IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


සැකකරුවන්ගේ හැඩරුව චිත‍්‍රයට නඟයි

අධිකරණ සේවා කොමිසමේ ලේකම් මංජුල තිලකරත්න මහතාට පහරදුන් පුද්ගලයන්ගේ හැඩරුව ඇතුළු විස්තර අනුව සැකසුණු චිත‍්‍ර මාධ්‍ය මගින් ප‍්‍රකාශයට පත් කිරීමට පොලිසිය ක‍්‍රියා කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය ගල්කිස්ස ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් නිරෝෂා ප‍්‍රනාන්දු මෙනවියට අද දැනුම් දුන්නේය. මීට අමතරව නීතිපතිගෙන් උපදෙස් ගැනීමට පොලිස්පති ක‍්‍රියාකරනු ඇතැයිද තිලකරත්න මහතාගේ කාරයේ තිබූ ඇඟිලි සලකුණු ඔස්සේද ඔහුගේ දුරකතනයේ තොරතුරු ඔස්සේද පරීක්ෂණ පවත්වන බව පොලිසිය අධිකරණයට දැන්වීය. ප‍්‍රහාරය සිදුවන්නට මොහොතකට පෙර තිලකරත්න මහතාට දුරකථන ඇමතුමක් දුන් මහේස්ත‍්‍රාත්ගෙන්ද ඔහු සමග ගමන් කළ ඔහුගේ බිරියගෙන්ද කටඋත්තර ගත් බව පොලිසිය උසාවියට කියා සිටියේය. ගල්කිස්ස උසාවියේ සියලූම නීතිඥවරු ඔහු වෙනුවෙන් පෙනී සිටියහ. මීට කලින් ඔහුට එල්ලවූ තර්ජන ගැන පොලිසිය සොයා බැලූවේද යන්න ගැන සහ ඒ ඔස්සේ පරීක්ෂණ පවත්වන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ. ලබන 12 වැනිදාට නිසි ප‍්‍රගති වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මහේස්ත‍්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය.



අදහස් (0)

සැකකරුවන්ගේ හැඩරුව චිත‍්‍රයට නඟයි

ප්‍රීති Thursday, 11 October 2012 03:42 PM

හොරාගේ අම්මගෙන් පේන අහනවා ව‍ගේ (ස)

:       0       0

සරත් Wednesday, 10 October 2012 12:09 PM

ඇත්තටම හොඳයි . ඒත් කටුගේ කැඩුව කෙනා කියලා ඇදපු චිත්‍ර හිටියෙනම් අල්ලපු කෙනා නෙමෙයි (ස)

:       0       0

senarath Wednesday, 10 October 2012 06:05 PM

ශා චිත්‍ර අදින්නත් පුරුදු වෙනවා .නියමයි‍ නේ (ස)

:       0       0

දිනේෂ් පෙරේරා Wednesday, 10 October 2012 12:20 PM

කලින් වතාවේ කටුගෙයි හොරාගේ චිත්‍රය වගේද දන්නේ නෑ . ඇන්දේ එක චිත්‍රයක් ඒත් ඇල්ලුවේ වෙනස්ම කිහිපදෙනෙක් (ස)

:       0       0

මාලන් Wednesday, 10 October 2012 12:31 PM

අර කටුගෙයි හොරාගේ චිත්‍රය වගේ එකක්ද අදින්න යන්නේ? (ස)

:       0       0

වරුණ Wednesday, 10 October 2012 12:32 PM

ඒ උපදෙස් එනකොට අවුරුද්දක් විතර යයි ..(ස)

:       0       0

ලුම්බිණි Wednesday, 10 October 2012 12:39 PM

".....ප‍්‍රහාරය සිදුවන්නට මොහොතකට පෙර තිලකරත්න මහතාට දුරකථන ඇමතුමක් දුන් මහේස්ත‍්‍රාත්ගෙන්ද ඔහු සමග ගමන් කළ ඔහුගේ බිරියගෙන්ද කටඋත්තර ගත් බව පොලිසිය උසාවියට කියා සිටියේය......" මේ වැඩේට ඕඩර් දීපු අය පැත්තක ඉඳිද්දී මෙතුමා පත්තර ගත්ත කඩේ අයගෙන්, කාර් එකට පැට්‍රොල් ගහපු අයගෙන්, ගෙදරට බඩු ගන්න කඩේ අයගෙන් කට උත්තර ගත්තේ නැත්තේ ඇයි? මෙහෙමත් විහිලු.(ස)

:       0       0

මේනක Wednesday, 10 October 2012 06:16 PM

මෙවන් අපරාධ නැවත නොවේවා (දී)

