"ෆෝබ්ස්" සඟරාව විසින් පසුගිය ජූලි 18 වැනිදා නම් කළ මේ වසරේ මේ වනවිට ඉහළ ආදායමක් උපයාගත් නළු නිළියන් අතර මුල් දසදෙනා අතර, නමය හා දහය ස්ථාන දිනා ගැනීමට බොලිවුඩයේ "කිං ඛාන්" හෙවත් ෂාරුක් ඛාන් හා ආක්ෂේ කුමාර් දෙදෙනා සමත්ව ඇත.
මේ වසරේ මේ ගෙවුණු මාස 7ක කාලය තුළදී පමණක් ෂාරුක් ඛාන් ඇමෙරිකානු ඩොලර් මිලියන 33ක මුදලක් උපයාගෙන තිබේ. ආක්ෂේ කුමාර් උපයාගෙන ඇති මුදල ඇමෙරිකානු ඩොලර් 31.5ක මුදලකි. කෙසේ වෙතත්, මේ වසරේ මේ වනවිට ෂාරුක් ඛාන්ගේ "ෆෑන්" චිත්‍රපටය පමණක් තිරගත වූ අතර, ආක්ෂේගේ "එයාර් ලිෆ්ට්" හා "හවුස්ෆුල්" තුන්වැනි චිත්‍රපටය තිරගත වී ඇත. එමෙන්ම මෙම චිත්‍රපට දෙකම ඉන්දීය රුපියල් කෝටි 100කට වඩා වැඩි ආදායමක් උපයාගෙන තිබේ.
එහෙත් ආක්ෂේට වඩා ෂාරුක් ඛාන්ට ඉන්දීය වෙළෙඳ දැන්වීම් මෙන්ම රූපවාහිනි වැඩසටහන් සඳහා එක්වීමෙන් ඉහළ ආදායමක් හිමිව ඇත. මෙම "ෆෝබ්ස්" සඟරාව විසින් නම් කරනු ලැබූ ලැයිස්තුවේ පළමු ස්ථානය හිමිව ඇත්තේ ජනප්‍රිය පොප් ගායිකා ටේලර් ස්විෆ්ටය. ඇය මේ ගෙවුණු මාස 7ක කාලය තුළදී උපයාගෙන ඇති මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 170ක මුදලකි.
ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකු මිලට ගත් බස් රථයක ලියාපදිංචිය වෙනස් කර පොත ලබාදීම සඳහා රුපියල් දෙලස්ස පනස් දහසක (250000)අල්ලසක් ලබා ගත්තේ යැයි කියන නාරාහේන්පිට ම
රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) නව අධ්‍යක්ෂවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත පත් කර තිබේ.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම
එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම
පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස
විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ෂාරුක්, ආක්ෂේ මුල් දසදෙනා අතරට