(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
කළුතර උතුරු පොලීසිය තුළදී සැකකරුවෙකු වු විශ්‍රාමික ගුරුවරයකුගේ පහරකෑමට ලක්වු පොලිස් පරීක්ෂකවරයෙකු අද රෝහල් ගත කළ බව කළුතර උතුර පොලිසිය කියයි.
එලෙස රෝහල් ගත කර ඇත්තේ සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කරන සිසිර ෆොන්සේකා මහතාය.
ඉකුත් මැතිවරණ සමයේදී කාන්තාවකට පහර දී නිල ඡන්ද පත්‍රිකාව ඉරා දැමීම සම්බන්ධයෙන් සැකකාර විශ්‍රාමික ගුරුවරයාට එරෙහිව පැමිණිල්ලක් කලුතර ප්‍රදේශයේ කාන්තාවගෙන් ලැබී තිබූ අතර එම දිනවල සිට මෙම සැකකරු ප්‍රදේශය හැර පලා ගොස් තිබිණි.
අද එම සැකකරු කළුතර බස් නැවතුමේ සිටින බවට ලද තොරතුරක් අනුව එම ස්ථානයට ගිය සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් දැඩි පරිශ්‍රමයක් දරා සැකකරුව අත්අඩංගුවට ගෙන පොලීසියට රැගෙන ඒමෙන් පසු පහරදීම සිදුකර තිබූ බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කිරීම සඳහා පොලිස් පරීක්ෂකවරයා සූදානම් වීමේදී එකවරම පොලිස් නිලධාරියාගේ මුහුණට වැර යොදා සැකකරු අතින් පහරක් එල්ල කර තිබු අතර එම පහරින් පොලිස් පරික්ෂකවරයා විසිවී ගොස් යාබද බිත්තියේ ගැටී ඇතැයි ද පොලිස් නිලධාරියකු පැවැසීය.
පහර කෑ පොලිස් පරීක්ෂකවරයා මේ වන විට නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන බව එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
සැකකරු පොලිසියේදීම පොලිස් පරීක්ෂකට පහරදෙයි
kamil Thursday, 17 December 2020 06:04 PM
20වැනි සංශෝධනයේ ප්‍රතිඵල ඔය පටන් අරන් තියෙන්නේ...
jagath G Thursday, 17 December 2020 06:07 PM
පොහොට්ටුවෙ නාගරික මන්ත්‍රීලා පොලිස්පතිටත් නොගැහුවෙත් අපි පුදුම නොවෙ... 20 උණුසුම...
BamunuarachchiSaturday, 19 December 2020 02:29 PM
මට පෙනෙන්නේ ඔහෙටයි අර ඉහත කමෙන්ට් එක දාපු කමිල්ටයි... මලබද්ධය ආවත් 20 වෙනි සංශෝධනය නිසා කියයි. අනේද කියන්නේ මෙහෙව් අයටත් ශිල්ප සෑදේ.
Perera Thursday, 17 December 2020 06:22 PM
ඔය ගුරා ළමයින්ට උගන්නපුවා හිතාගන්න පුළුවන්.
karu Thursday, 17 December 2020 10:21 PM
නියමයි.. එහෙම තමයි මේ දුපතේ පොලිස් කාරයින්ට සලකන්න ඕනෑ. ඔය අසූචි පාට කෝට් එක දාගත්තම මහා රාජ උෟෂ්ණයක් අපේ රටේ පොලිස්කාරයින්ට එනවා. මේ වගේ මිනිස්සු තව දහස් ගණනින් බිහිවේවා...
Raveendra Friday, 18 December 2020 12:57 AM
විශ්‍රාම ගුරුවරයා මෙසේ නීතියට අවනත නොවී "සුනඛයකු" ලෙස හැසුරුනේ නම් මොහු සේවයේ යෙදී සිටින කාල වකවානුවේ "මෘගයකු" ලෙස ක්‍රියා නොකරේ යයි කිසිවෙකුට කිවහැකිද? කෙසේ වෙතත් "මෙම කාලකන්නි ගුරා කිනම් හෝ දේශපාලුවෙකුගේ අධමයෙක්" බව නම් ස්ථිරයි.
ලුම්බිණි Friday, 18 December 2020 01:04 AM
පාසලේ උගන්නන කාලේ කොහොම ළමයින්ට සැලකුවද කියලා හිතාගන්න පුළුවන්...
Prabha Friday, 18 December 2020 10:17 AM
විශ්‍රාමික ගුරුවරයෙකුගේ වැඩ... මෙයාගෙන් ඉගෙන ගත්ත ගෝලයින්ට අබ සරණයි.
kamalSaturday, 19 December 2020 08:36 AM
මෙයාගෙන් දෙයක් ඉගෙන ගන්න තිබ්බද? ටියුෂන් ගුරෙක් නම් නිකන් හරි දෙයක් කියන්න තිබුණා.
thushaari Saturday, 19 December 2020 11:26 AM
එක රටක්, එක නීතියක්... ඔන්න පටන් අරන් දේශපාලකයෝ පොලිසි පාලනයට...