:       0       0

ප්‍රසන්න Wednesday, 10 October 2012 12:42 PM

මෙගා ටෙලිනාට්‍යයක් පටන් ගන්න වගේ යන්නේ (ස)

:       0       0

හසිත් Wednesday, 10 October 2012 01:06 PM

පහරදීමට සම්බන්ධ අය හැමදාම වගේ මාධ්‍යවල පලවෙනවා (ස)

:       0       0

නිමල් Wednesday, 10 October 2012 06:36 PM

පරිගනකයෙන්ද අදින්නේ

:       0       0

ශ්‍රීරාස් Wednesday, 10 October 2012 01:31 PM

ඔය අදින්නේ චිත්‍ර. (ස)

:       0       0

දිසා Wednesday, 10 October 2012 01:40 PM

මෙන්න තවත් වැඩක ආරම්භයක්. (නි)

:       0       0

සමන්ත Wednesday, 10 October 2012 01:52 PM

මේවත් මවාපාන චිත්‍රද දන්නේ නෑ (ස)

:       0       0

කපිල Thursday, 11 October 2012 05:56 PM

ගාමිණී කුවේට් හරි. දැන් පොලිසියට බැනලා අල්ලපු දාට යයි කිරිබත් උස්සන්. හැබැයි ඉතින් අල්ලන්න ඉඩ දෙයිද කියන්න නම් බෑ.....(නු)

:       0       0

වරුණ Wednesday, 10 October 2012 02:00 PM

මේ වගේ හින්දි චිත්‍රපටයකුත් තිබ්බා (ස)

:       0       0

චතුල වෙරෝනා Wednesday, 10 October 2012 02:09 PM

අපේ පොලිසියෙ අයගෙ බඩ ඔච්චර ලොකු ඈයි?(ස)

:       0       0

අමිල Wednesday, 10 October 2012 02:12 PM

මේ පාර ඇඳපු චිත්‍රේ උසේන් බෝල්ට්ගේ මුණ තියෙයිද දන්නේ නෑ ?(ස)

:       0       0

අචිනි Thursday, 11 October 2012 10:38 AM

මේ වගේ ඇත්ත වසන් කරන දේල් නිසා අපේ රටට කවදාවත් සෙතක් වෙන්නේ නෑ (ස)

:       0       0

ඉරේෂ් Wednesday, 10 October 2012 02:15 PM

මේකත් ඉස්සෙල්ලා ෆොටෝ එක වගේ වේවිද දන්නේ නෑ (ස)

:       0       0

සිරිපාල Wednesday, 10 October 2012 02:26 PM

ඕවා නිකං මිනිස්සු හිනස්සන වැඩ.......(ස)

:       0       0

බණ්ඩාර Wednesday, 10 October 2012 02:35 PM

කටුගෙයි හොරකමට ටයිගර් වුඩ්ස්ගේ පින්තූරයක් පලකලා දුටුතැන අල්ලන්න කියලා. අන්තිමට ඇල්ලුවේ කොයි විදියකටවත් ඒ රූපෙට සමානකමක් නැති මිනිස්සු වගයක් . මේ සිදුවීමට සැක හිතෙන අයගේ රූප නම් ඕන තරම් ඇති ඇඳපුවා. (ස)

:       0       0

දයා, සෞදියේ සිට Wednesday, 10 October 2012 02:38 PM

ඕක බොරුවක් නේද. කටුගෙයි හොරු චිත්‍රයෙන්ද ඇල්ලුවේ . චිත්‍ර අදින කෙනා ඒ මිනිස්සුන්ව දැක්කනම් කමක් නෑ , ඇදපුවාවේ (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Wednesday, 10 October 2012 02:39 PM

ඊයේ ෂර්ලොක් හෝම්ස් කතාකරනවා නිව්ස් වලට පෙන්නුවා. මේක 'සිදුකරගත්' ආකාරය බලා හිටියා වගේ කීවා. දැන් තියෙන්නේ අදාළ රටවල්වල වගකිව යුත්තන්ට පොලීසියට ඇවිත් කටඋත්තර දෙන්න කියලා තානාපති වරුන් මගින් දැනුම් දෙන්න විතරයි. (ස)

:       0       0

සිල්වා Wednesday, 10 October 2012 02:49 PM

මෙගා ටෙලි නාට්‍යක දෙවෙනි කොයස තමයි මේ (ස)

:       0       0

ප්‍රියන්ත Wednesday, 10 October 2012 03:02 PM

පොලිසියෙනුත් දැන් චිත්‍ර ප්‍රදර්ශන තියෙනවද ? (ස)

:       0       0

කමල් Thursday, 11 October 2012 12:12 PM

කාගෙ වගේද දන්නෙ නැහැ හැඩ රුව ආවේ..!(නු)

