IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


'සක්කාරං' චිත්‍රපටයේ රතීට පණ දෙන ප්‍රසාදින

2016-05-27-ent-160

නම - ප්‍රසාදිනී අතපත්තු

පාසල - මලියදේව බාලිකා විද්‍යාලය, කුරුණෑගල

උපන් ගම - කුරුණෑගල පොතුහැර

පවුලේ විස්තර - අම්මා තාත්තා අයියා මම.

වෘත්තිය - ගුරුවෘත්තිය. කොළඹ විශාඛා විද්‍යාලයේ නාට්‍ය හා රංගකලාව.

 

2016-05-27-ent-159කලාවට සම්බන්ධ වෙන්නේ?

2004 මට කැලණිය විශ්වවිද්‍යාලයට ආවට පස්සේ තමයි වේදිකා නාට්‍යවලට සම්බන්ධ වුණේ.

 

මුලින්ම සම්බන්ධ වූ නාට්‍ය ගැන මතක් කළොත්?

දුමිඳු දොඩංතැන්නගේ රයිනෝසිරස් කියන නාට්‍යයේ පෙළ මතක් කරන්නා විදියට තමයි සම්බන්ධ වුණේ. ඊට පස්සේ ප්‍රියංකර පෙරේරා මහතාගේ ඊඩිපස් කියන නාට්‍යයට සම්බන්ධ වුණා. එතනින් එහාට ජෙහාන් ශ්‍රි කාන්ත්ගේ සින්දු 5යි කෝල් 5යි කියන නාට්‍යයට සම්බන්ධ වුණා.

 

වේදිකාවෙදි ඔබ ඇගයීමට පවා ලක්වුණා?

ඔව්. මට යෞවන සම්මාන හොඳම සහාය නිළියට හිමි සම්මානය ලැබුණා. ඒ ජෙහාන් ශ්‍රී කාන්ත්ගේ සින්දු 5යි කෝල් 5යි නාට්‍යය වෙනුවෙන්.

 

ධර්මසේන පතිරාජ මුණගැහෙන්නේ කොහොමද?

විශ්ව විද්‍යාලයෙන් පිටවෙලා රැකියාවක් ලැබෙනතුරු කාලයේදී මම ප්‍රසන්න විතානගේ මහතා ළඟ වැඩ කළා. ඔහුගේ ආකාස කුසුම් චිත්‍රපටය කරන කාලේ ඒකේ ප්‍රචාරක වැඩකටයුතුවලට දායකවෙලා හිටියා. ඔය කාලේ තමයි මට ප්‍රසන්න මහතා කිව්වේ පතිරාජ සර් අලුත් Film එකකට අලුත් මුහුණක් හොයනවා කියලා. මට තවත් කිහිප දෙනෙකුත් මේ ගැන කිව්වා. ඒ හරහා තමයි එතුමව හම්බ වුණේ.

 

සක්කාරං පොත ඔබ කියවූ කෙනෙක්ද පිටපතට කළින්?

ඔව්. මම කියවලා තිබුණා.

 

කොහොමද ඔබට රතී කියන චරිතය දැණුනේ?

ඇත්තටම පිටපතට වඩා සක්කාරං කෘතිය තුළ රතී කියන චරිතය පැතිරිලා තිබුණා. ප්‍රධාන වෙලා තිබුණා. පිටපතේ නම් කතාවන් දෙකක් පසුබිම් වෙලා තිබුණා. එකක් භූමිය පදනම් කරගත්තු කතාවක් සහ රතී. නිලමේ සුබේ කියන තිදෙනා අතර සිදුවන සිද්ධීන් පැතිරෙනවා.

 

කොහොමද ඔබ මේ චරිතයට සූදානම් වුණේ?

ඇත්තටම වැඩි කාලයක් තිබුණේ නැහැ. මොකද රූපගත කිරීම් පටන් ගන්න ළංවෙලාම තමයි මම දැනගත්තේ මාව රතී කියන චරිතයට තෝරාගත්තා කියලා. මම නැවත වතාවක් පොත කියවලා තමයි රතී චරිතය ගොඩනගා ගත්තේ.

 

කොහොමද රතීට ලැබෙන ප්‍රතිචාර?

හොඳයි. මොකද මාව ගොඩක් අය දැනගෙන හිටියේ වේදිකාවෙන්. ඉතිං මේ මගේ පළමු සිනමා නිර්මාණය. අලුත් මුහුණක් සිනමාවට. ගොඩක් හොඳ සුබවාදී ප්‍රතිචාර තියෙනවා.

 

හරි. ඒ රතී කියන චරිතයනෙ. පොදුවේ සක්කාරං චිත්‍රපටයට ලැබෙන ප්‍රතිචාර ගැන කිව්වොත්?

හොඳ ප්‍රතිචාර ලැබෙනවා. ගොඩක් පොත කියවපු අය මෙහි ඇති වෙනස ගැනත් කතා කරනවා. මමත් දැක්කා හොඳ නරක දෙකම ඇතුළත්ව විචාර පවා ලියවිලා තියෙනවා. කොහොමත් ඕනෑම නිර්මාණයක දෙපැත්තක් තියෙනවනේ.

 

ධර්මසේන පතිරාජ ගැන කිව්වොත්?

