IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


ෂිනගාවා මින් මැදුරේ හිනාවෙන මුහුදු සිංහයා

2016-04-23-ent-107

2016-04-23-ent-100ජපානයෙහි සංචාරය කරන සංචාරකයින් අනිවාර්යයෙන්ම ගැවසෙන තවත් සොඳුරු ස්ථානයක් ලෙස එප්සන් ෂිනගාවා ඇක්වාපාක් මින් මැඳුර සඳහන් කළ හැකිය. වැඩි දෙනෙක් එලෙසින් මේ මින් මැඳුර වෙත යන්නේ ඇයි. Extea Ni cey ආයතනයේ අනුග්‍රහය ඇතිව එහි කළ සංචාරයෙහි විස්තර අපි මෙලෙස ගෙන එන්නෙමු.

ෂිනගාවා මින් මැඳුරට ඇතුළු වූ පසු මින් මැඳුරේ හැඩ හරි අපූරුවට වින්දනය කර ගත හැකිය. ලොව දුර්ලභ ගණයේ මත්ස්‍ය වර්ග ගණනාවකින් සමන්විත විශාල ජල ටැංකි සහිත භූගත පරිශ‍්‍රය අතිශය අලංකාරවත්ය.

ඊට අමතරව නවීන තාක්ෂණයට අනුව විද්‍යුත් තිර ස්පර්ශයෙන් ජලජ පැළෑටි සහ මුහුදු ශාක ගැන විස්තර දැන ගැනීමට අවකාශය සලසා ඇත. මේ මත්ස්‍ය මන්දිර පරිශ‍්‍රය ලෙඞ් ආලෝක ධාරාවන්ගෙන් විටෙක වර්ණවත් වන්නේය. එය ඉතා විචිත‍්‍රවත් දසුනකි. පෙන්ගුවින් කුරුල්ලන්ට ආහාර දෙන මොහොත හරිම සුන්දර අවස්ථාවකි. උන්ගේ නර්තනයක ආස්වාදය ද එහිදී විඳගත හැකිය.

කටුස්සන් සිටින්නේ එළිමහන් පරිශ‍්‍රයේ පමණක් නොවේ.

ඇමේසන් වැසි වනාන්තරයේ පමණක් වෙසෙන දුර්ලභ ගණයේ කටුසු වර්ග ද මෙහිදී දැකගත හැකි වේ. විෂ සහිත වර්ණවත් පෙනුමින් යුතු ගෙම්බන් විශේෂයක ජල තටාකයක් ද වේ. එම මැඩියන් මුදා හරින ‘‘විෂ’’ වේදනා නාශක සඳහා යොදා ගන්නා බව සඳහන්ය. ලස්සන පෙනුම තිබුණද විෂ සහිත බව ඒ මැඩියන් අපට කියාදෙන දෙයකි. මුහුදු මල් සහ ජෙලි ෆිෂ්ලාගේ හැඩද අපූරුවට දැක ගැනීමට අවකාශය සලසා ඇත.

මේ භූගත මින් මැඳුරේ චිත්තාකර්ශනීය දසුනින් ඉවත්ව ඊළඟට හැමෝම යන්නේ සුරතල් ඩොල්ෆින් මත්ස්‍යයින්ගේ හැඩකාර නර්තන නැරඹීමටය. මේ ඩොල්ෆින්ලාගේ නර්තන විශාල තටාකයේ ඉදිරිපෙළ සිට ළමුනට නැරඹිය හැකිය. ඔවුනට වැසිකබා ලබාදීමට එහි සේවක මඩුල්ල උත්සුක වෙති. විශාල ඩොල්ෆින් මත්ස්‍යයින් අහසට පැන කරණම් ගසා, නැවත තටාකයට පතිත වන විට, ජල කඳ පිටතට විසිරී යයි. ළමුන් ඒ ජලයෙන් නැහැවී යයි. රේන්කෝට් ලබාදීම සිදුකරන්නේ එනිසාය. ඩොල්පින් සංදර්ශනය වෙනුවෙන් සහභාගීවන ඩොල්ෆින් සඳහා පුංචි නලාවකින් සංඥා ලබා දෙයි. එසේ කරන්නේ යොවුන් යුවළක විසිනි. මේ යුවළ ඩොල්ෆින්ලාගේ කරපිට නැග පාව යන අයුරු දිස්වන්නේ හරියට මෝටර් බෝට්ටුවක් මත ගමන් ගන්නා ලෙසිනි.

මේ ඩොල්ෆින්ලා පැමිණෙන සංචාරකයින් විටෙක මවිතයට පත් කරවන අතර, ඔවුන්ගේ රැඟුම් හමාරකොට යද්දී නරඹන්නන් වෙත ආචාරකොට යාමට ද අමතක නොකරයි.

ඊළඟට මුහුදු සිංහයාගේ දක්ෂතා නැරඹීම අප තවත් මවිතයට පත්කර වන්නකි.

