(මනෝප්‍රිය ගුණසේකර)
පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය අවලංගු කර ඒ සඳහා යළි විභාගයක් පැවැත්වීමට නියම කරන්නැයි ඉල්ලා සිටින මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ශිෂ්‍ය පිරිසක් සහ මාපියෝ පිරිසක් පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීම වළකාලන අතුරු නියෝගයක් නිකුත් කරන්නැයිද ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද (15) ගොනු කළහ.
පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවත්වු පහ වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න තුනක් විභාගයට පෙර පිටවී ඇති බවට රාවයක් පැතිර ගිය බවත් ඒ පිළිබඳ සොයා බැලීමේදී මෙම ප්‍රශ්න තුනට බොහෝ දුරට සමාන ප්‍රශ්න පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු විසින් ලබා දී ඇති බවට කරුණු හෙළි වු බවත් ස`ඳහන් කරන පෙත්සම්කරුවෝ ඉන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ශිෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද කියා සිටිති. කැස්බෑවේ පදිංචි ජී. මංගල සහ ඇගේ දියණිය ඇතුළු 54 දෙනෙකු ගොනුකොට ඇති මෙම මුලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කර ඇත.
පසුගිය සැප්තැම්බර් 15 වැනිදා පැවත්වු පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන් සහ ඔවුන්ගේ දෙමාපියන් නීතිඥ මංජුල බාලසූරිය මහතා මඟින් මෙම පෙත්සම ගොනු කරමින් අදාළ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍රයේ පළමු කොටසේ අඩංගු ප්‍රශ්න පත්‍ර තුනක් විභාගයට පෙර පිටවී ඇති බවට රාවයක් ඇති වු බවත් ඒ සම්බන්ධයෙන් කළ සොයා බැලීමේදී අදළ ප්‍රශ්න තුනට බොහෝ දුරට සමාන ප්‍රශ්න පෞද්ගලික උපකාරක පන්ති ගුරුවරු විසින් ලබාදී ඇති බවට කරුණු හෙළි වු බවත් සඳහන් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනයක් ආරම්භ කිරීමෙන් අනතුරුව ප්‍රශ්න පත්‍ර සම්බන්ධ ඇගයීම් අත්හිටු විමට ජනාධිපතිවරයා නියෝගයක් නිකුත් කළ බව පවසන පෙත්සම්කරුවෝ මින් පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි ශිෂ්‍යයන්ගේ මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයිද පවසති.
කලපුගම , කජුවත්ත ඇලේ මාළු ඇල්ලීමට ගිය එක් දරු පියෙකු දියේ ගිලී මියගොස් ඇති බව මොරොන්තුඩුව පොලිසිය පවසයි .
ජාත්‍යන්තර සුදු සැරයටි සුරක්ෂා දිනයට සමගාමීව කොඩි අලෙවි කිරීමේ සතිය සනිටුහන් කරමින් එහි පළමු කොඩිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරුවකු වන නීතිඥ උදුල් ප්‍රේමරත්න මහතාට සහ ඔහුගේ බිරිද ට තලවතුගොඩ ප්‍රදේශයේ ආපනශාලාවකදී පහර දුන
අන්තර්ජාලය ඔස්සේ මහා පරිමාණයෙන් මූල්‍ය වංචා සිදුකරමින් සිටියදී මහනුවර ප්‍රදේශයේදී සැකපිට අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් පිරිස මීට ඉහතදී හම්බන්තොට ප්
නාවලපිටිය සිට නානුඔය බලා ධාවනය වු දුම්රියක් තලවකැලේ සහ වටගොඩ දුම්රිය ස්ථානය අතරදී අද (15) පීලි පැනීමකට ලක්වීම හේතුවෙන් උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය
මාතර, කැකනදුර ,රුවන්වැල්ල ප්‍රදේශයේදී අද (15) පස්වරුවේ කළ වෙඩිතැබීමකින් අයෙක් මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශිෂ්‍යත්වය යළි ඉල්ලා අධිකරණයට යති