මට ඇත්තටම මාව තෝර ගනීවි කියන එකට ලොකු බලාපොරොත්තුවක් තිබ්බෙ නෑ. ඒකට කාරණා කිහිපයක්ම බලපෑවා. මම ගුරු වෘත්තියට ආපු මුල්ම කාලේ නිසා මට නිවාඩු ලබාගන්න තිබ්බ අපහසුව. අනිත් කාරණාව තමා පතිරාජ වගේ මෙරට සිනමාවේ දැවැන්තයකු මාව තෝරා ගනීවි කියන එක. මොකද මම නවක කෙනෙක්, මගේ තිබුණු ආධුනිකත්වයත් එක්ක මම වගේ කෙනෙක් ගනීවිද කියන දේ මගේ හිතේ තිබුණා. මේ කියන චකිතයත් එක්ක තමා මම පළමු දර්ශනයට පවා මුහුණ දුන්නේ. නමුත් දර්ශන තලයේදී තේරුණා සැරපරුෂ නැති ඉතාම සංයමයෙන් කටයුතු කරන පුද්ගලයෙක් කියන එක. ඒ නිසාම තමා මම වගේ ආධුනික කෙනෙක්ට මේ චරිතය හොඳින් කරන්න පුළුවන් වුණේ. ඉතිං මම ලබපු භාග්‍යයක් ඔහු වැනි දැවැන්තයකු ගේ නිර්මාණයකින් සිනමාවට එන්න ලැබීම.

 

ඉදිරියේදී ඔබ රඟපෑ නිර්මාණ තියෙනවද?

සිනමාව පැත්තෙන් නම් නැහැ. නමුත් වේදිකා නාට්‍ය 2ක් මේ දවස්වල කරනවා. මගේ දුවට තාම අවුරැදු 1 ½යි. ඉතිං එයාගේ වැඩකටයුතුත් එක්ක සහ මගේ වෘත්තිය ගුරු වෘත්තිය නිසාත් කාලය වෙන්කර ගැනීමේ ගැටලුවක් තියෙනවා. හොඳ නිර්මාණයකට සම්බන්ධ වෙන්න නම් කැමැත්තක් තියෙනවා.

 

පුංචි තිරයට සම්බන්ධ වෙන්නෙ නැද්ද?

මම නිර්මාණ 3කට වගේ සම්බන්ධ වුණා. සුමිත්‍රා රාහුබද්ධගේ නටු නැති මල් නාට්‍යය. සත්තුෂ ලියනගේ මහතාගේ ටෙලි චිත්‍රපටයකට පවා මම කලින් දායක වුණා. වර්තමානේ දීර්ඝ නාට්‍යයනේ ගොඩක් තියෙන්නේ. ඉතිං ඒ වෙනුවෙන් කාලය කැප කරන්න ඕන. මට කාලයක් වෙන්කර ගන්න තමා අමාරු.

 

පෞද්ගලික තොරතුරු ටිකකුත් කතා කරමු. ඔබේ සැමියත් කලාවට සම්බන්ධද?

නැහැ. ඔහු ඩයලොග් ආයතනයේ මෘදුකාංග ඉංජිනේරුවෙක් විදියට කටයුතු කරන්නේ.

 

කොහොමද ඔහුව මුණගැහෙන්නේ?

ඔහුව මුණගැහුණේ මව්පියන් විසින් හොයල දුන්නු විවාහ යෝජනාවකින්.

 

ඔහුගෙන් කලාවට ලැබෙන දායකත්වය?

ඇත්තෙන්ම මම හරිම වාසනාවන්තයි. මොකද ඔහු කලාවට සම්බන්ධ නොවුණාට ඔහු තමා මගේ හොඳම විචාරකයා. මොකද ඔහුට හොඳට කලාව ගැන අවබෝධයක් තියෙනවා.

 

අනාගත බලාපොරොත්තු?

මගේ දරුවාව හොඳ යහපත් කෙනෙක් කිරීම. මට ඉඩ ලැබෙන විදියට කලා කටයුතුවල නියැලීම. ගුරු වෘත්තිය තුළ රැඳෙන අතරතුර, මගේ රංගන හැකියාව පෙන්නුම් කිරීමට හැකි නිර්මාණවලට දායක වීම.

 

අවසාන වශයෙන් ස්තූති කරන්නෙ....?

ඔව්. විශේෂයෙන්ම මගේ මව්පියන්ට. මොකද රැකියාවක් නැති කාලේ ඉඳන්ම මට කලාවට යොමුවෙන්න හැම අතින්ම උදව් කළා. එයාල නිසා තමා මම අද මෙතැන ඉන්නේ. ඒ වගේම අද වනවිට මගේ සැමියත් මට විශාල ශක්තියක් වෙනවා. ඒ විතරක් නෙවෙයි මට වචනයකින් හරි උදව් කළ සැමට ස්තූතියි.

 

අනූෂා රණසිංහ

සේයාරූ | සුමුදු 

 

DESHAYA

 

2016-05-27-ent-158
2016-05-27-ent-157



අදහස් (0)

'සක්කාරං' චිත්‍රපටයේ රතීට පණ දෙන ප්‍රසාදින

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 263 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 214 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 489 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 335 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 905 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


ත්‍රිරෝද රිය හෙලකට පෙරැලී දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 02 359 0

සිය දරුවන් දෙදෙනා පෙර පාසලට සහ උපකාරක පන්තියට තම ත්‍රී රෝද රථයෙන් රැගෙන යමින් සිටි පියෙකු දෙනියාය කිරිවැල් දොළ මාර්ගයේ බෑවුම් සහිත වංගුවකදී ත්‍රීරෝ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38667 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 952 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 331 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site