යොහාන් භාසුර
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එළඹෙන එංගලන්ත සංචාරයේ රූපවාහිනී අයිතිය වෙනුවෙන් විදේශ රූපවාහිනී ආයතනයකින් ලැබීමට නියමිතව තිබූ ඩොලර් මිලියන 5.5 ක් හෙවත් රුපියල් කෝටි 90 කට අධික මුදලක් වෙනත් ගිණුමකට බැර කිරීමට සූදානම් වූයේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා ඇතුළු නිලධාරීන්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පැය නවයක පමණ කාලයක් ප්‍රකාශ සටහන් කරගත්තේය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියා මේ වන විට අනිවාර්ය නිවාඩු යවා තිබේ.
ඈෂ්ලි ද සිල්වා මහතා ප්‍රකාශය ලබාදීමෙන් පසුව ‘ලංකාදීප’යට පැවසුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අදාල සිද්ධිය පිළිබඳව සවිස්තරාත්මක ප්‍රකාශයක් ලබාදුන් බවයි.
‘‘සිද්ධිය පිළිබඳව අපි දන්න සියලූ තොරතුරු ලබා දුන්නා. අපිට සඟවන්න දෙයක් නෑ. වැඩි කාලයක් ගත වුණේ සවිස්තරාත්මකව ප්‍රකාශයක් දුන් නිසයි. විමර්ශනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව පොලිස් නිලධාරීන් පැවසුවා’’
‘‘මෙම සිද්ධියට තාක්ෂණයත් සම්බන්ධව තිබුණ නිසා අපේ තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානී නදීෂාන්ගෙන්ද ප්‍රකශයක් ලබාගත්තා. ඒ වගේම මෙම සිද්ධියට සම්බන්ධ නිලධාරියාගේ දුරකථන මානව සම්පත් කළමණාකාරවරයා බාරයේ තිබුණේ. ඔහු පැමිණ එම දුරකථන දෙක පොලිස් නිලධාරීන්ට බාර දුන්නා’’
‘‘චෝදනාව එල්ල වී ඇති නිලධාරියා පාවිච්චි කළ ලැප්ටොප් පරිගණයක මම රැගෙන ගියා. එයත් බාර දුන්නා’’ යැයි ඈෂ්ලි ද සිල්වා මහතා වැඩි දුරටත් පැවසීය.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරී ඇෂ්ලි ද සිල්වා, මානව සම්පත් කළමනාකරු ධනංජය විජේසිංහ, දූෂණ මර්දන අංශ ප්‍රධානී අයේෂ් වීරක්කොඩි සහ තොරතුරු තාක්ෂණ අංශ ප්‍රධානී නදීෂාන් සූරිආරච්චිගේ යන මහත්වරු අද (04) පෙරවරු 9.00 ට පරණ කොළඹ පිහිටි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියහ.
එම නිලධාරීහූ තිදෙනා අද පස්වරු 5.00 ට පමණ ප්‍රකාශය දීමෙන් පසුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පිටව ගියහ.
මෙහිදී අයේෂ් වීරක්කොඩි මහතාගෙන් ප්‍රකාශයක් ලබානොගත් අතර සෙසු තිදෙනාගෙන් ප්‍රකාශ ලබාගෙන තිබේ. ප්‍රධාන විධායක නිලධාරී ඈෂ්ලි ද සිල්වා මහතා මෙම සිද්ධියේ පැමිණිලිකරු වන අතර සෙසු නිලධාරීහු ඔහුට සහයෝගය දැක්වීමට මෙම අවස්ථාවට සහභාගි වූහ.
ඡායාරූප - ළහිරු හර්ෂණ
ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්) ඉතිහාසයේ කණ්ඩායමක් සමග ගිවිසුමක් අත්සන් කළ ළාබාලතම ක්‍රීඩකයා වීමට බිහාර් ප්‍රාන්තයේ 13 හැවිරිදි වෛභව් සූර්යවංශි සම
මහ ඉලුප්පල්ලම නගරය හා ඒ අවට ප්‍රෙද්ශයට කාලාන්තරයක් තිස්සේ එල්ලව ඇති වන අලි තර්ජනය වඩාත් තීව්ර කරමින් මහඉලුප්පල්ලම නගරයට අද (25) රාත්‍රී 7.00ට පමණ කඩා වැදු
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ මධ්‍ය ප්‍රදේශ් හි ඉන්දෝර් (Indore) හි ශ්‍රී සත්‍යා ශ්‍රී විද්‍යා විහාර් උසස් අධ්‍යාපන ආයතනයේ විශේෂිත දෙස
කුවේට් රාජ්‍යය සහ ශ්‍රී ලංකාව අතර 2007 වසරේ අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම යටතේ , එරට මධ්‍යම බන්ධනාගාරයේ (Central Jail of Kuwait) මත්ද්‍රව්‍ය චෝදනාවලට
චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ (IDCPC) උප ඇමති සුන් හයියැන් (Sun Haiyan) මහත්මිය ප්රමුඛ චින දූත පිරිස අද (25) ජනාධිපති කාර්ය
බදු ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් මාස හයක සිර දඬුවම් විඳින මෙන්ඩිස් සමාගමේ අධ්යක්ෂ අර්ජුන ඇලෝසියස් සැකකරු ප්රවෘත්ති පත්‍රයක් මුද්‍රණය කිරීම සඳහා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සීඅයිඩිය පැය 9 ක් ක්‍රිකට් ලොක්කාගෙන් ප්‍රශ්න කරයි
Dileepa Friday, 05 October 2018 12:33 AM
අලි බබා, හොරු 40 සහ ක්‍රිකට් තිත්ත බබාලා..
Fernando Friday, 05 October 2018 01:07 AM
දූෂණය, වංචාව, හොරකම සහ නාස්තියට වර්ල්ඩ් කප් එක ශ්‍රී ලංකාවට ලැබෙනවා. ජය සිකුරුයි. කවුරුවත් උදැල්ල දාන්න එපා. ජය වේවා...
sarath Friday, 05 October 2018 01:32 AM
එකදෙයක් තියෙනවා. යහපාලන ආණ්ඩුවෙන් මේවගේ දේවල්වලට පරීක්ෂණ කරන්න ඉඩහසර ලබාදීලා තියෙනවා. අනුන්ගේ වත්කමක් තමන්ගේ කරගන්න තියෙන හොර හිත නියපොත්තේ හිටන් හිසකෙස් වලටම ඔඩු දුවලා තියෙන ලංකාව වගේ රටකට ඉස්සරහට එන්න නම් හැමෝම හොර හිත නැති කල යුතුයි.
yaha Friday, 05 October 2018 02:45 AM
ටී දාගත්තු හොරු...මේ අයට ලැජ්ජා නැහැ.
rohana Friday, 05 October 2018 04:02 AM
ලන්කවාට මොකද වෙලාතියෙන්නේ හැම එකාම හොරකම් කරලා උසාවියෙන් පිට වෙන්නේ හරියට අපි හොරකම් කරලා වගේ. ඒ මදිවට මාද්යට කියන්නේ අසාදාරන විදියට දේශපාලන පලිගැනීම් කියල .
Fernando Friday, 05 October 2018 09:23 AM
හොරකම, දූෂණය, නාස්තිය සහ වංචාවට ශ්‍රී ලංකාවට වර්ල්ඩ් කප් එක ලැබෙනවා. ජය නියතයි.