:       0       0

සංජීව Wednesday, 10 October 2012 03:21 PM

ලුම්බිණි කියන කතාව ඇත්ත.අන්තිමට ඔබාමා මේකට මාට්ටු වේවි (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන්, සෞදි Wednesday, 10 October 2012 03:27 PM

චිත්‍ර ඇඳට වැඩක් නැහැ. ඒ මහතාට දැන් අමතක වෙලා ඇති.(ස)

:       0       0

රජිත් Wednesday, 10 October 2012 03:22 PM

අන්දරේලා වේදිකා නට්‍ය දැන් පෙන්වනවා (ස)

:       0       0

සමන් Wednesday, 10 October 2012 11:20 PM

නියම හොරු හතරක්.(නදී)

:       0       0

හසිත් Thursday, 11 October 2012 01:05 PM

කෝ තාම දැම්මේ නෑනේ පින්තූරය (ස)

:       0       0

වාසල Wednesday, 10 October 2012 03:41 PM

ඇත්තටම මටත් තියෙන ප්‍රශ්නය තමයි පොලිසියේ ලොක්කෝ බොහොමයක් බඩ මහත උදවිය (නි)

:       0       0

ලමාක් Wednesday, 10 October 2012 03:51 PM

මේ පාර ටයිගර් වූඩ් ගේ පින්තුරය බාවිතා නොකර ක්‍රිස් ගේල් ගේ පින්තුරය බාවිතා කරන්න(ස)

:       0       0

උදයංග Wednesday, 10 October 2012 03:57 PM

අවසානෙට කුඩු කාරයෙක් අල්ලගනීවි (ස)

:       0       0

ගාමිණී-කුවෙයිට් Thursday, 11 October 2012 12:25 AM

කහවත්තෙ ඝාතකයන්ගේ සුලමුල සම්පූර්ණයෙන්ම සොයා ගැනීමට පෙර ලංකාදීප පත්‍රයට අදහස් ලියා එවපු අය කොතරම් දොස් කීවාද, පොලීසියට. අද බලන්න ගම්වැසියන් පොලීසියට ස්තූති කරන අතර ඔවුන්ගේ කැපවීම අගය කරනවා. ඒ වගේම අපේ දක්ෂ නිලධාරීන් මෙම සිද්ධියේත් සුලමුල සම්පූර්ණයෙන්ම සොයාගනීවි , හැකි ඉක්මනින්. ඒවාට අපි අපේ සහයෝගය දියයුතුයි. ඔවුන්ගේ වැඩකටයුතු හා පරීක්ෂණ කරන ආකාරය හෑල්ලුවට පත්නොකළ යුතුයි. සමච්චල් සහගතව අදහස් පළකළ යුතුයි. පොලීසිය දිරිමත් කළයුතුයි. (නි)

:       0       0

මුතු Wednesday, 10 October 2012 04:37 PM

ෂා.......මෙන්න වැඩ මේවාට තමයි මාර වැඩ කියන්නේ (ස)

:       0       0

කුමාර Wednesday, 10 October 2012 04:44 PM

මේවා බොරු වැඩ නේ . (ස)

:       0       0

නසාර් Wednesday, 10 October 2012 04:53 PM

මෝහණය කලොත් අල්ලන්න පුළුවන් (ස)

:       0       0

අනුර Wednesday, 10 October 2012 05:03 PM

ලුම්බිණිට මමත් එකගයි. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හරිනිගේ - විජිතගේ මුද්දර සිහිවටන තිළිණ පමණයි
2024 ඔක්තෝබර් මස 10 0 0

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක


සටන් විරාමයකට හිස්බුල්ලා කැමතියි
2024 ඔක්තෝබර් මස 10 44 0

ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය


දිස්ත්‍රික්ක තුනකට නාය යාමේ අනතුරු ඇඟවීම්
2024 ඔක්තෝබර් මස 10 84 0

දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්


වැඩබලන අගවිනිසුරු දිවුරුම් දෙයි
2024 ඔක්තෝබර් මස 10 1844 0

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මූර්දු නිරූපා බිදුශිනී ප්‍රනාන්දු මහත්මිය අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර ද


සයිබීරියාවට පනින්න ගිය බංගලදේශ ජාතිකයන් 08 ක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 10 495 0

කූඨ ලෙස සකස් කර සර්බියානු වීසා බලපත්‍ර භාවිතා කරමින් කටාර් රාජ්‍යයේ දෝහා නුවර ඔස්සේ සර්බියාව වෙත පළා යාමට තැත් කළ බංගලදේශ ජාතිකයන් 08 දෙනෙකු අද(10 ) උදෑසන


තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 85 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39702 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25813 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 8 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 372 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1230 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site