IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


සීඅයිඩිය ලංකාදීපයට පැමිණීමේ සිද්ධිය මැති සබයට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

සතොස සුදුලූනු වංචාව සම්බන්ධයෙන් හෙළිදරව් කෙරුණු තොරතුරු සම්බන්ධයෙන් මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ පරික්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් ලංකාදීප ප්‍රධාන කාර්යාලයට පැමිණීම සහ මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීන් එම දෙපාර්තමේන්තුවට කැඳවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට බලාපොරොත්තුවන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ලංකාදීපයට පැවැසීය.

ඒ සම්බන්ධයෙන් තමා තොරතුරු රැස් කරගෙන යන බවද හෙතෙම සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රටේ පාලකයන් දෙන ලද නියෝග පවා නොතකමින්  මේ ආකාරයට හිතුමතේ කටයුතු කිරීම ඉතාම වැරදි  බව පැවසූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා එය මාධ්‍ය නිදහසට එල්ල කළ බරපතළ තර්ජනයක් බවද  පැවසුවේය.

මේ සිද්ධිය ගැන  පාර්ලිමේන්තුවේදී  ලබන 4 වැනිදා  ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් කීවේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්  ලංකාදීප ඇතුළු ප්‍රධාන මාධ්‍ය ආයතන කිහිපයක මාධ්‍යවේදීන් එම දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණේ සුදුළුනු වංචාව ඇතුළු  සතොස  ආයතනයේ දූෂණ අක්‍රමිකතා සම්බන්ධයෙන්  පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ තුෂාන් ගුණවර්ධන මහතා  කළ ප්‍රකාශ  සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහාය.

ගුණවර්ධන මහතා කළ එම  ප්‍රකාශ ලංකාදීප ඇතුළු මාධ්‍ය ආයතන කිහිපයක පසුගියදා පළවිය. 



අදහස් (1)

සීඅයිඩිය ලංකාදීපයට පැමිණීමේ සිද්ධිය මැති සබයට

Ra Thursday, 30 September 2021 02:42 PM

ඕනෑ ගොනෙකුට ඕනෑ දෙයක් කියන්න පුළුවන්...

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1637 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 323 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 655 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 4205 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 568 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 3155 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 293 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 594 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1720 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site