IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


සංචාරක යටිතල පහසුකම් ගැන හොඳට හිතන්න

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාව ආකර්ෂණීය සංචාරක ගමනාන්තයක් ලෙස ජාත්‍යන්තරයේ ඉහළ පිළිගැනීමකට ලක්ව ඇති බැවින් මෙරටට පැමිණෙන සංචාරකයන් සඳහා ගුණාත්මක යටිතල පහසුකම් සහ සේවාවන් සැපයීම අත්‍යවශ්‍ය බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.

ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කරමින් කටයුතු කරන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම උපදෙස් ලබා දුන්නේ, සංචාරක අමාත්‍යාංයේ නිලධාරීන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේ අද (17) පැවැති සාකච්ඡාවේදීය. 

මෙවර අයවැයෙන් සංචාරක අමාත්‍යාංශය වෙනුවෙන් වෙන් කරන ලද ප්‍රතිපාදන සහ ඒ යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ මෙහිදී නිලධාරීහු ජනාධිපතිවරයාගේ අවධානය යොමු කළහ.

සංචාරක ක්ෂේත්‍රයේ නව පියවරක් තබමින් සංචාරකයින් මිලියන 03ක් මෙම වසරේදී මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කෙරෙන අතර ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනයට මෙම ප්‍රතිපාදන යොදා ගැනීම පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි. 

විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සංචාරක නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය රුවන් රණසිංහ, ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා යන මහත්ම මහත්මීහු සහ සංචාරක අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. 



අදහස් (1)

සංචාරක යටිතල පහසුකම් ගැන හොඳට හිතන්න

sarath Monday, 17 March 2025 05:33 PM

රුවන් රණසිංහ ඇමතිතුමනි, ඔබගේ ගෙදර සිට කිලෝමීටර් 4 දුරින් තිබෙන, රැකව ගම්මානයේ වැල්ලඔඩය මාර්ගයේ සංචාරක හෝටල් 15ක් පමණ තිබෙනවා. රෙස්ටුරන්ට් 5ක් පමණ තිබෙනවා. තව සංචාරක හෝටල් 7-8 හැදෙමින් පවතිනවා. කුඩා මාදැල් වරායවල් 2 තිබෙනවා තවම පාරට තාර ටිකක් දමලා නැහැ. වැසි කාලයට විශාල වලවල්, සංචාරක වාහන යන්න බැහැ... සංචාරකයෝ ප්‍රවාහනය සිදු කරන්නේ ත්‍රිරෝද රථ වලින්, මාරකොල්ලියේ ලැගුන් පරදිස්, mangrow Beach shalley හෝටල් ඇතුළු හෝටල් 20 කට පමණ යන්න තිබෙන පාරවල් වල සංචාරකයෝ තබා සාමාන්‍ය මනුස්සයෙකුටවත් යන්න බැහැ... ඔබගේ ප්‍රදේශයේ තිබෙන සංචාරක හෝටල් වලින් 40%ක් තිබෙන්නේ ඉතා අසීරු ප්‍රවේශ මාර්ග, කරුණාකර මේවා සොයාබලා සංගණනයක් කර ලබන ටුවරිස්ට් සීසන් එකට හෝ මේවා හදලා දෙන්න.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

එසැණ පුවත්

අධිකරණයෙන් පොලිසියට දොස්
2025 මාර්තු මස 17 481 0

අධිකරණය නියෝග අනුව වරෙන්තුකරුවන් අල්ලා අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය කටයුතු නොකරන්නේ නම් තවදුරටත් වරෙන්තු නියෝග නිකුත් කිරීමෙන් පලක් නොමැති බව


ග්‍රෑන්ඩ්පාස්හි වෙඩි තැබීමකින් දෙකකට තුවාල
2025 මාර්තු මස 17 188 0

කොළඹ ග්‍රෑන්ඩ්පාස්, නාගලගම් වීදිය ප්‍රදේශයේදී අද (17) රාත්‍රී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයින් දෙදෙනෙක් තුවාල ලැබූ බව පොලීසිය පැවසීය.


චීනයෙන් ශ්‍රී ලංකාවට ආදර්ශ රැසක් ගතහැකියි
2025 මාර්තු මස 17 322 0

චීනයේ ජාතික සැසිවාර දෙක පිළිබඳව කොතරම් විවේචන තිබුණත් එම සැසිවාර චීනයට පමණක් නොව සමස්ත ලෝකටම වැඳගත් බවත් රටක දියුණුව සහ සංවර්ධනය වෙනුවෙන් දිගු කාලීන


විමල් පුංචි ඡන්දෙට එන හැටි කියයි
2025 මාර්තු මස 17 656 0

ජාතික නිදහස් පෙරමුණ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තම පක්ෂයේ ලකුණ වන පංචායුදයෙන් තරඟ කරන බව ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පැවසීය.


දුම්වැටි සමාගමක අධ්‍යක්ෂකවරු 03ක් සිපිරිගෙට
2025 මාර්තු මස 17 959 0

මීගමුව කදාන ප්‍රදේශයේ දුම්වැටි අලෙවි කිරීමේ හා බෙදා හැරීමේ පුද්ගලික සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් මිලියන 233ක (233203117.03) වැට් බදු මුදලක් නොගෙවා පැහැර හැ


ආශා බස්නායකට වරෙන්තු
2025 මාර්තු මස 17 1355 0

ශ්‍රී ලංකා විවාහක රූ රැජින තේරීමේ තරගාවලියේදී ජයග්‍රහිකා පුෂ්පිකා ද සිල්වා ට පැලැන්දූ කිරුළ ගලවා දැමීම සම්බන්ධයෙන් සිදු කරන නඩු විභාගය සඳහා සාක්ෂි ල


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 360 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 838 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 310 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site