IMG-LOGO

2024 සැප්තැම්බර් මස 30 වන සඳුදා


සීඅයිඩීය වැඩ හරි නෑ : ඇඹිලිපිටි නිතිඥයෝ කියති

ඇඹිලිපිටිය නව නගරය පාරේ නිවසක සාදයකදී පොලිසිය හා ඇතිවු ගැටුමකින් පසු මියගිය තරුණයාගේ මරණය සම්බන්ධයෙන් පවත්වන රහස් පොලිස් විමර්ශන මන්දගාමීව සාක්කිකරුවනට සහ අගතියටපත් පාර්ශවයටද අසාධාරණයක් වන බව දෙපාර්ශවයේ නීතීඥවරු ඇඹිලිපිටිය අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න ප‍්‍රනාන්දු  මහතාට අද (20) දැනුම් දුන්හ.

සුමිත් ප‍්‍රසන්න ජයවර්ධන (29) එක්දරු පියා ජනවාරි 04 වැනි දා ඇතිවූ එම ගැටුමින් දින තුනකට පසු රත්නපුර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේදී ප‍්‍රතිකාර ලබමින් සිටියදි මිය ගියේය.

එම මරණය සිදුවුයේ පොලිසිය හා ඇතිවූ ගැටුමින් පසු නිවසේ ඉහළ මහලකින් පහළට තල්ලූ කිරීමෙන් බව මරුණකරුගේ බිරිඳ ශසිකා නිශාමනී මුණසිංහ මහත්මිය අධිකරණය හමුවේ පවසා සිටිම නිසා ඇඹිලිපිටිය හිටපු සහකාර පොලිස් අධිකාරී චමින්ද ධර්මරත්න සිටියි.

රිමාන්ඩ් කරනු ලැබ සිටින සැකකරු බන්ධනාගාරයෙන් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

රහස් පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරික්ෂක ඉන්දුක ද සිල්වා මහතා වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් විමර්ශන වලින් අනාවරණය වන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගේ අවසරය ඉල්ලා ඇතිබව දැනුම් දුන්නේ ය.

අගතියටපත් මරණකරුගේ ඥාතීන් වෙනුවෙන් පෙනිසිටි නීතීඥ විජිත ජී පුංචිහේවා මහතා පැවසුවේ රහස් පොලීසීය පවත්වන විමර්ශනයන් අනුව අත්‍යවශ්‍ය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස මීට පෙර නියෝග කර ඇති බවයි. මේවන විටත් විමර්ශන අවසන් කරන්නට රහස් පොලිසියට නොහැකිවීම නිසා රහස් පොලිසියේ ක‍්‍රියාදාමයෙන් අගතියටපත් පාර්ශවයට මෙන්ම සැකකරුට ද අසාධාරණයක් සිදුව ඇති බවයි. මේ ආකාරයට විමර්ශන පමාකිරිම, සෙසු සැකකරුවන් ඇතිනම් ඔවුන් අත්අඩංගුවට නොගැනිම නිසා රහස් පොලිසිය කෙරෙහි මෙතක් තිබු මහජන විශ්වාසය පළුදු වී හෑල්ලූවට ලක්ව බෙලහීන වී බවත් ඔහු කීවේය.

‘එසේම ගොළු පුද්ගලයෙකු සම්බන්ධයෙන් අධිකරණය රහස් පොලිසියට නියෝග කළේ රත්මලාන අඳගොලූ බිහිරි පාසලේ භාෂා පරිවර්තකයෙක් හරහා ඔහුගෙන් ප‍්‍රකාශයක් ලබා ගන්නා ලෙස බවයි. නමුත් රහස් පොලිසිය එම තැනැත්තාගෙන් ප‍්‍රකාශය ලබාගෙන ඇත්තේ සමාජ සේවා දෙපාර්තමේන්තුවේ සංඥා භාෂා උපදේශකවරයකු මගිනි. පසුගිය නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කළ එම ගොළු පුදුගලයාගේ ප‍්‍රකාශයේ පිටපත් ලබාදෙන ලෙස ද නීතීඥවරයා ඉල්ලා සිටියේය. එසේම දෙවැනි පශ්චාත් මරණ පරික්ෂණයේ වාර්තාව ලැබී තිබේදැයි අධිකරණයෙන් විමසා සිටියේ ය.

අතිරේක මහෙස්ත‍්‍රාත් පැවසුවේ එම ප‍්‍රකාශයේ පිටපත් අධිකරණයට ලැබි නැති බවයි. රහස් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ පිටපතක් ලබාදිය හැකි බව ද පැවසුවේ ය. දෙවැනි පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තාව මෙතෙක් ලැබි නැති බවද අතිරේක මහේස්ත‍්‍රාත් දැනුම් දුන්නේ ය.

අගතියටපත් පාර්ශවය වෙනුවෙන් කරුණු දැක්වු නීතීඥ මාලනී හේවාගම මහත්මිය පැවසුවේ රහස් පොලිසිය මෙම සිද්ධියේ විමර්ශන පමා කිරීමෙන් බන්ධනාගාර ගතව සිටින සැකකරුට ඇප ලබා ගැනිම ගැටලූවක්වී ඇති බවයි. ඒ නිසා මෙම විමර්ශනයන් මන්දගාමීව සිදුවීමෙන් සැකකරුට ලොකු අගතියක් වන බව ඇය කීවාය.

සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥ කල්ප පෙරේරා මහතා පැවසුවේ පසුගිය නඩු දිනයේ නියෝග අනුව සැකකරුගේ කොන්දේ අමාරුව සම්බන්ධයෙන් බන්ධනාගාර වෛද්‍ය නිලධාරීවරයා රත්නපුර මහ රෝහලේ භෞතිත චිකිත්සක වෛද්‍යවරයකුගේ ප‍්‍රතිකාර ලබාදීමට පියවර ගෙන ඇති බවයි.

එහෙත් සැකකරු කිලෝමීටර් අනුවක් වැනි දුරක් සාමාන්‍ය බස් රථයකින් ඇඹිලිපිටිය බන්ධනාගාරය වෙත ගෙන එද්දි සහ ආපසු ගෙන යද්දී ඔහුගේ කොන්දේ අමාරුව නැවත උත්සන්න වන බව සැකකරු පවසන බව කීවේය. 

ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් අතිරේක මහේස්ත‍්‍රාත්වරයා ගොළු තරුණයාගේ ප‍්‍රකාශය සම්බන්ධයෙන් රහස් පොලීසිය අධිකරණයට දුන් වැඩිදුර වාර්තාවේ පිටපත් අගතියටපත් පාර්ශයට ලබාදෙන මෙන් නියම කළේය. එසේම සැකකරු අධිකරණයට ගෙන ඒම සම්බන්ධයෙන් සුදුස්සක් කිරිමට ද දැනුම් දුන්නේය. එසේම සැකකරු මැයි 4 වැනි දා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියම කළේය.

අගතියටපත් පාර්ශවය වෙනුවෙන් නීතීඥ විජිත ජි. පුංචිහේවා මහතා සමඟ නීතීඥ ලක්‍ෂමන් රම්‍යසිරි මහතා පෙනී සිටියේය. සැකකරු වෙනුවෙන් නීතීඥ කල්ප පෙරේරා මහතා සහ නීතීඥ මාලනී හේවාගම මහත්මිය පෙනී සිටියාය. රහස් පොලිසියේ ප‍්‍රධාන පොලිස් පරික්ෂක ඉන්දුක ද සිල්වා මහතා පැමිණිල්ල මෙහෙයවිය.



අදහස් (0)

සීඅයිඩීය වැඩ හරි නෑ : ඇඹිලිපිටි නිතිඥයෝ කියති

සුමිත්‍රා බස්නායක Wednesday, 20 April 2016 09:51 AM

පහුගිය කාලේ උසස් පොලිස් නිලධාරියෙක් සම්බන්ධව ප්‍රශ්නයකදී මේ වගේ ඇල්මැරුණ ස්වභාවයක් නම් දක්නට ලැබුණේ නැහැ (ම)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

පොත් මංගල්‍ය ළමා දිනය සමරන්න සූදානමින්
2024 සැප්තැම්බර් මස 30 76 0

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන


ඉන්ධන මිල දැනෙන්න අද අඩුවෙයි ?
2024 සැප්තැම්බර් මස 30 2024 0

ඉන්ධන මිල අද (30) මාධ්‍යම රාත්‍රීයේ සැළකිය යුතු ලෙස පහළ දැමීමට නියමිත බව බලශක්ති අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් පැවසීය.


පස් හැවිරිදි දැරිය පිළිස්සූ මව රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 30 302 0

හැන්දක් රත්කර සිය පස් හැවිරිදි දියණිය පිළිස්සු බවට සැකපිට අත්අඩංගුවට ගත් මව ඔක්තෝබර් මස 04 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහනුවර අතිරේක මහේ


නිලාවේලී මුහුදේ දියවැලකට හසු වූ දෙන්නෙක් බේරති
2024 සැප්තැම්බර් මස 30 379 0

ත්‍රිකුණාමලය නිලාවේලි මුහුදු තීරයට අයත් ඇලස්වත්ත කොටසේ දිය නාමින් සිටි තරුණයන් දෙදෙනෙකු අද (30) දහවල් දියවැලකට හසුව ගසාගෙන යද්දී වෙරළේ රාජකාරී නියුතු


නව ජනපතිගේ පළමු කැබිනට් මණ්ඩලය අද රැස් වෙයි
2024 සැප්තැම්බර් මස 30 1580 2

ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නව කැබිනට් මණ්ඩලය පළමු වරට අද (30) පස්වරුවේ ජනාධිපති අනුර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට න


ජනපති කාර්යාල වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවාවලට
2024 සැප්තැම්බර් මස 30 1557 0

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල් කර තිබෙන රථ වාහන කඩිනමින් අත්‍යවශ්‍ය සේවා සඳහා ලබා දීමට මේ වන විටත් කටයුතු සකස් කරමින් තිබෙන බවද ජනාධිපති ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38243 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25185 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 257 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 847 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 298 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site