(ගයාන් සූරියආරච්චි)
අධිවේගී මාර්ගයේ දේපොළ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් සැකකරුවකු පොලිස් ජංගම රථයෙන් වත්තල පොලිසියට බාරදීම සදහා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවෙන් මිදී පලාගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කටුනායක පොලිස් ස්ථානයට අනුයුක්ත සැරයන්වරයකුගේ වැඩ තහම් කර ඇති බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය පවසයි.
මෙසේ වැඩතහනමට ලක්ව ඇත්තේ කටුනායක පොලිසියට අනුයුක්ත අධිවේගී මාර්ග සංචාරක පොලිස් කෝට්ඨාසයේ සීදූව අනුපාලක ස්ථානයේ සේවය කළ සැරයන්වරයකු බව එම කොට්ඨසාය පවසයි.
එම සැරයන්වරයා සහ පොලිස් සැරයන් රියැදුරකු කටුනායක සිට ඔරුගොඩවත්ත ඉගුරුකඩේ දක්වා ජංගම සංචාර රාජකාරියේ යෙදී සිටියදී අධිවේගී මාර්ගයේ දේපොළ සොරකම් කිරීමක් සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයන් පිරිසක් විසින් පුද්ගලයකු අල්ලා ජංගම සේවයේ යෙදී එම සැරයන්වරයාට බාරදී තිබේ.
පසුව පොලිස් නිලධාරීන් දෙදෙනා ජංගම රථයෙන් සැකකරු වත්තල පොලිසියට බාරදීම සදහා රැගෙන යමින් සිටියදී සැකකරු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලාගොස් ඇති බව පොලිසිය පවසයි.
එම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි රාජකාරියේ යෙදී සිටි සැරයන්වරයාගේ වැඩතහනම් කළ බව අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය කියයි.
අමාත්‍යවරුන්ට පැවරෙන ආයතන විෂයන් සහ කාර්යයන් ඇතුළත් ගැසට් නිවේදනය අද නිකුත් කරනු ලැබීය.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
සැකකරු පලා ගියැයි සැරයන්ගේ වැඩ තහනම්
නිහාල් Sunday, 02 June 2024 09:55 PM
පොලිස් ආරක්ෂාව යටතේ සිටියදී සැකකරුවන් ඝාතනය වීමට මොකද කරන්නේ