙස නැගී සිටිමින් ඇති බවත් චීනය, රුසියාව ඉන්දියාව, බ්‍රසීලය හා දකුණු අප්‍රිකාව යන බ්‍රික්ස් රටවල ලෝක ජනගහනයෙන් සියයට 40 ක් නියෝජනය කරන බවත් ඒ මහතා සඳහන් කළේය.
එය විශාල වෙලඳපල කොටසක් මෙන්ම ගෝලීය දළ ජාතික නිෂ්පාදිතයෙන් තුනෙන් එකක් පමණ බ්‍රික්ස් රටවල සිදුවන බවත් බ්‍රික්ස් රටවල් ඔවුන්ගේම ජාත්‍යන්තර මුදල් ඒකකයකට යෝජනාවක් ගෙන හෙමින් තිබෙන බවත් ජයගොඩ මහතා පැවසීය.
චීනය හා ඉන්දියාව අතර පවතින දේශපාලන ප්‍රතිවිරෝධය හේතුවෙන් එය තවමත් යථාර්ථයක් වී නැති අතර ශ්‍රී ලංකාවට ආනයන කිරීමේදී වැඩිපුරම ආනයනය කරන්නේ චීනයෙන් සහ ඉන්දියාවෙන් නිසා චීන යුවාන්, ඉන්දියානු රුපියල්, රුසියාවේ රූබල් වැනි මුදල් එකක සමග ජාත්‍යන්තර වෙළඳාම කළ හැකි නම් පහසු වන බවත් ශ්‍රී ලංකාව අපනයන ප්‍රධාන වශයෙන්ම ඇමරිකා එක්සත් ජනපදයට සහ යුරෝපා යන රටවලට කිරීම නිසා ඩොලරයෙන් ඉවත්වීම පහසු නොවන බවත් ඒ මහතා සදහන් කළේය.
ශ්‍රී ලංකාව හදිසියේ ඩොලර්හරණයකට ගියහොත් ඇඟලුම් තේ, රබර් වැනි අපනයනවලට බාධක පැමිණවීමට ඉඩ ඇති බව කී පුබුදු ජයගොඩ මහතා ඩොලරයේ ආධිපත්‍යයෙන් මිදීමේ වැඩපිළිවෙලකට යා යුත්තේ මෙරට අපනයන ආර්ථික ව්‍යුහය වෙනස් කරන දිගුකාලීන ආර්ථික වැඩපිළිවෙලක් සමග බව ද සදහන් කළේය.
එහිදී ආර්ථික විශ්ලේෂක ගයන්ත දෙහිවත්ත ප්‍රකාශ කළේ මෙරට ආර්ථිකයේ ස්ථාවරත්වය ඇති කිරීම සදහා අනිවාර්යෙන්ම ඩොලර් හරණය කළ යුතු බවය.
ඒ අනුව ඩොලර් හරණයේ සැලැස්ම විය යුත්තේ විනිමය පියවීම රූබල් මුදල් ඒකකය හරහා සිදු කිරීම බවද ඔහු සදහන් කළේය.
රූබල් මුදල් ඒකකය අනුමත කරන ලෙස රුසියාව වසර ගණනාවක සිට මෙරටින් ඉල්ලීම් කළද පැවති කිසිදු රජයක් ඊට ප්‍රතිචාර නොදැක්වීම කණගාටුවට කරුණක් බවත් එය ආර්ථිකයට දැඩි බලපෑමක් බවත් ඒ මහතා වැඩි දුරටත් සදහන් කළේය.
ශ්‍රී ලංකා ප්‍රජා වෛද්‍ය විශේෂඥ සංගමය සංවිධාන කරන ළමා චිත්‍ර තරඟයට මැයි 10 වැනිදා තෙක් චිත්‍ර බාර ගන්නා බව එම සංගමය පවසයි.
මග නැගුම මාර්ග ඉදි කිරීම් සමාගමට ස්කැවේටර් යන්ත්‍රයකින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් කඩුවෙල කොරතොට, මයික්වත්ත ප්‍රදේශයේ ඉඩමක කළුගල් ව්‍යා
පාර්ලිමේන්තු පක්ෂ නායකයන්ගේ රැස්වීමක් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අනිද්දා (2) පැවැත්වීමට නියම
කූඨ ලේඛන සකස්කර රුපියල් කෝටි 3 ක් වටිනා දේපොළ අත්පත් කරගත් බව කියන විශ්‍රමික කාන්තා පොලිස් සැරයන්වරියක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගු
ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ඒකල විකාශනාගාරයේ ගොඩනැගිලි හයක් විනාශ වීමට ඉඩ හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.
ජනාධිපතිවරයා සහ මාලිමාව පොරොන්දු වූ පොහොසත් රටක් ලස්සන ජිවිතයක් කෙසේ වෙතත් රටේ ලක්ෂ 220 ක ජනතාව ජීවත් වෙන්නෙත් අමාරුවෙන් යැයි විපක්ෂ නායක සජිත් ප්‍රේම
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ශ්‍රී ලංකාව ඇමරිකා ඩොලරයෙන් ඉවත්විය යුතුයි
ජිල්බු Wednesday, 30 April 2025 02:12 PM
ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයෙනුත් ඉවත්විය යුතුයි.
Jayasekara Wednesday, 30 April 2025 03:42 PM
කරන්න පුළුවන් දෙයක් කියන්න. වේලි වේලි ඉන්නකොට මොවුන්ගේ කට කහනවා. ඒක හරියට ඔබ පවුල්වලින් වෙන්වෙලා පිළිකන්නේ ඉන්නවා වගේ වැඩක්...
Nalin Wednesday, 30 April 2025 04:20 PM
කොහෙන්ද මෙයාව හොයාගත්තේ...?