සුඛෝපභෝගී සංචාරක නෞකාවක මත්ද්‍රව්‍ය සහිත සාදයක් පැවැත්වීමේ චෝදනා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඉන්දීය සුපිරි නළු ෂාරුක් ඛාන් ගේ වැඩිමහල් පුත් ආර්යන් ඛාන් ට අද (28) මුම්බායි මහාධිකරණයෙන් ඇප මත මුදා හැරියේය.
මුම්බායි මහේස්ත්‍රතාත් අධිකරණයෙන් ආර්යන් ඛාන්ට ඇප මත මුදා හැරීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහුගේ නීතීඥ සනිෂ් මනේෂින්දේ මුම්බායි මහාධිකරණය වෙත් ගොනු කළ ඇප අයදුම්පත ඉකුත් 26 වැනිදා විභාගයට ගත් අතර තෙදිනක් පුරා දීර්ඝ කැරණු දැක්වීඹකින් පසු ආර්යන් ඛාන් ඇප මත මුදා හරින බවට මුම්බායි මහාධිකරණය විසින් අද එහි තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුණි.
ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර තිබෙන්නේ ආර්යන් ඛාන් ට හෙට හෝ අනිද්දා බන්ධනාගාරයෙන් පිටවයෑමට හැකිවනු ඇති බවය. 23 හැවිරිදි ආර්යන් ඛාන් සමග ඔහුගේ යහළුවන් දෙදෙනෙකුද ඉන්දීය මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ අත්අඩංගුවට පත් වූයේ මේ මස මුලදීය.
සිය පුතු මාසයකට ආසන්න කාලයක් රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී අදාළ නීති කටයුතු මෙහෙයවූ මුම්බායි හී ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු වූ සනීජ් මනේෂින්දේ ඇතුළු ඔහුගේ නීතීඥ ඛණ්ඩායම වෙනම හමුවී ස්තූතිය පළ කිරීමට සුපිරි නළු ෂාරුක් ඛාන් අමතක නොකළේය.
ආර්යන් ඛාන් ඇප මත මුදා හරින ලෙස ඉල්ලමින් සෝනු සූද්, රිතික් රෝෂන්, ස්වාරා බාස්කර් වැනි බොලිවුඩ් තරු රැසක් සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරණ ව්‍යාපාරයක්ද පසුගිය සති තුන පුරා දියත් කළේය.
(තිළිණි ද සිල්වා)
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ෂාරුක් පුතුට ඇප
Bamunuarachchi Tuesday, 02 November 2021 05:24 PM
මේකප් හෙදුනාම හැටි නේද?