IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


සීඅයිඩිය ඩයනා පස්සේ

හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහිව එල්ල වී ඇති අපරාධමය කරුණු සම්බන්ධයෙන් විමර්ශනය කරන ලෙසත් ඇයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ ක්‍රියාමාර්ග ගන්නා ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.

බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටියදී මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයක් දැරීම සම්බන්ධව විභාග වූ නඩුකරවල දී සහ විමර්ශනවල දී අනාවරණය වූ අපරාධමය කරුණු සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ආකාරය පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා සිටියේය.

ඩයනා ගමගේ මහත්මිය සම්බන්ධයෙන් අපරාධමය කරුණු කීපයක් අනාවරණයවී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා නීතිපතිවරයා දන්වා තිබිණි.

ව්‍යාජ ලේඛන ඉදිරිපත් කිරීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම, මැතිවරණ නීති උල්ලංඝනය කරමින් කටයුතු කිරීම, ව්‍යාජ ලේඛන මුල් ලේඛන ලෙස ඉදිරිපත් කිරීම ඒ අතර විය.

ගමගේ මහත්මියට එරෙහිව විමර්ශනයක් සිදුකරන ලෙසත් ලැබෙන සාක්ෂි මත අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ චෝදනා ගොනු කරමින් ඇය අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට උපදෙස් ලබාදී ඇත.

 



අදහස් (10)

සීඅයිඩිය ඩයනා පස්සේ

ජයනාත් Monday, 20 May 2024 05:45 AM

ඔය කියන වැරදි කරල තියෙන්නේ පාර්ලිමේන්තුවේ ඩයනා විතරයි ද...

:       1       18

Lankabarana Monday, 20 May 2024 05:57 AM

එතකොට ඇමරිකානුවා ලංකාවට ඇවිල්ලා පාර්ලිමේන්තුව විසුරුවා මහමැතිවරණය පවත්වන ලෙසට බලපෑම් කිරීම හා උදයංගලා හා මහින්ද ඇතුළු පිරිස් බැසිල්ගේ අදහස ක්‍රියාත්මක කිරීමට ගන්නා උත්සාහයන් ගැන මොකවත්ම කරන්නෙ නැතෙයි

:       2       24

පුරවැසියා Monday, 20 May 2024 07:59 AM

කැලෑ නීතිය සීඅයිඩි එක පස්සේ

:       0       13

sachith Monday, 20 May 2024 08:19 AM

පාර්ලිමේන්තුවෙන් දොට්ට දානකල් ඉන්න ඕනිද පරීක්ෂණ කරන්න?

:       0       25

රනේ Monday, 20 May 2024 08:31 AM

කරන කලට පව් මීරිය මී සේ..

:       0       20

වසන්න Monday, 20 May 2024 08:43 AM

පස්සෙන් ගියාට නම් කමන් නැ අත්අඩංගුවට ගන්නනම් එපා

:       0       19

Bunny PreenaMonday, 20 May 2024 12:07 PM

සීඅයිඩිය ඩයනා පස්සෙන් යන්නේ එයා සුරුබුහුටි හින්දා කවුරු හරි කරදර කරයි කියලද .මතක තියාගන්න එයා කරාටේ බ්ලැක් කෙනෙක්

:       0       3

සෙනෙවිරත්න Monday, 20 May 2024 10:23 AM

හොරා, පොලිස් සෙල්ලම් නම් කරන්න එපා... මොකද සියලුම දෙනා ඔය ගැන අවදියෙන් ඉන්නේ.

:       0       1

සෙනෙවිරත්න Monday, 20 May 2024 10:24 AM

නීතිපතිවරයා නින්දෙන් ඇහැරිලා, රනිල් අංකල් කිව්වට ආයෙම දොයියන්න හදන්න එපා බබා.

:       0       2

de silva Monday, 20 May 2024 11:56 AM

පස්සේ යන්නේ මොන මගුලකටද ? සැක කටයුතු දෙයක් කරලා තිබෙනවා නම් අත්අඩංගුවට අරන් රඳවීමේ නියෝගයක් ලබාගෙන අර හරක් කටට , මදුෂ්ට කරනවා වගේ මාසයක් දෙකක , ප්‍රශ්න කරලා නඩු පවරන්න කටයුතු නොකරන්නේ මොකද ? CID මහත්වරු ප්‍රවේශම් වන්න , තව මාස කිහිපයකදී ආණ්ඩු පෙරලියක් එනවා එහෙම වුනොත් මේ ප්‍රශ්නේ අනිවාර්යයෙන්ම ඇදිල එනවා , එහෙම වුණොත් නිතිය නිසිලෙස ක්‍රියාත්මක නොකිරීමට නඩු වැටෙන්නේ ඔබලාට වෙන්න පුළුවන් , ඇතුලට යන්නේ ඔබල වෙන්න පුළුවන්

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

සෙව්වන්දි - ප්‍රසන්න රට පැන්නාද?
2025 අප්‍රේල් මස 21 159 0

පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල


පාස්කු සටන් විරාමයේ රුසියාව මිසයිල ගහලා
2025 අප්‍රේල් මස 21 262 0

පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා


තැපැල් ඡන්දයේදී අනන්‍යතාව තහවුරු කරන්න ලියවිලි 5ක්
2025 අප්‍රේල් මස 21 96 0

පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.


අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 281 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 524 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 232 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 499 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 442 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site