IMG-LOGO

2024 සැප්තැම්බර් මස 08 වන ඉරිදා


ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිකන් දුන්නත් ගන්න කෙනෙක් නෑ

(යොහාන් භාසුර)

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම වත්වාගෙන යෑමට නොහැකි නම් වසා දැමීමට සිදුවන බවත් මෙරට ගුවන්තොටුපළ ගැනීමට අදානි සමාගම පමණක් නොව චීනය සහ රුසියාව ඇතුළු රටවල් රැසක් බලාපොරොත්තුවෙන් සිටින බවත් වරාය, නාවික හා ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා අද (26) පැවසීය.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා වරාය, නාවික හා ගුවන්සේවා අමාතයංශයේදී අද (26) පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී එසේ පැවසීය.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් සහ ඉංජිනේරුවන් පසුගිය කාලයේ කළ වර්ජනයන් හේතුවෙන් එම සමාගමට තිබූ පිළිගැනීම බංදුවට වැවී ඇති බව කී අමාත්‍යවරයා ඒ හේතුවෙන් එම සමාගම නොමිලයේ දුන්න ද භාරගැනීමට කිසිවෙක් ඉදිරිපත් නොවන තත්වයකට පත්ව ඇති බව ද සඳහන් කළේය. 



අදහස් (14)

ශ්‍රී ලන්කන් ගුවන් සමාගම නිකන් දුන්නත් ගන්න කෙනෙක් නෑ

lalindra Monday, 26 February 2024 03:56 PM

ඕක කියන්න ඕනෙ ඔයාලාගේ රට බෙරා ගත් නායකයටනේ. emirates එකෙන් ලස්සනට කරගන යනකොට වරිග සභාව පටවාගන යන්න හිතු මනාපෙට ප්ලෙන් දුන්නේ නෑ කියලා පවරගෙන මස්සිනලාට සූදු කෙලින්න ඔය අය දුන්නේ එයා තමයි. ඔයාලා තමයි එයාට බලය තියන දවස්වල එයාව නලලේ තියලා වර්ණනා කළේ...

:       2       118

FAIROOS Monday, 26 February 2024 04:28 PM

මුන් නම් මහ කාලකන්නින්

:       1       57

Nimal Monday, 26 February 2024 04:37 PM

ඇමති ලෙස ඔබේ කෙරුවාව තමයි

:       1       66

රංබොඩ Monday, 26 February 2024 04:49 PM

අපේ ගුවන් සේවය වසර විස්සක් විතර ඇතුළත පිරිහී ගිය ආකාරය ඉතාම පැහැදිලියි. දැන්නම් එයට ගොඩ වූ පසු අපේ කමක්වත් නොදැනෙන තරමටම සේවක සේවිකාවන් රොබෝවරුන් සේය. නමුත් රටේ ගුවන් තොටපළවලුත් විකුණාගෙන කන්න හදන වැඩේට නම් රටම විරුද්ධ විය යුතු යැයි සිතේ. අන්තිමට මොවුන් රටම කීයකට හරි ඉන්දියාවට විකුණලා ඔවුන් වෙන රටක පදිංචියට යනු ඇත.

:       3       36

Kazi Shajahan Monday, 26 February 2024 04:49 PM

ඔය කතාවෙන් කියවෙන්නේ UL එක කාටහරි අඩු ගාණකට දීලා නිමල් කුට්ටියක් කඩාගන්නද හදන්නේ..., අපේ ජාතික සම්පත් මේ අය සේරම කුණු කොල්ලෙට විකුණන්නද හදන්නේ...?

:       3       40

Prabha Monday, 26 February 2024 05:13 PM

නිකන් දෙන්න දුක ඇති... කීයක්වත් හොයාගන්න බැරි හින්දා.

:       0       27

Animal Siripala Monday, 26 February 2024 05:19 PM

ඔයා 10% ඉල්ලුවද?

:       0       35

Cham Monday, 26 February 2024 05:33 PM

ඔය ලෝන්තපෝල් ඇමතිලා සහ නිලධාරීන් ඉන්නකන් කවදාවත් ලාභ ලබනවා තියා හිතන්නවත් බැහැ. ඕක විකුණන්න තිබ්බේ මීට ගොඩාක් කාලයකට කලින්... අපේ අභිමානය කියලා තියන් ඉඳලා වෙලා තියන දේ පේනවානේ..!

:       1       30

chandima Monday, 26 February 2024 06:40 PM

ඒ ගාණකට වැටෙනකල් ඇමති නිදිද? පඹයින් ඉන්නකොට තමයි ඔහොම වෙන්නේ...!

:       0       23

සෙනෙවිරත්න Monday, 26 February 2024 06:45 PM

දැන් තමයි කුම්භකර්ණ නින්දෙන් ඇහැරුනේ. අනේ මෙහෙමත් නාකින් කියන කතා අහන්න අවාසනාවන්ත වුණානේ...!