ඔබ මත්ස්‍යයින්ගේ මේ සෙල්ලම් මීට පෙරද දැක ඇති බව සැබෑව. නමුත් සිනහාවෙන්න යැයි කියු විට සිනහාවෙන මුහුදු සිංහයෙකු මීට පෙර දැක නැතුවා විය හැකිය. මෙම මින් මැඳුරු පරිශ‍්‍රයේ එළිමහන් තැනෙකදී මේ මුහුදු සිංහයා හැඩ පෙන්වන්නේය. එලෙසින් ඒ අපුරු මුහුදු සිංහයා, අවනතව - කීකරුව කටයුතු කරන්නේ එහි සේවය කරන සුන්දර ජපන් තරුණියකගේ අණට සවන් දෙමිනි.

”ඔන්න අපේ හුරතලා දැන් ඔබ අතරට එනවා. හා එහෙනම් බලන්න, ඔයා මේ ඔක්කොටම පේන්න හිනාවෙන්න” යැයි ඒ තරුණිය කී විට මෙයා හිනාවෙන හැටි නම් ඇත්තටම සුන්දරයි. බොරුවට හිනාවෙන සමහර මිනිසුන් සිටින සමාජයක මේ මුහුදු සත්වයා අව්‍යාජ හිනාවක් පාන්නේය. එසේ හිනා පෑ විට මිනිසුන් ඌට ආචාර කරන්නේය. එවිටද පෙරළා මිනිසුන්ට තව වරල් ඔසවා ආචාර කිරීමට මුහුදු සිංහයා මැලි නොවන්නේය. තරුණියගේ අණට කීකරුව, පුටුවක් එසැවීම. ගෙලට වළලූලා ගැනීම, බෝතලයක් මුවින් එසැවීම ආදී බොහෝ දේ මෙයා ඉදිරිපත් කරන්නේය. එයාගෙ දක්ෂතා පෙන්වීමෙන් පසුව, පැමිණ සිටින සංචාරකයින්ට ඕනෑ නම් එයා එක්ක සිටිමින් ඡායාරූප ගත හැකිය. එවිටද එයා හිනාවෙයි. හැබැයි එතකොට නම්, ඒ විදිහට පෙනී සිටීම වෙනුවෙන් ගාණක් ගෙවිය යුතුය.

 

සටහන / ඡායාරූප - සඳුන් ගමගේ

 

 2016-04-23-ent-102
2016-04-23-ent-103
2016-04-23-ent-104
2016-04-23-ent-105
2016-04-23-ent-106
2016-04-23-ent-108
2016-04-23-ent-109
2016-04-23-ent-101
 



අදහස් (0)

ෂිනගාවා මින් මැදුරේ හිනාවෙන මුහුදු සිංහයා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හංවැල්ලේ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයෙක් මරුට
2024 සැප්තැම්බර් මස 30 16 0

හංවැල්ල නිවිපොළ ප්‍රදේශයේ මීට සුළු වේලාවක පෙර සිදු වූ වෙඩි තැබීමකින් ව්‍යාපාරිකයකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


“බස් එකේ යන්න ලැජ්ජා නෑ“
2024 සැප්තැම්බර් මස 30 390 0

රජයෙන් දී ඇති වාහන නැවත ලබාගත හොත් බස් රථයෙන් යෑමට කිසිඳු ලැජ්ජාවක් නොමැති බවත් තමන් වෙනත් කිසිවකුගෙන් යැපෙන කෙනෙක් නොවන බවත් හිටපු ජනාධිපතිනී චන්ද්


නැගෙනහිර අහසේ දුර්ලභ වල්ගාතරුවක්
2024 සැප්තැම්බර් මස 30 226 0

නැගෙනහිර අහසේ මේ දිනවල අලුයම 5න් පසු දුර්ලභ වල්ගාතරුවක් දර්ශනය වන බව ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය පවසයි.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීම විශේෂඥ කමිටුවේ නිර්දේශයක්
2024 සැප්තැම්බර් මස 30 346 0

පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න පිටවීම සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය විශේෂඥ කමිටුවක් පත්කළ බවත් එම කමිටුවේ නිර්දේ


ප්‍රදීප් යසරත්න ලේකම් තනතුරින් කලින් විශ්‍රාම යයි
2024 සැප්තැම්බර් මස 30 1079 0

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, අධිකරණ, පළාත් සභා, පළාත් පාලන සහ කම්කරු අමාත්‍යංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා එම තනතුරින් කල් තියා අද (30) විශ්‍රාම ගියේය.


සෞඛ්‍ය ලේකම් මහීපාලට මුහුණු පොතෙන් මඩ ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 30 2860 0

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතාට එරෙහිව ඖෂධ මාෆියාව මුහුණු පොත ඔස්සේ දැවැන්ත මඩ ව්‍යාපාරයක් රැගෙන යන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ ස


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38274 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25215 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 260 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 853 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 301 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site