:       0       25

Sarath Monday, 26 February 2024 09:14 PM

මේ වගේ එල හරකෙකුව ගුවන් සේවා ඇමති කෙනෙක් හැටියට පත් කරපු මී හරකා

:       0       14

Rana Monday, 26 February 2024 09:38 PM

Emirate සමාගම ශ්‍රීලන්කන් ගුවන්සේවයේ කොන්ත්‍රාත්තුව ඉවර වෙන්න අවුරුදු දෙකක් තිබියදී අතින් ( ජනතාවගේ බදු මුදලින්) ඩොලර් මිලිඅන 60කටත් වඩා ගෙවලා ලංකාවට පවරා ගත්තා. පවරාගෙන aviation ගැන හෝ කළමනාකරණය ගැන මෙලෝ හසරක් නොදන්නා තමුන්ගේ මස්සිනාව සභාපති කළා හිටපු ජනපති මහින්ද රාජපක්ෂ. මේ අයුරින් තමා ශ්‍රීලන්කන් විනාශ කිරීමේ ප්‍රථම පියවර තැබුවේ. ඊළගට රනිල් ලොක්කා ඇවිත් එවකට order කරල තිබුන A350 ගුවන් යානා හතරේ ගිවිසුම ඩොලර් මිලියන 100 කට ආසන්න ජනතාවගේ බදු මුදල්ක් airbus ආයතනයට ගෙවලා අවලංගු කළා. මේවගේ හේතු නිසා ශ්‍රීලන්කන් ආයතනය පතුලක් නොමැති නය අඝාධයකට වැටිලා. මේවට මේ කාලකන්නි දේශපාලුවෝ වගකිව යුතුයි. මොහින් හරිනම් අද ඉන්න ඕනේ හිරේ.

:       0       27

kotiya Monday, 26 February 2024 10:58 PM

විකුණන්න බැරි නම් වහලා දාපිය ඕක....

:       0       16

පිටරටවැසියා Wednesday, 28 February 2024 09:53 AM

මෙවැනි පිරිසක් කොහොමද රටක් පාලනය කරන්නේ? රට දියුණු කරන්නේ? අමාත්‍යාංශය යටතේ තියෙන එක ආයතනයක් හරියට පාලනය කරගන්න බැරිව... කොටින්ම සුපවයිසර් ජොබ් එකකටවත් සුදුසුකමක් නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජනපති මාවෙයි හමුවෙයි
2024 සැප්තැම්බර් මස 07 647 0

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා මහතා අතර හමුවක් යාපනය තෙලිප්පලෙයි හි සේනාධිරාජා මහතාගේ නි


‘‘රටේ සංස්කෘතිය අප ආරක්ෂාකරනවා‘‘
2024 සැප්තැම්බර් මස 07 179 0

රටේ සංස්කෘතියට හානියක් වන කිසිඳු දේශපාලනික හෝ සමාජීය තීන්දුවක් ක්‍රියාත්මක කිරීමට ඉඩ නොදෙන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධූර අපේක්ෂක, පාර්ලි


විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය අනුරට
2024 සැප්තැම්බර් මස 07 537 0

මෙවර ජනාධිපතිවරණයේදී ,විදුලි හා පුනර්ජනනී බලශක්ති පාරිභෝගික සංගමයේ සහාය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාට ලබාදීමට තීරණය කර ඇතැයි එ


කදුරුවෙල නගරයේ කඩයක ගින්නක්
2024 සැප්තැම්බර් මස 07 135 0

පොලොන්නරුව කදුරුවෙල නගරයේ වෙලද සංකීර්ණය වෙළෙඳහලක ගින්නක් හට ගෙන ඇති බව කදුරුවෙල පොලිසිය කියයි.


නාමල්ගේ රැස්වීමට සෙල්ලම් පිස්තෝලයක් ගෙනා සිසුන් දෙදෙනා මාට්ටු
2024 සැප්තැම්බර් මස 07 1801 0

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් වැලිමඩ නගරයේ ඉන්ද්‍රානී සිනමා ශලාවේ පැවති ජනහමුවට සෙල්ලම් පිස්තෝලයක


සියලු ආගමික අයිතීන් සුරකින්න කැපවී ඉන්නවා
2024 සැප්තැම්බර් මස 07 185 0

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලවම මෙරට සියලු ආගම්වල අයිතීන් සුරක්ෂිත කිරීම සඳහා රජය කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 1813 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 865 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක් 2024 ජුලි මස 31 677 5
ශ්‍රී ලංකාවේ 2023 හලාල් සහතික කළ අපනයන ඇ.ඩො.බිලියන 1.7ක්

ශ්‍රී ලංකාවේ 2023 වසර සඳහා හලාල් සහතිකය සහිත නිෂ්පාදන අපනයනය ඇමෙරිකානු ඩොලර් බිලියන 1.7ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.

Our Group Site